(බිඟුන් මේනක ගමගේ)
පාර්ලිමේන්තුවේ සංයුතිය ජනාධිපතිවරණයෙන් ලද ජනවරමට නොගැලපෙන්නේ යැයි ද ඉක්මන් මහමැතිවරණයකට යන්නට සහාය නොදීමෙන් එක්සත් ජාතික පක්ෂය බලවත් දේශපාලන වරදක් කර ඇතැයි ද 'යුතුකම' සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා 'ලංකාදීපයට' අද (18) පැවැසී ය.
කවර සීමාසහිතකම් පැවතිය ද වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රාජ්‍ය පාලනය දැනට කළ යුතු යැයි ද ජනාධිපතිවරයා එය තේරුම් ගෙන කටයුතු කිරීම සතුටට කරුණක් යැයි ද කුමාරතුංග මහතා පැවසීය.
එහෙත් ඇතැමුන් කඩිමුඩි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා කරමින් නැති ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ කරන්නේ යැයි ද ආණ්ඩුවට හිතවත්කම් පාමින් කෙරෙන එවැනි යෝජනා වල අරමුණ වන්නේ රට වැරදි මාවතකට ඇදවැට්ටවීම යැයි ද කුමාරතුංග මහතා ලංකාදීපය සමග සමග දේශපාලන සාකච්ඡාවකට එක් වෙමින් චෝදනා කළේය.
බොහෝ දෙනෙකුට අමතක වී ගිය ද මාර්තු මාසයේදී මාසයේදී පැමිණෙන ජිනීවා මානව හිමිකම් සැසිය රටක් හැටියට අපට මුහුණදීමට සිදුවන විශාලතම අභියෝගයක් යැයි ද කිසිදු බල කඳවුරකට නො වැටෙමින් ආණ්ඩුව අනුගමනය කරන නොබැඳි පිළිවෙත හරහා එය කළමනාකරණය කර ගැනීමට හැකි වෙනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද ඒ මහතා කීය.
ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පිහිටුවීමට නව ජනාධිපතිවරයාට අවස්ථාව ලබා දුන්න ද මහ මැතිවරණයකට යෑමට එක්සත් ජාතික පක්ෂය සහාය පළ නොකළ අතර එසේ ආණ්ඩු මාරුවකට අවස්ථාව දීම ද එජාපය කළ වරදක් යැයි දෙමළ ජාතික සන්ධානය පසුගියදා චෝදනා කළේය.
COMMENTS
මේ රජය පත්කර ගත්තු දූෂිත නිලධාරීන් ගැන, පවුල් සංග්‍රහය ගැන දිල්කා අැසු ප්‍රශ්නවලට මෙයාට උත්තර දෙන්න බැරිවෙලා... බොරුවට මෝඩ විදිහට හිනාවුණා..
මේ අය ඡන්දෙට ඉස්සෙල්ලා කිව්වේ මොනවද, දැන් කියන්නේ මොනවාද...
පිස්සු කතා...........මුනිදාස කුමාරතුංගටත් ලැජ්ජා කරනවා.