(ක.ග.කරුණාරත්න)
ආරක්‍ෂිත පක්‍ෂීන් විශේෂයක් වන ලබු ගිරවුන් තිදෙනෙකු මුදලට විකිණීම සඳහා ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අද (12) පොලොන්නරුව කදුරුවෙල, මුස්ලිම් කොළණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු කියති.
කදුරුවෙල මුස්ලිම් කොළණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු සුරතල් පක්‍ෂීන් අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යන අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලයේ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදුකර තිබේ.
සැකකරු හෙට (13) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයිද ඒ නිලධාරීහු පැවැසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd