(නිමල කොඩිතුවක්කු)
“දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම දීමට ඉඩක් නැති හෙයින් ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒම මගින් ඕනෑම ත්‍රස්තවාදියකුට මරණ දඬුවම දීමට හැකියාව ලැබෙන බව” රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී පැවැසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් ත්‍රිවිධ හමුදාවට සැකකටයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකියාව නොලැබුණත් යෝජිත ප්‍රතිත්‍රස්ත පනත තුළින් යුද, නාවික, ගුවන් යන ත්‍රිවිධ හමුදාවටම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලතල ලැබෙතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවට ඊයේ (13) එක්වෙමින් කිරිඇල්ල මහතා මේ බව පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද කීය.
“ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා පවතින පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ 1979 වසරේදීයි. 1974 වසරේ දී මහා බි්‍රතාන්‍යය, උතුරු අයර්ලන්ත ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉදිරිපත් කළ පනත අනුසාරයෙන් මේ පනත ඉදිරිපත් කළේ.
1979දී අප මේ පනත ගෙනාවට ත්‍රස්තවාදයේ මුහුණුවර අද සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අද ගෝලීය ත්‍රස්තවාදී ව්‍යාපාරය සීමාවක් නැතිව හැම රටකටම පැතිරිලා. මේ නීති යාවත්කාලීන කිරීමේ අරමුණින් තමයි, මේ සංශෝධන ඉදිරිපත් කරන්නේ.
ඇමරිකාව ඇතුළු ත්‍රස්ත තර්ජන ඇති හැම රටක්ම පාහේ ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා මේ ත්‍රස්තවාදී නීති රීති යාවත්කාලින කරනවා. අපේ පනත දැන් අවුරුදු 40ක් පරණයි. ඒනිසා අප මේ යාවත්කාලීන කිරීම් කරන්න හදන්නේ.
නව පනත පිළිබඳ මාස එකහමාරකට විතර කලින් පාර්ලිමේන්තුවේ කතා කරන විට විපක්ෂනායකතුමා මේ සංශෝධනවලට කැමති වුණා. එතුමා කිව්වේ මේ යෝජනා සහන පැකේජයක් හොඳයි කියලයි. අප කමිටුවක් මගින් අවශ්‍ය සංශෝධන ටික කරමු කියා එතුමා පාර්ලිමේන්තුවේ දී පැවසුවා. නමුත් දැන් එතුමා මේ පනත සම්මත කිරීමට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැතිලු.
මේ පනතට ඇයි මේ අය විරුද්ධ වෙන්නේ කියා මට නම් තේරෙන්නේ නැහැ. විරුද්ධ වීමෙන් ඒ අය පෙන්වන්න හදන්නේ ගෝලීය ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා නීති අනවශ්‍යයි ද කියා මා ඒ අයගෙන් අහන්න කැමැතියි.
ෂරියා නීති රීති ගැසට් කළේ මහින්ද රාජපක්ෂ මහතායි. නැගෙනහිර පළාතේ ඉදිකරන විශ්වවිද්‍යාලයට අවසර දුන්නේ ද රාජපක්ෂ මහතායි. යෝජිත සංශෝධනවලට විරුද්ධ වීමෙන් විපක්ෂය බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියා මා අහන්න කැමතියි.
මේ සංශෝධනවල වැදගත් අලුත් තීන්දු ගණනාවක් තිබෙනවා. අද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩුවක් දැම්මොත් මිනිස් ජීවිත අහිමි වී තිබුණත් ඒ ත්‍රස්තවාදීන්ට මරණ දණ්ඩනය දෙන්න බැහැ.
මේ පනත හදා අප ශ්‍රේෂ්ඨාධිකරණයට යැව්වම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්වා දුන්නේ යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මරණ දණ්ඩනය ඇතුළත් කරන්න කියලයි. ඉතින් මේක විශාල වෙනසක්. ඒ අනුව දැන් අපට මේ යෝජිත පනතින් නඩුවක් පැවරුනාම මරණ දඬුවම පනවන්න නීතිමය අයිතියක් ලැබෙනවා.
ත්‍රස්තවාදීන්ට මරණ දණ්ඩනය දීමට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස විරුද්ධ ඇයි කියා අප අහනවා. මේ අය එක්කෙනෙකුවත් මේ පනත පිළිබඳවවත් ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අතිවූ සංවාදය ගැනවත් දන්නේ නැහැ. විපක්ෂය විදියට විරුද්ධ වෙන්න ඕනෑ නිසා මේ අය විරුද්ධ වෙනවා. මේ විදියට, මේ අය පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ.
නව පනතින් තව වැදගත් වෙනසක් වනවා. අද ත්‍රිවිධ හමුදාවට පුද්ගලයන් අත්අඩංගුවට ගන්න බැහැ. නමුත් මේ පනත සංශෝධනය වුණාට පසු හමුදාවට වුණත් සෝදිසි කර පුද්ගලයන් අත්අඩංගුවට ගෙන පොලීසියට බාර දෙන්න හැකියි. ඒක හොඳ නැද්ද කියා අප විපක්ෂයේ අයගෙන් අහනවා.
මේ පනතින් ගෝලීය ත්‍රස්තවාදය පිළිබඳ අපිට අවශ්‍ය කරුණු තිබෙනවා නම් ඒ පුද්ගලයන්ට අපේ රටේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ආකාරයට නීති සංශෝධනය වනවා. අපේ රටේ පුද්ගලයකු නොවුණත් ඒ නෛතික බලය අපිට ලැබෙනවා. මේ කරුණු තමයි මේ සංශෝධනයෙන් ලැබෙන ප්‍රතිලාභ වන්නේ.
මේ සංශෝධන ගේන්නේ රටේ උන්නතිය උදෙසායි. මේවා ත්‍රස්තවාදය වළක්වන්න ගත්ත වැදගත් පියවර වනවා. සමහරුන් දැන් මේ පනත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කඩාකප්පල් කරන එකක් යයි කියනවා.
මේක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද අනුමත කරලා තියෙන්නේ. මාධ්‍ය නිදහසට හානි කරනව නම්, වෘත්තීය සමිතිවලට හිරිහැර වෙනවා නම්, රටේ ව්‍යවස්ථාවට පටහැනි නම් මේක ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරන්නේ නැහැ. ලබන සතියේ හදිසි නීතිය ගන්නවා. එතනදි අප මේ පිළිබඳ විපක්ෂයේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා” යයි ද අමාත්‍යවරයා පැවැසීය.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ කීවේය.
ප්‍රශ්නය: රටේ යම්කිසි සිද්ධියක් වූ විගසම ෆේස් බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කිරීමට රජය පියවර ගන්නවා නේද?
පිළිතුර: වෙබ් අඩවි වාරණයට මා නම් පෞද්ගලිකවම විරුද්ධයි. මා නැගිට්ට වෙලේ ඉඳන් පැය දෙකක් මේවා බලනවා. මට බැණලා තිබෙන ඒවත් මා බලනවා.
දැන් උදේ නැගිටලා ඔබ මොබ යන විට මොනවත් නැහැ. ඒක නිකං උදේට කෑම කෑවේ නැහැ වගෙයි. මට ඇත්තටම ලොකු තනිකමක් පාළුවක් දැනුණා. (සිනාසෙමින්)
මාධ්‍යයත් ඇත්ත වාර්තා කළ යුතුයි. ඇත්තට කාටවත් විරුද්ධ වෙන්න බැහැ. ඒක තමයි වැදගත් වෙන්නේ.
ප්‍රශ්නය: තවුහිත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන තහනම් කළත් එයට අදාළ ගැසට් නිවේදන නිකුත් කර නැහැ නේද?
පිළිතුර: ඒවාට අවශ්‍ය නිති රීති අප හදාගන්න ඕනෑ. ඒවා තමයි අප මේ පනතින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකේ තව ගොඩක් සංශෝධන තිබෙනවා. මම වැදගත් ඒවා විතරයි කිව්වේ යැයි ද කීය.
COMMENTS
ඇයි, ත්‍රස්තවාදය විනාශකල ලොව එකම රටේ ඇති ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ, එහෙම තිබුනේ නැතිද?
ඕන ගොනෙකුට යුද්ධ කර හැකි කිවූ මේ ගොන් කටින්ම ඕන ගොනෙකුට ගොන් කතා කියන්න පුළුවන් කියල මේ හරකාම කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන්ද මෙමගින් සනාථ කර ඇත.
ගොන් බූරුවා වුනත් මම දැන් ඇමතියෙක් මලේ.. තව 224ක් මත් ඉන්නවා දියවන්නාවේ මලේ.. ඔක්කොම ගොන්නු, වාචාලයෝ නේද මලේ.. එබැවින් මට සමාවෙයන් මම ඇල්ලයා නේ මලේ..
කරුණාකර ඔය ත්‍රස්තවාදය බිහි කිරීමේ හා හුරතල් කිරීමේ පනත හකුලාගන්න.
අදත් සමහර අපරාධ සඳහා මරණ දණ්ඩනය නියම කෙරෙනවා. නමුත්, කිසිම කෙනෙක් නියත වශයෙන් මරණයට පත් කරන්නේ නැහැ. එබැවින්, ත්‍රස්තවාදීන්ට මරණ දණ්ඩනය දීමට හැකි නීතියක් ගෙන ඒමේ එතරම් අර්ථයක් නැහැ. එමෙන්ම, 30 වසරක පැවති ත්‍රස්තවාදය, පවතින නීතිය යටතේ නැති කිරීමට හැකි වූවා නම් ඕවට තවත් අලුත් නීති කුමටද?
පනත ගෙනෙන්න ඕනෑ අතීතයටත් බලපාන විදියට. ඒකාලේ කඩ ගිනි තියපු ජාත්‍යාල කාරයන්, යාපනේ පුස්තකාලේ ගිනි තියපු දේශප්‍රේමීන් ඇතුළු සේරටම බලපාන විදියට... ඒ පිරිස අමාත්‍ය තනතුරු ලබලා උන්නත් හිරේ දාන්න පුළුවන් වෙන විදියටයි.
එහෙනම් ඒ වගන්ති පැරණි ත්‍රස්ත පනතට එකතු කරන්න. පැරණි ත්‍රස්ත පනත මීට වඩා බලසම්පන්නයි. එ්කයි ත්‍රස්තක්‍රියාවලට සම්බන්ධ පක්ෂ අලුත් පනතට කැමති පැරණි පනතට අකමැති. ඔබලා යුද්ධයක් නොකරපු නිසා මේවා ගැන දන්නේ නැහැ. ඔබලා ඡන්ද කල් දැම්මාම ඊට විරුද්ධව නැගී සිටින ජනතාව මේ පනත යටතේ සිර කරන්න පුළුවන් නේද?
දේශපාලන ඉත්හාසයටම ඉන්න අන්ත අජුතම අයට නම්බු නාමදෙන අය ඉන්න එකම බෞද්ධ කියන රටත් ලංකාවම මිස වෙන කොහේද?
මේ වගේ කතා තමයි මෙයා කියන්න දන්නේ...
ලෝකයේ ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම දෙන්නේ උසාවියේ නොවේ. ඔන්ද ස්පොට්. මිනීමරුවන්ට දඬුවම් කරන්න පනත් ඕනේ නෑ..
ඇමරිකන් උවමනාව ඉෂ්ට කිරීම මොවුන්ගේ අවශ්‍යතාවය වේ.... ඔවුන් දේශයේ පරම ද්‍රෝහීන්ය. මෙම පුද්ගලයන් තම පාලන කාලය අවසන් කරන්නේ මුළු රටම බටහිරයන්ට පවා දීමෙන් අනතුරුවය. සිංහල ජාතිය යටපත්වී දෙමල හා මුස්ලිම් අය රටේ ප්‍රධාන පුරවැසියන් වනු ඇත එය බටහිරයන්ගේ උවමනාවය
ඕනෑම ත්‍රස්තවාදියකුට මරණ දඬුවම දීමට හැකියාව ලැබෙන බව කියනවා. බලාගෙන කැරකිලා එන්න බැරි නැහැ.
ඕනෑම පර වැඩ කළ අයෙකුට මරණ දඬුවම දිය හැකියි
ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ගෙනාවේ අප්‍රේල් 21 ප්‍රහාරයට කලින් නේද. ඒ අනුව මෙම පනත ගෙනාවේ සහරාන්ලට දඬුවන් දෙන්නනම් සහරාන්ලාගේ ක්‍රියා කලාපය කලින් රජය දැනගෙන ද මේ පනත ගෙනාවේ. ඒ කියන්නේ රටේ මිනිස්සු මරණ බව ආණ්ඩුව මුලින් දැනගෙන ඉදිලා තියෙනවා නේද.
ඒ කියන්නේ ඉස්සරහට ජීවිතාන්තය දක්වා ජනතාවගේ මුදලින් කන්න දිදී තියාගන්න තවත් කට්ටිය එකතු වෙනවා. ඔහෙලා ඔය තරම්ම ත්‍රස්තයින්ට මරණ දඬුවම දෙන්න කැමතිනම් මොකද මරණ දඬුවම පැනවීමට විරුද්ධ වන්නේ?