IMG-LOGO

‘විනාශ වූ රට යළි ගොඩනගන්න රජය කටයුතු කරනවා’

(තිලකරත්න දිසානායක) 
 
පසුගිය කාලයේදී විනාශවූ රට වත්මන් රජය ගොඩනැගීමට කටයුතු  කරමින් සිටින බවද, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ පසුගිය රජය සමයේ වැරදි වැඩ කළ දේශපාලනඥයින් සම්බන්ධයෙන් විනයානුකූලව නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (16) ගම්පහදී පැවසීය. 

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීය. 

“අද රටේ පවතින නිදහස සහ පිබිදීම මත තරුණ තරුණියන් නගර අලංකරණය පිණිස පින්සල අතට ගෙන විවිධ නිර්මාණ කරනවා. මේ සියල්ල කරනු ලබන්නේ ස්වේච්ඡාවෙන්. නමුත් පසුගිය කාලයේදී වැරදි වැඩ කරපු , හොරකම් කරපු , දේශපාලන පළිගැනීම් කරපු දේශපාලනඥයින්ට අද රිදිලා. තමන් කරපු දේවල්වලට ඔවුන්ට අද විඳවන්න වෙලා තිබෙනවා. අද ඒ අය නිදහසක් නැහැයි කියල ප්‍රකාශ කරනවා. නමුත් රටේ පොදු ජනතාව අද නිදහසේ සතුටින් සිටින ආකාරයක් පෙනෙන්නට තිබෙනව. මේ රජය බලයට පත්වූදා පටන් ජනතාව නිදහස භුක්ති විඳින ආකාරය පේනවා නේද? 

ඇතැම් දේශපාලනඥයින් පසුගිය කාලය පුරා පළිගැනීම් කරලා, වැඩක් නොකර ඉදලා කරපු දේවල් අපිට කිව්වේ ඒ රජයේ නිලධාරීන්මයි.  පළිගත්ත ආකාරය කියන්නෙ නිලධාරීමයි. ඒ රජයෙ හිටපු සොලිසිටර් ජනරාල් වරුන් දෙදෙනෙකුම කිව්ව. මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානියා කිව්ව.  

හිටපු ඇමතිවරුන්ගෙන් අද මාධ්‍යවේදීන්ට ප්‍රශ්නයක්වත් අහන්නට බැහැ. විකෘති මානසිකත්වයෙන් තමයි කටයුතු කරන්නෙ. මේ වගේ දේශපාලනඥයින් කියන දේවල් අද රටේ ජනතාව පිළිගන්නෙ නැහැ. 
 
වත්මන් රජය යටතේ,  පසුගිය කාලය තුළ විනාශ වූ රට ගොඩගැනීමට අපි කටයුතු කරනවා. නමුත් පසුගිය කාලයේදී වැරදි වැඩ කරපු දේශපාලනඥයින් සම්බන්ධයෙන් අද පොලීසිය මගින් විනයානුකූලව නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ ක්ෂේත්‍රය භාර අංශ එම කටයුතු සිදු කරාවි. අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා" යැයිද කීය.



අදහස් (2)

‘විනාශ වූ රට යළි ගොඩනගන්න රජය කටයුතු කරනවා’

Sarath Tuesday, 17 December 2019 07:11 AM

හොරා

:       0       2

lalithm Tuesday, 17 December 2019 07:43 AM

පක්ෂ දෙකම පසුගිය අවුරුදු 70 තිස්සෙම ඔය ගීතය ගැයුවා. රටට වෙච්ච කිසි හොඳක් නැහැ. දේශපාලුවන්ගේ නම් කඳ බඩ දේපල දියුණු වුනා. හත්මුතු පරම්පරාවල්ම යෙහෙන් දහමෙන් සෙමෙන් ගතකරනවා. පොදු ජනයා නම් බඩ පොත්තට ඇලිලා ලංකාව දියුණු රටක් වෙනකම් බලා ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 4 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 345 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 817 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site