(විජේරත්න රත්නායක)
මස් පිණිස ඝාතනය කිරීම තහනම් වූ එළ වැස්සියන් හොර රහසේ ඝාතනය කර විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අද (20) හාලිඇල ගව ඝාතකාගාරයේදී බදුල්ල පොලිස් කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශය මඟින් අත් අඩංගුවට ගනු ලැබීය.
මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත අදාළ නිළධාරීන් විසින් කළ වැටලීමේදී මස් පිණිස ඝාතනය කිරීමට සූදානම් කර තිබූ එළ වැස්සියක් පොලිස් බාරයට ගෙන ඇති අතර ඊයේ (19) ඝාතනය කරන ලදැයි කියන ගැබිණි එළදෙනකගේ කුස තුළ තිබූ කළලයක්ද මස්මඩුව අසළ වළදමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
මෙම ජාවාරම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇත්තේ නුවරඑළිය පාර අඹවක හාලිඇල පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් සහ පූනාගල පාර බණ්ඩාරවෙල පදිංචි 45 හැවිරිදි අයෙකි.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාගේ උපදෙස් මත බදුල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී.ඒ.පී.එන්.රණසිංහ මහතා ඇතුළු නිළධාරීන් විසින් අදාළ වැටලීම සිදුකර සැකකරුවන් හාලිඇල පොලීසිය වෙත භාරදී තිබේ.
හාලිඇල පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එළ වැස්සියන් ඝාතනය කරවිකිණීමේ ජාවාරමක්