(උපුල් තම්මිට)  

කහටගස්දිගිලිය රත්මල්ගහවැව මාර්ගයේ නයාකාපුවැව ගම්මානයේ වනඅලියෙකු පහරදීමකින්  පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනෙකු අනූනවයෙන් ජීවිත බේරාගෙන තිබේ.


මෙසේ මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය නයාකාපුවැව ගම්මානයේ පදිංචි ගාමිනී වීරසූරිය(43) නැමැති දෙදරු පියෙකි.

මියගිය පුද්ගලයා නිවස පිටුපස ගවගාලට යමින් සිටි අවස්ථාවේදී එකවර මගරැක සිටි අලියා පහර දීමත් සමග ඔහුගේ කෑගැසීම ඇසී එතැනට පැමිනි ගම්වාසීන් දෙදෙනෙකු පසුපසද අලියා  පන්නා ඇති අතර ඉන් එක් අයෙකු අසළ ගසකට නැග ජීවිතය බේරාගෙන ඇති අතර පසුව කහටගස්දිගිලිය පොළිස් ස්ථානයේ නිළධාරීන් පැමින වන අලිය පළවා හැරීමට කටයුතු කර තිබේ.

මියගිය පුද්ගලයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.