(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත, මුගුණුවටවන කරවිටාගාර වීර කැළේවත්ත ප්‍රදේශයේ කොහු සකස් කිරීමේ මට්ට වළක තිබී මළ සිරුරක් අද (28) හමුවූ බව හලාවත පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ බිංගිරිය බෝවත්ත වදුරැස්ස ප්‍රදේශයේ පදිංචි සරා හෙවත් මල් සරා නමින් හැඳින්වෙන පුද්ගලයෙකි. මිය ගිය අය සම්බන්ධයෙන් වෙනත් විස්තරයක් මෙතෙක් හෙළි වි නැති බවත් පොලිසිය කියයි.
මිය ගිය අය පන්කොළ පෙට්ටි පැදුරු ගමින් ගමට ගෙන යමින් විකුණු අයෙකු වන බවත් ඔහු කරවිටාගාර ප්‍රදේශයට පැමිණ අලෙවි කටයුතුවලින් පසු දින කිහිපයක් ප්‍රදේශයේ නතරවී සිටින බවත් දිනපතා අධික ලෙස මත්පැන් පානය කර ගීත ගයමින් තැනින් තැන යන බවත්, අනාවරණය වී ඇත.
ඔහු ඊයේ (27 ) රාත්‍රියේ ද ගම පුරා ගී ගයමින් සැරිසරමින් සිටි බවද පොලිසිය කියයි.
අද උදෑසන මළසිරුර දුටු ප්‍රදේශවාසීන් ඒ බව පොලිසියට දන්වා ඇත.
සිරුර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ගෙනයාමට නියමිතව ඇත.
හලාවත මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
204
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොහු වළකින් මළ සිරුරක් හමුවෙයි