(බිඟුන් මේනක ගමගේ )
මීළඟ ආණ්ඩුවේ බලවත් චරිතය වනු ඇත්තේ ජනාධිපතිවරයා නොව අගමැතිවරයා යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මේනක හරන්කහ මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් උණුසුම් සාකච්ඡාවක් රටේ හටගෙන තිබෙන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සමාජයට ඇති අනවබෝධය නිසා යැයි ද ඒ මහතා කීවේය.
19 වැනි සංශෝධනයේ ක්‍රියාත්මක වීම නිසා මීළඟ ජනාධිපතිවරයාට මෛත්‍රිපාල සිරිසේන මහතාට තරම්වත් බලයක් නැතැයි ද ඔහු හෝ ඇය බල රහිත දුර්වල නාමික ජනාධිපතිවරයකු වනු ඇතැයි කී හෙතෙම එවැන්නෙකුගෙන් රටේ පරිවර්තනයක් අපේක්ෂා කිරීම මිථ්‍යාවක් යැයි අවධාරණය කර කීය.
එහෙත් මේ තත්ත්වය ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් නැතැයි ද එනිසා දේශපාලන කණ්ඩායම් එක්ව මේ දිනවල නඩත්තු කරන්නේ ව්‍යාජ දේශපාලන සාකච්ඡාවක් යැයි ද ආචාර්ය හරන්කහ මහතා පැවසීය.
ජනාධිපති අපේක්ෂකයන් යැයි කියන පිරිස් කළයුත්තේ තමන්ගේ සුදුසුකම් ගැන ජනතාවට ඒත්තුගැන්වීමට වඩා තමාට වැඩ කිරීමට සිදුවන්නේ කවර අගමැතිවරයකු යටතේදැයි සොයාබැලීම යැයි ද ජනතාව කළයුත්තේ ඊනියා ජනාධිපති අපේක්ෂකයකු පසුපස දුවන්නේ නැතිව ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගැනීම හරහා වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් බිහිකරගැනීම යැයි ද ආචාර්ය හරන්කහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති වරයට පැවරූ බලතල ජනතා කැමැත්ත නොවිමසාම පාර්ලිමේන්තුවට පවරාගෙන. මෙවැනි රාජ්‍ය බලය පැවරීමකට ජනමත ව්‍යවස්ථාවක් අවශ්‍යමයි...
ජනතාව විධායක බලතල දුන්නේ ජනාධිපතිවරයාට. නමුත් ජනාධිපති ඉවත්වෙන්නේ ඒ බලතල අගමැතිට පවරලා. නැතිනම් පැවරෙන විදියට වැඩ කටයුතු සලස්වලා. මේ සඳහා ජනතා කැමැත්ත අවශ්‍යයි. ඒ ගොල්ලන්ට හිතුමතේට රටේ ජනතාවගේ නායකත්වය හසුරුවන්නට බැහැ.
මොලේ විකෘති වෙලාද? මෙයා හිතන් ඇති ව්‍යවස්ථාව කියන්නේ ටියුෂන් පොතක් කියලා...