(එෆ්.අස්ලම්)
කඩවත ගෝනහේන මූලගන්ධකූටි මහා විහාරය සහ වෑබඩ පුරාණ රජමහ විහාරය යන උභය විහාරයන්හි විහාරාධිපති සියනෑ අළුත්කූරු දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය ඇඹරළුවේ පඤ්ඤාසීහ හිමියෝ අද (16) අපවත් වූහ.
අපවත් වනවිට 95 වන වියේ පසු වූ උන්වහන්සේ දෙල්ගොඩ කල්‍යාන ප්‍රදීප පිරිවෙනේ අධ්‍යක්ෂ ධූරයද දැරූහ.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේම්වරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ එස්.කේ.කේ.සූරියාරචිච් මහතා සමග එක්ව ප්‍රදේශයේ මහත් සේවාවක් සිදුකිරීමට කැපවූ පඤ්ඤාසීහ හිමියෝ ගෝනහේන කණිෂ්ඨ විද්‍යාලය ,ගෝනහේන මහා විද්‍යාලය වර්තමානයේ තත්වයට පත්කිරීම ඇතුළු ප්‍රදේශයේ කළ කාර්යන් රැසක ගෞරවාදරයට පත් හිමිනමකි.
අවමංගල පූජෝත්සවය සෙනසුරාදා(19) පස්වරුවේ ගෝනහේන මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd