(ශාන්ත චන්ද්‍රසිරි)
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දුන්නේ ජනාධිපතිවරණය සේම මහ මැතිවරණයත් පරාජය වන බව දන්න නිසා යැයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවැසීය.
තලවකැලේ, ලිඳුල, මටේකැලේ වත්තේ අද (22) පැවැති වතු කම්කරු හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහෙදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.
‘‘මහ මැතිවරණය මෙහෙයවන්න රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබා දී තිබෙනවා. ඒ ජනාධිපතිවරණය සේම ඉදිරි මහ මැතිවරණයත් පරාජයවන බව දන්න නිසයි.
ජනාධිපතිවරණය මෙහෙවන්න සජිත්ට දුන්නා. මොකද උණේ ඒක පරාදයි. එක්සත් ජාතික පක්ෂයට මහ මැතිවරණයේදී සිදුවන්නෙත් ජනාධිපතිවරණයේදී සිදුවු දෙයමයි. ඒ දේ පිළිබඳව අපි අප්‍රේල් 27 කතා කරමු.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටුවත් එක්ව තරග කිරීම සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් නැහැ. එදා ගැටළුවක් තිබුණ නිසයි අපි වෙනම පක්ෂයක් හදා ගත්තේ. ඒ පක්ෂය ලඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ඇවිත් ඉන්නවා.දැන් ඔවුන් අපිත් එක්ක එකතු උනාණේ. ඒ නිසා ඒ පිළිබඳව අපි ගැටළු හදා ගතයුතු නැහැ.
මැතිවරණයේදී අපේක්ෂකත්වයන් සම්බන්ධයෙන් අපි එක කතිකාවකට එනවා. පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් පක්ෂ නායක රැස්වීමක් තිබෙනවා. එම රැස්වීමේදී තීන්දු කර ගන්නවා ඉදිරි මැතිවරණයේ අපේක්ෂකයන් බෙදීයාම සම්බන්ධයෙන් අපි හැමදාම මැතිවරණයන්ට තරග කරන ලද්දේ සමගි පෙරමුණක් විදිහටයි.
අපි හැමදාම මැතිවරණයන්ට මුහුණ දෙන විට ඒ සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමේ කටයුතු සිදු කළා. ඒ ඒ පක්ෂවලට දෙන්න පුළුවන් නියෝජිත ප්‍රමාණයන් අපි ඔවුන්ට ලබා දෙනවා. ඒක ගැටළුවක් කර ගන්න අවශ්‍ය නැහැ‘‘ යැයි ඇමැතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
70
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
355
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
365
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘රනිල් සජිත්ට නායකත්වය දුන්නේ මහමැතිවරණය පරාජය වනබව දන්න නිසයි‘‘
Chathuri Monday, 24 February 2020 01:47 PM
දැන් රනිල් සුමනදාසගේ රැකියාවද කරන්නේ පේන කියන එක, මෙහෙමත් ගොන්නු ජනාධිපති වරණයෙන් පැරදුණු කියන්නේ කොහොමද? දෙන්නෙක්ට ජනාධිපති වෙන්න බැහැ.. ගෝඨා දිනුම් කියන්නත් බැහැ. සජිත්ට ජාතිභේද නැතිව රට වැසියා ඡන්දෙ දුන්නු ගෝඨාට වැඩිය ටිකයි අඩු... නමුත් ජනාධිපති වුණාට මුස්ලිම්, දෙමළ ජාතිකයින් අකමැත්ත පෙන්නුවා. ඒක ජනාධිපති කෙනෙකුට හොඳ නැති දෙයක් ඔහුව ලෝකේ දියුණු රටවලින් පිළිගන්නේ නැහැ රැජිනගේ ඇරයුම් ලැබුනෙත් නැහැ. මහින්දටත් නැහැ. එය කණගාටුවට කරුණක් ඒ නිසා තමයි දෙන්නා එකතුවෙලා. සයින්ද මාරුවල ආණ්ඩුවක් හදන්න යන්නේ දෙන්නට රජ වුනොත් ඇති රටට වෙන විනාසෙට වැඩිය අයියගේ පාලනයේදී සුනාමි මල්ලිට කොරෝනා පින් බලය වැඩි කමට වෙන්න ඇති... චීනය වැටෙන්න කළින් අපි වැටෙනවා.
Bamunuarachchi Monday, 09 March 2020 01:51 AM
‘‘රනිල් සජිත්ට නායකත්වය දුන්නේ මහමැතිවරණය පරාජය වනබව දන්න නිසයි‘‘ ඔව් ඒක අපි දන්නවා.. ඒ විතරක් නොවෙයි, රනිල් පොහොට්ටුවට ඡන්දයත් දෙනවා. ඒ ගොල්ලන් කැමති නැහැ... සජිත් වගේ කෙනෙකුට දෙවැනි වෙන්න.
ranjith Saturday, 21 March 2020 12:36 AM
වෙදගත් දෙයක් කියන්න බැරිද ඔහොම ගම්වලත් ඉන්නවා මිනිස්සු අල්ලපු ගෙදර කුණු අවුස්සන.