( රංජිත් රාජපක්ෂ)
ජාතික සමගි පෙරමුණේ රටට පෙන්වන තරම් සමගියක් එම පෙරමුණ තුළ නොමැති බවත්, ජනතා විමුක්ති පෙරමුණ තුළ ජනතාව නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ හිටපු පා.ම සි.බි.රත්නායක මහතා පැවසීය.
සි.බී. රත්නායක මහතා ඒ බැව් කියා සිටියේ (07) දින පුඩළුඔය නගරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රියාකාරීන් හමුවූ අවස්ථාවේ පැවති රැස්විමේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සී.බී. රත්නායක මහතා කියාසිටියේ පක්ෂ භේදයකින් තොරව මේ රටේ උපාධිදාරී රැකියා විරහිත අයට පත්විම් ලබාදීමෙන් පසු ඒ පිළිබඳව මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර එම පත්විම් තාවකාලිකව නතර කිරීමට ක්‍රියා කලේ කවුද යන්න පිළිබඳව මේ රටේ ජනතාව හොඳින් දන්නා බවයි.
මේ රටේ කබාසිනියා කළ, බැඳුම්කර වංචාව සිදු කළ, මේ රටේ සංවර්ධනය අඩාල කළ, එක්සත් ජාතික පක්ෂය යළිත් මේ රටේ බලය ඉල්ලා සිටින බවත්, එම බලය ලබා දීමට මේ රටේ ජනතාව කටයුතු නොකරන බව සී.බී. රත්නායක මහතා කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන් මහ මැතිවරණය සදහා ඉදිරිපත් වුවද එය ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණට අභියෝගයක් නොවන බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.




COMMENTS
මේ අනුන්ගේ ජරා වෙච්ච රෙදි සෝදන්න කලින් තමුන්ගේ කුණු පෙරාගත්ත රෙදි කඩමලුටික හෝදලා පිරිසිදුවෙලා අනිත් කෙනාගේ රෙදි හෝදන්න පටන් ගන්‍න. තේරුණාද තාම වයසට එ් ටිකවත් තේරෙන්නේ නැතිව කොහොමද මහජන සේවයට එන්නේ...?
තමන්ගේ යහපත් ප්‍රතිපත්ති කියලා ජනතාවගේ ඡන්දය ඉල්ලන්න නොඑසේ අනුන්ගේ කුණු ගොගවල් අවුස්ස්සලා ඡන්දෙ ඉල්ලන තත්වෙට වැටෙන්න එපා
මේ යක්කුන්ට තවම මොලයක් ලැජ්ජාවක් නැත්ද මේ වෙලාවේ රැස්වීම් තියන්න? මොන පොලිසියද මේවට අවසර දෙන්නේ...?. එකෙකුටවත් මුහුණු ආවරණ නැහැ. කොරෝනා නෙවි තියෙන තරමක් ලෙඩ හැදෙයිනේ...