IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


‘‘සියලු ආගම් - ජාතීන් සුරකින රටක් නිර්මාණය කරනවා‘‘

(එෆ්.අස්ලම්)

බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙන අන් ජාතින් සුරක්ෂා කරන ජාතිආගම් බේද නැති ඒකීය ශ්‍රීලංකාවක් ගොඩනගන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (10) වැනදා පැවසීය.

එමෙන්ම මේ රටේ මත්ජාවාරම්කරුවන්,ත්‍රස්තවාදීන්,ස්ත්‍රී දූෂකයින් ළමා අපචාරකරුවන් කප්පම්කරුවන් සහ මුළින්ම විනාශ කර දමන බවද හෙතෙම කියා සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කර තිබූ ජනරැළියක් අද (10) වැනිදා බදුල්ල වීල්ස් පිටියේදී පැවති අතර එම රැළිය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

එම රැළියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

                  ‘‘මේ භූමිය මට කිසිම දචසක අමතක වෙන්නේ නැහැ.ඒ මොකද හරින් ප්‍රනාන්දු මැතිතුමාගේ නායකත්වයෙන් මේ දිස්ත්‍රික්කයේ සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා ඒ හැමදෙනාම  සහභාගී වෙලා  එදා මට බදුල්ලෙන් ලැබුණු හයියෙන් තමයි මට ජනාධිපති අපේක්ෂකත්වයට එන්න පුළුවන් වුණේ කියන එක මම කිසිම දවසක අමතක කරන්නෙත් නැහැ.

අනිවාර්යෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයට කෙළෙහිගුණ දක්වනවා කියලා මේ අවස්ථාවේදී කියනවා.විශේෂයෙන්ම මට මතක් වෙනවා  එදා බොහෝ මැතිඇමතිතුමන්ලා හරින් ප්‍රනාන්දු මැතිතුමාගේ නායකත්වයෙන්  රවී සමරවීර මැතිතුමා , ලක්ෂ්මන් සෙනෙවිරත්න මැතිතුමා , වඩිවෙල් සුරේෂ් මැතිතුමා ඇතුළු සියළුම සංවිධායකලාගේ කිසිම බේදයකින් තොරව හැම දෙනාම එකට ඇවිත් කීවා මෙවර අපේක්ෂකත්වය ලබාදෙන්නට ඕන සජිත් ප්‍රේමදාසට කියලා.

ඒ හයියෙන් තමයි මම ඒ ජවසම්පන්න ගමන ඉදිරියට යන්නේ.මේ බදුල්ලෙන් තමයි මට ඒ පෝෂණය ලැබුණේ.මේ ඌව පළාතෙන් තමයි මට ඒ ශක්තිය ලැබුණේ.අනිවාර්යෙන්ම ඌව පළාතෙන් පටන් ගත්ත දෙයක් කවදාවත්ම වරදින්නේ නැහැ.16 වැනිදාට අපි නියත වශයෙන්ම මේ රටේ  ජනාධිපති පුටුව දිනාගන්නවා.

මේ බදුලු පුවරයේ බදුළු මැතිවරණ කොට්ඨාසයේ  සියළු දෙනාට කියන්න කැමතියි මහල් නිවාස විප්ලවයක් ඇතිකරලා, මහල් නිවාස සංකීර්ණ ඇති කරල බදුල්ල මැතිවරණ කොට්ඨාසයෙත් මුළු දිස්ත්‍රීක්කයේත්  නිවාස ප්‍රශ්නය 2025 වෙනකොට අවසන් කරනවා.

ඒ පමණක්  නොවෙයි විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ තේ කර්මාන්තයෙන් ජීවත් වන කුඩා තේ වතු හිමියන් ඇතුළු ඒ තේ කර්මාන්තය ගොඩනගන්නට අපි කටයුතු කරනවා.

විශේෂයෙන්ම වී වගාව විතරක් නෙවෙයි කුළුබෝග එළවළු පළතුරුවගාව හේන් තේ පොල් රඹර් වගාව සුළු අපනයන වගාව මේ හැම වගාක්‍රමයකටම නොමිලේ පොහොර ලබාදීල අපේ රටේ කෘෂිකර්ම විප්ලවය අපි ආරම්භ කරනවා.

අපේ රටේ පාසල් දූ දරුවන් 44,00000 ටම අපි නිල ඇදුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි දිවා ආහාරයයි අපි ලබාදෙනවා.දුගී දුප්පත්කම තුරන් කිරීමේ සමෘද්ධි වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින්  කෙටි කාලයක්  තුළ දුගී දුප්පත්කම තුරන් කරන්නට සමෘද්ධියයි , ජනසවියයි දෙකම ලබාදෙනවයි කියන එක මං මේ අවස්ථාවේදී කියන්නට කැමතියි.

යොවුන් පරපුර වෙනුවෙන් තාක්ෂණ විද්‍යාගාර ආරම්භ කරලා නව තාක්ෂණය ඒ අධ්‍යාපනය ලබාදීල ඩිජිටල් විප්ලවය බදුලු පුරවරයටත් ඩිජිටල් විප්ලවය අරගෙන ඇවිල්ලා යොවුන් පුරපුර රැකගන්නවා ආරක්ෂාකරනවා කියන එක මම කියන්න කැමතියි.

හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අපි කරමාන්ත පුරවරය බැගින් ආරම්භ කරනවා.ඒ කර්මාන්ත පුරවරය ආරම්භ කළාම හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම ජීවත් වන තරුණ පරපුරට ප්‍රදේශයේම රැකීරක්ෂා ලබාගැනීමේ  අවස්ථාව ලැබෙනවා.

එහෙනම් හිතාදර මිත්‍රවරුනි හල්දුමුල්ල,හපුතලේ, ඇල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ ,ඌව පරණගම,  හාලිඇල, බදුල්ල ලුණුගල, පස්සර, සොරණාතොට, කන්දකැටිය, මීගහකිවුල රිදීමාලියද්ද, මහියංගණය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 යොවුන් පරපුරට කර්මාන්ත පුරවර 15ක් ආරම්භ කරලා යොවුන් පරපුරට හයිය ලබාදීල යොවුන් පරපුරට ගැම්ම ලබාදීල යොවුන් පරපුරට ශක්තිය ලබාදීල මේ රටේ අනාගතය තීන්දු කරන තැනට අපේ යොවුන් පරපුර මේ රජයේ කොටස් කරුවන් බවට පත්කරනවා.

පෙරපාසල් අධ්‍යාපනය අපි සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙනවා.ගුරුතුමියන්ලාට සහාය පාලිකාවන්ට  අපි රජයෙන් වෙනම වැටුප් ලබාදෙනවා.පෙරපාසල් වෙනුවෙන් වෙනමම ශාලා ගොඩනැගිලි පහසුකම් ළමා උද්‍යාන වෙනමම හදලා අහිංසක  පෙර පාසල් දූදරුවන්ට දිවා අහාරය සමඟ නොමිලයේ පෙරපාසල් අධ්‍යාපනය ලබාදෙමින් අපේ රටේ පෙරපාසල් 19000ම ක්‍රියාත්මක කරනවා.

ඒ විතරක් නෙවෙයි අපේ රටේ දස ලක්ෂ ගණනක් සිටින ත්‍රීරෝද රථ රියදුරන්ට ඇපයකුත් පොළියකුත් නැතිව ලක්ෂ තුනේ ණයක් ලබාදෙනවා.

සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට අපි සහන ක්‍රමයට ශක්තිය ලබාදෙනවා.ව්‍යාපාරික ප්‍රජාවට මේ තියන බදු බර අයින් කරලා අනිවාර්යෙන්ම සරල බදු ක්‍රමයක් තුළින් තමන්ගේ ව්‍යාපාර ගොඩනගාගන්නට අවස්ථාව සලසල දෙනවා.

තරුණ පරපුර වෙනුවෙන් ප්‍රඥාප්තියක් අත්සන් කරල ඒක අපි නීතිගත කරනවා.කාන්තා පරපුර වෙනුවෙන් කාන්තාපරපුර වෙනුවෙන් ප්‍රඥාප්තියක් අත්සන් කරල තියෙනවා.සමාජ ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා.කාන්තාවන්ගේ ඒ අවශ්‍යතාවන් ඒ ඉල්ලීම් වෙනුවෙන් අපි පෙනී සිටිනවා පමණක් නෙවෙයි අනිවාර්යෙන්ම මේ රටේ 51.8% ක් වූ කාන්තා පරපුර රකින්නේ ස්ත්‍රීන් 100 ක් දූෂනය කරපු සභාපතිට ප්‍රියසම්භාෂන උත්සව දුන්නු ඒ වගේම විදේශීය කාන්තාවන් දූෂනය කරපු සභාපතිවරුන්ව රැකගත්තු අපේ ප්‍රතිවාදීන්ට නෙවෙයි. 51.8% ක මේ රටේ කාන්තාවන් සුරක්ෂා වෙන්නේ සජිත් ප්‍රේමදාසයි හංසයයි ජයග්‍රහණය කළොත් පමණයි කියන එක මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි.

මිත්‍රවරුනි පහුගිය දවසක කාන්තාවන්ගේ සෞඛ්‍ය ප්‍රශ්නයක් ගැන කතා කළා.ඒ කතා කරපු මට මඩ ගැහුවා.හැබැයි මේ ඇත්තෝ මොනවද කළේ.කියන්න කණගාටුයි මාවනැල්ල ප්‍රදේශයේ අපේ ප්‍රතිවාදී රැස්වීමකට සහභාගී වූ කාන්තාවකට අතවර කළා.

එහෙම තමයි කාන්තාවන්ට අපේ ප්‍රතිවාදී කණ්ඩායම් සලකන්නේ.මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි අපි ත්‍රස්තවාදීන් විනාශ කරනවා.අපි කුඩු ජාවාරම විනාශ කරනවා.අපි කප්පම් ජාවාරම විනාශ කරනවා.මිනිමරුවෝ ස්ත්‍රී දූෂකයෝ විනාශ කරනවා.ළමා අපචාරකරුවන් විනාශ කරනවා.

අනිවාර්යෙන්ම මේ රට සුරක්ෂිත දේශයක්.ඒකීය ශ්‍රීලංකාවක්.ජාතිවාදය ජාතිභේදය,ආගම්භේදය නොමැති ඒකීය බෞද්ධකමට මුල්තැන ලබාදෙන අනෙකුත් ආගම් සුරක්ෂා කරන අනෙකුත් ජාතීන් රැකගන්න සුරක්ෂිත සද්ධන්ත ජවසම්පන්න ශ්‍රීලංකාවක හංසයා දිනවනවා.මිත්‍රවරුනි තමුන්නාන්සේලා 16 වැනිදාට පොදුජන යුගයක් වෙනුවෙන් පොදුජන යුගයට ශක්තිය දෙමින් හංසයා දිනවන්න‘‘යැයි සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරන මෙම රැළිය සදහා එක්සත් ජාතික පක්ෂයේ හරින් ප්‍රනාන්දු,රවීන්ද්‍ර සමරවීර,ලක්ෂ්මන් සෙනෙවිරත්න,චමින්ද විජේසිරි, අසාද් සාලි ඇතුළු  මැති ඇමතිවරුන් මෙන්ම පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින් රැසක් සහභාගී වූහ.

 

 



අදහස් (0)

‘‘සියලු ආගම් - ජාතීන් සුරකින රටක් නිර්මාණය කරනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32960 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15593 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 116 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site