
(ඩී.ජී.සුගතපාල)
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ නිරෝධායනයට යොමුකර සිටි භික්ෂුන්වහන්සේ නමක් ඇතුලු රැඳවියන් 17 දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බවට අද (19) තහවුරුවී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට පෙරේදා සිදු කරන ලද පි.සි.ආර්. පරික්ෂණ අනුව මෙම රැඳවියන් දාහත් දෙනා ආසාදිතයින් බවට තහවුරුවී ඇත.
ඔවුන් රත්මලේ, දික්වැල්ල, කෝට්ටගොඩ, මාතර, ඇඹිලිපිටිය, අකුරැස්ස, හම්බන්තොට, පන්නිපිටිය, මිරිස්ස, සෙවනගල, අම්බලන්තොට ආදි ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර භික්ෂුන්වහන්සේ කඹුරුගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමකි.
මෙම ආසාදිතයින් ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලවෙත යැවිමට නියමිත බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd