(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය කන්දකුලිය තාලඅඩිය ප්‍රදේශයේදී, අයිස් මත්කුඩු ග්‍රෑම් 8.1ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අද(6) කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
පුත්තලම ප්‍රදේශයේ සිට මෙම මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි බවත් ඒවා තවමත් කල්පිටියට ආගන්තුක නිසා අඩු මිලකට අලෙවි කරන බවත් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් පිරිස 26, 34 සහ 35 යන වයස්වල පසුවන පුද්ගලයන් බවද පොලිසිය කියයි.
මෙම පිරිස නිවසක මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
කල්පිටිය ප්‍රදේශයෙන් අයිස් මත් ද්‍රව්‍ය සොයා ගත් පළමු අවස්ථාව මෙය බව කල්පිටිය පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd