IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘එජාපයේ ඉදිරි ජනාධිපති අපේක්ෂක වන්නේ අගමැතිවරයායි‘

(කාංචන කුමාර ආරියදාස)


ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවත් එතුමාට එයට බාධාවක් තිබෙනවා ද එතුමාගේ වෙන මතයක් තිබෙනවා ද යන්න එතුමා විසින් තීරණය කළ යුතු බවත් වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 


මාතලේ නාවුල ප්‍රදේශයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.


ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට නොයෙක් නොයෙක් නම් යෝජනාවී තිබෙන  බවත් සමහර අය ආවොත් ඒ අයට ඇප මුදල වුණත් බඳින්න සූදානම් යැයි ප්‍රකාශයක් කර ඇති බව ද හෙතෙම ඉඟි පළ කරන්නට විය.


 එවැනි අය ජනාධිපතිවරණයට එන එක හොඳ බවත් එහෙත් එන්නට පෙර සිරගත වුවහොත් එය පාඩුවක් බව සඳහන් කළේය.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල සිංගප්පූරු සංචාරයක නිරතව සිටියද අර්ජුන මහේන්ද්‍රන් සමඟ  කිසිදු සම්බන්ධයක් නොමැති බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 


එමෙන්ම අර්ජුන් මහේන්ද්‍ර කොහේ ඉන්නවාද යන්න කිසිවෙක් නොදන්නා බවද හෙතෙම සඳහන් කළේය. එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදේශ ගත වූ පසු දුටු තැන අල්ලන්න රතු නිවේදන නිකුත් කර ඇති අයගේ නිවෙස්වලට ගොස් කා බී එකට සිටින බව හෙතෙම සඳහන් කළේ ය.


රටේ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව අදහස් දැක්වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ මෙම රජය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන බවයි. විපක්ෂය  වීවිධ අවලාද නැගුවද එය රජයට ප්‍රශ්නයක් නොවන බවත් අතීතයේ සිදුවූ ඉතාම හානිකර සිද්ධීන් ඇති වෙන්න රට තුළ ඉඩ නොතබන බවද සඳහන් කළේය.


පසුගිය මැතිවරණයේ දී රජය පිළිබඳව  කුඩා කුඩා ප්‍රශ්න පැවතියද රැකියා පිළිබඳ ප්‍රශ්නය පැවතුනද එහෙත් රටේ බඩු මිල ඉන්ධන මිල තවමත් ඉතා පහළ මට්ටමක පවතින බව හෙතෙම සඳහන් කළේය.



අදහස් (3)

‘එජාපයේ ඉදිරි ජනාධිපති අපේක්ෂක වන්නේ අගමැතිවරයායි‘

shan saudi Monday, 09 July 2018 07:47 AM

ඒ කියන්නේ ගෝඨාබය හෝ මහින්ද විසින් තෝරන කෙනෙක් රටේ ජනපති වෙනවා කියන එකනේ...

:       27       61

kalani Monday, 09 July 2018 08:13 AM

බැලුමක් උඩ යන්නේ පාට අනුව නොව එය පුරවා ඇති වායුව අනුවයි.

:       0       0

shan saudiMonday, 09 July 2018 10:46 AM

වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවෙන් පුරවන්නේ වායු වෙනුවට ජලයනේ ඉතින් උඩ යයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site