IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නුවරඑළිය අධිකරණයේ නඩු තාවකාලිකව අත්හිටුවන්නැයි නිතීඥ සංගමයෙන් ඉල්ලීමක්

 

(රංජිත් රාජපක්ෂ) 

කොවිඩ් 19 වයිරසය ආසාදනය වු අපරාධ විමර්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු නුවරඑළිය අධිකරණ සංකීර්ණයට පැමිණීම නිසා නුවරඑළිය මහාධිකරණය, දිස්ත්‍රික් අධිකරණය සහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු 16 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවන ලෙස එම අධිකරණ භාර විනිසුරුවරුන්ගෙන් අද (04) ඉල්ලීමක් කළ බව නුවරඑළිය නීතිඥය සංගමයේ සභාපති නීතිඥ ගාමිණි සේනානායක මහතා පැවසීය.
 

නුවරඑළිය නීතිඥය සංගමයේ විශේෂ රැස්විමක් අද පැවැත්වු බවත්, එහිදි සියලු නීතිඥ්‍යවරුන් ඒකමතික තීරණය කරනු ලැබුවේ අධිකරණ කටයුතු 16 දින දක්වා තාවකාලිකව අත්හිටුවන ලෙස විනිසුරුවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට බවත් ගාමිණි සේනානායක මහතා කියා සිටියේය.
 
මේ සම්බන්ධයෙන් එම විනිසුරුවන් තිදෙනාගෙන් එම ඉල්ලීම කල බවත්, එම ඉල්ලීම අධිකරණ සේවා කොමිසන් සභාව වෙත ඉදිරිපත් කර අධිකරණ සේවා කොමිසන් සභාවේ උපදෙස් පරිදි ඉදිරි කටයුතු කරන බවට එම විනිසුරුවන් තිදෙනා තම සංගමයට දැනුම් දෙන බව පැවසු බවයි ගාමිණි සේනනායක මහතා කියා සිටියේය.
 
අපරාධ විමර්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු ඉකුත් මස 26 දින නඩු කටයුත්තක් සදහා තම අධිකරණ සංකීර්ණයට පැමිණ පසුව එම නිලධාරියා කල පි.සි.ආර්. වාර්තාව අනුව ඔහුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරියා එ බව නුවරඑලිය පොලිසියට දැනුම් දි ඇති බවද ගාමිණි සේනානායක මහතා පැවසිය.
 
නුවරඑලිය අධිකරණ සංකිර්ණය නුවරඑලිය මහ නගර සභාවේ සෞඛ්‍යය අංශ විසින් විෂබිජහරණයටද ලක් කෙරිණ.



අදහස් (0)

නුවරඑළිය අධිකරණයේ නඩු තාවකාලිකව අත්හිටුවන්නැයි නිතීඥ සංගමයෙන් ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site