(ටී.කේ.ජී.කපිල )
ඕමානයේ සිට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (16) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
කිරිබත්ගොඩ , කුරුණෑගල පදිංචි කාන්තාවන් තිදෙනකු ,බේරුවල ප්‍රදේශයේ පදිංචි පිරිමි ගුවන් මගියෙකුත් මෙසේ රේගු අත්අඩංගුවට පත් වී තිබේ.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි එක් කාන්තාව , මීට පෙර අවස්ථාවකදී ද ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් රැගෙන පැමිණීමේ දී කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන්ට හසු වූ කාන්තාවක් බව රේගුව සදහන් කරයි .
අද(16) ඕමානයේ සිට පැමිණි , ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 0381 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඔවුන් විසින් රැගෙන පැමිණි ගමන් මලු තුළ , දුම්වැටි වර්ග 03 කට අයත් , රුපියල් 52,47,800 ( පනස් දෙලක්ෂ හතලිස් හත් දහස් අට සීයයක්) ක් වටිනා දුම්වැටි 90,000 ක් අඩංගු , දුම්වැටි කාටූන් 450 ක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නීතී විරෝධි දුම්වැටි සමඟ සිව් දෙනකු අත්අඩංගුවට