(*** විනීතා එම්. ගමගේ)
තම පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර භාවිතා කළ යුත්තේ ප්‍රබල සමාජ ව්‍යාපාරයක් ඇති කිරීම සඳහා යැයි ද මන්ත්‍රී ධුරය ඇතත් නැතත් තමන් වහන්සේ ඒ අරමුණු වෙනුවෙන් දිවි දෙවැනි කොට කැපවන්නේ යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඊයේ (18) පැවසූහ.
ගැටුම්කාරි තත්ත්වයක් ඇතිවන්නේ නම් තමන් එතනින් ඉවත්ව සමාජ ව්‍යාපාරය ගොඩ නැගීම වෙනුවෙන් පමණක් යෙදෙන බවද උන්වහන්සේ කීහ.
රතන හිමියන් මේ අදහස් පළ කළේ රාජගිරිය සදහම් සෙවණේ ඊයේ 18 වැනිදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ තම පක්ෂයට ඡන්දය දුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කනගාටු නොවී මදක් ඉවසා සිටින ලෙසය.
අපේ ජනබල පක්ෂය පිළිබඳව මේ දිනවල සමාජයේ විශාල කතාබහක් ඇතිව ඇති බවත් තමන් වහන්සේ අතුරුදන්ව ඇතැයි ද සමාජයේ ආරංචියක් පැතිර ඇති බවත් රතන හිමියෝ කීහ.
අතුරුදන්ව ඇතැයි කියන තමන් වහන්සේ කොතැනක හෝ නොවැඩි බවත්, සෑම දිනකම රාත්‍රිය ගතකළේ සදහම් සෙවණේ බවත් කී උන්වහන්සේ අතුරුදන් වීමක් හෝ පැහැර ගැනීමක් සිදු නොවු බවත් පැවැසූහ.
ප්‍රශ්නයක් පවතින්නේ නම් සමගි සම්පන්නව එය විසඳාගත යුතු යැයිද අනවශ්‍ය අන්දමින් කතා බහට ලක්කෙරෙන මාධ්‍ය ප්‍රචාර සහිත මාධ්‍ය සංදර්ශනයක් බවට මේ සිද්ධිය පත් කරගෙන ඇතැයි පෙනී යන්නේ යැයි රතන හිමියෝ සඳහන් කළහ.
ඉදිරියේදී ගිවිසුම් ප්‍රකාරව තමන් වහන්සේ දෙන නිර්දේශ මත මන්ත්‍රීවරයා පත් කිරීමට පක්ෂයේ ලේකම්වරයා බැඳී සිටින බවත් උන්වහන්සේ කීහ.
ඉදිරි කාලය තුළ නීතියේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන බවත් සාමකාමීව සාකච්ඡා කරමින් සාධාරණ විසඳුමකට එළැඹෙන බවත් කී උන්වහන්සේ ඡන්දය දුන් ජනතාවට කියන්නේ මේ සම්බන්ධ කනගාටු නොවන ලෙස යැයි ද ජාතික ව්‍යාපාරයක් වෙනුවෙන් ඇති කැපවීම මන්ත්‍රී ධුරයක් ඇතත් නැතත් ඒ අන්දමින්ම ඉටු කරන්නේ යැයි ද රතන හිමියෝ තව දුරටත් කීහ. ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් සඳහා දැක්ම හා වැඩ පිළිවෙළ තමන් සතු බැවින් මන්ත්‍රීධුර ඇතත් නැතත් එම වගකීම ඉටු කරන බව උන් වහන්සේ පැවැසූහ.
COMMENTS
ඔය කියන සමාජ මෙහෙවර කරන්න රතන හාමුදුරුවන්ට පාර්ලිමේන්තුවේ අවුරුදු 5ක කාලයක් තිබුණා. කළාද? ඒ හින්දා නැවත පාර්ලිමේන්තුවේ යාමෙන් ඵලක් නැහැ. ඒ අවස්ථාව දෙන්න ඕනේ ඥානසාර හාමුදුරුවන්ට... අනිත් හාමුදුරුවරුන්ට රාජපක්ෂ මහත්වරු වෙනුවෙන් කතා කරන්න තියෙන අයිතිය හා සමාන අයිතියක් ඥානසාර හාමුදුරුවන්ටත් රට වෙනුවෙන් තියෙනවා. සමහර පිරිස් ඥාණසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තු එන එක ගැන බය වෙන එකම ඇති ඥානසාර හාමුදුරුවන්ට පාර්ලිමේන්තු එන්න. රතන හාමුදුරුවෝ ලැජ්ජා වෙන්න ඕනේ වෙලා තියෙන වංචාවට... මෙතන හරියට ඡන්ද ගන්න ඥාණසාර හාමුදුරුවන් පාවිච්චි කරලා පස්සේ පැත්තකට දානවා වගේ වැඩක් කරලා තියෙන්නේ... රතන හාමුදුරුවන් අවංක නම් එහෙම වුනේ කොහොමද?
ඉතා ආත්මාර්ථකාමී ස්වරූපයෙන් කටයුතු කළබව කිහිප වරක් පෙන්වා තියනවා. වාහන බලපත්‍රය විකිණීම මහජන මුදල් පිට් පොකට් ගැසීමක්... යහපාලනය හා විරසක වූයේ කෘෂිකර්ම ඇමතිකම නොදීම නිසා බවට කතාවක් තියනවා. මෙවර තමන් නොව ඥාණසාර හිමියන් පාර්ලිමේන්තු යැවිය යුතුයැයි මීටින් වල ප්‍රකාශ කළා. තමා ඉල්ලූ ගම්පහින් ප්‍රතික්ෂේප වුණු නිසා මන්ත්‍රීකමක් හිමි නැහැ. සසුනට ඉතා අශෝභන විදිහට කතා කරනවා. හැසිරෙනවා. මේවත් ආර්ත්මාර්ථකාමී බව නිසා කරන වැඩ....
බුදුරජාණන් වහන්සේ බුදුදහම තුළින් නෙමෙයිද ප්‍රබල සමාජ සුබ සාධනයක් කළේ..?
දැන් ඉතින් වෙස් මූහුණ ගැලවිලා නියම ස්වරූපය මතුවෙලා ඉවරයි. ආපසු නම් ඡන්දය ඉල්ලා එන්න එපා. අවුරුදු 15ක් කරපු බොරු දැන් අපිට පැහැදිලියි. ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට මිසක් අපි මෙයාට දුන්න ඡන්දයක් නැහැ. මොන මගුලකට ආපසු එනවා ද?
රතන හාමුදුරුවෝ 2005 සිට දැන් අවුරුදු 15ක් පාර්ලිමේන්තුවේ හිටියා. හාමුදුරුවෝ අතහරින්න කියා ගිහියන්ට කියනවා මිසක් අත්හරින්න කියා හාමුදුරුවරුන්ට කියන කෙනෙක් නැහැ. අතහැරීම කියා මීට පසු ගිහියන්ටවත් නොකියනවා නම් හොඳ නැදද්ද? බණ කියන විට අත්හරින්න කියන විටම සමහරුන්ට ඔය හාමුදුරුවරු 3 දෙනාගේ ආසන පොරය මතක් වෙනවාලු...
හාමුදුරුවන් ඇතුළු මේ රටේ සියලු පුරවැසියන්ට ඡන්දෙ ඉල්ලන්න අයිතියක් තියෙනවා. නවත්තන්න ඕනේ හාමුදුරුවරු ඡන්දෙට ඉල්ලන එක නෙමෙයි, මුනි බණ වෙනුවට කියන අමුතු බණ සහ තමන් විවිධ ඵලවලට ආවා කියල කරන බෞද්ධයින් නොමඟ යැවීම... සමහර හාමුදුරුවරු සෝවාන් වෙලාලු. සමහර හාමුදුරුවරු අරහත් ඵලයට ඇවිල්ලලු. තව සමහරු සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් මුකුත් නැතුව කෙලින්ම බුදු වෙලා. බුදු වෙනකොට සුදු වෙනවා. නවත්තන ඕනේ මේ විදිහට සිවුරේ ඉඳගෙනම බුදු දහම විකෘති කිරීම. කාලෙකට ඉස්සෙල්ල බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍ර වුණු සුමධුර බණ දේශනා කළ අමිතානන්ද හාමුදුරුවෝ කතා කරන්නත් බැරි තරමට රෝගී වෙලා කියල ප්‍රවෘත්තියක් දැක්කා. බුදුසසුනට වෙනම අමාත්‍යාංශයක් තිබුණත් අමිතානන්ද හාමුදුරුවෝ සුවපත් කරන්න කිසිදෙයක් කරලා නැහැ. රටට, ජාතියට, සම්බුද්ධ ශාසනයට කෙරෙන කෙනෙහිලිකම් පාවාදීම් ගැන කතා කරන්නයි... ඥානසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තු යන්න ඕනේ..
රතන හාමුදුරුවෝ දැන් අවුරුදු කීයක් හිටියද? වැඩක් කළේ නැහැනේ.. ඥාණසාර හාමුදුරුවන්ට දෙන්න.
එය ලැජ්ජාවකි. විකාරය නැවැත්වීම වඩා හොඳය. මහජනතාව ගරු නොකරනු ඇත. ඔබ කොතැනට යනු ඇත්දැයි සිතා බලන්න
එතකොට නිර්වාණයට මොකද වෙන්නේ?
මමනං කියන්නෙ රතන හාමුදුරැවෝ දැං මේ විකාර අතෑරලා මහන වෙන්න. සාසනයටවත් වැඩක් කරන්න බැරි වෙන එකක් නෑ...