(මුදිතා දයානන්ද)
ආණ්ඩුවට මාස දෙකක් යන්නත් කලින් වියත් මගත්, මහින්ද රාජපක්ෂ අගමැතිගේ කණ්ඩායමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමත් නව ආණ්ඩුව තුළ තම තමන් නියෝජනය කරන කණ්ඩායම්වල බලය තහවුරු කරගැනීමේ ගැටුම පටන් අරන් යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා අද (12) පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ පිහිටි සිරිකොත කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමිනි.
එහිදි තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
මේ මාසයේ 17 වෙනිදාට ආණ්ඩුවට මාස දෙකයි. ඔවුන් ලබපු ඡන්ද ප‍්‍රමාණයට, ඒ වෙනුවෙන් ජනතාවට දුන්න පොරොන්දු ප‍්‍රමාණයට අනුව සළකා බැලූවාම මේ කාලය තුළ කරපු දෙයක් නැහැ. ජීවන බර අඩුකරනවා කිව්වා, වැටුප් ඒ කිසිවක් ඉටුකළේ නැහැ. මේ මාස දෙක තිස්සේම ඔවුන් සැලසුම් කළේ එක්සත් ජාතික පෙරමුණේ හිටපු මැති ඇමැතිවරු අත්අඩංගුවට ගන්නා ආකාරයයි. ඔවුන් හිරේ දාන ආකාරයයි.
වියත් මග තමයි අද ගෝඨාභ්‍ය රාජපක්ෂ ජනාධිපතිට උපදෙස් දෙන්නේ. හිටපු හමුදාපති, දැන් වරායේ සභාපති කියනවා අට පාස් එය පාර්ලිමේන්තුවට එවන්න එපා කියලා. එතුමා කාටද මේ කියන්නේ. ඒ ගැන අපිත් දැනගන්න අවශ්‍යයි. ආණ්ඩුවේ ඉන්න අටපාස් නැති අය කැබිනට් එකේ ඉන්න අටපාස් අය කවුද කියල අපිටත් දැනගන්න අවශ්‍යයි.
මේ ආණ්ඩුව බලයට ගෙනාපු වියත් මගේ අය මහමැතිවරණයේදි ඡන්දේ ඉල්ලන්න හදනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ කන්ඩායමත් තමන්ගේ බලය තහවුරු කරගන්න හදනවා. ඒ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඊළග පාර්ලිමේන්තුවේ තමන්ගේ බලය හදාගන්නේ කෙසේද කියලා සැලසුම් කරමින් ඉන්නවා. දයාරත්නායක මහතා අටපාස් අය පාර්ලිමේන්තු එවන්න එපා කියන එකෙන් යම් ඉගියක් දෙන්නේ වියත් මගේ අය පාර්ලිමේන්තුවට එවන්න කියන එකයි. ඒ නිසා අද වැඩියෙන්ම අර්බුදයට පත්වෙලා තියෙන්නේ එජාපය නෙවෙයි ආණ්ඩුවයි.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බලය තහවුරු කරගැනීමේ ගැටුම පටන් අරන්