(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් එකට එක්ව ඉදිරි මහ මැතිවරණයට මුහුණ දීම තුළින් සිංහළ බෞද්ධ, සුළු ජාතින්, මධ්‍යම ප‍්‍රාන්තික සහ ග‍්‍රාමීය ජනතාවගේද ඡන්ද සියල්ල එක්සත් ජාතික පෙරමුණට ලබාගත හැකි බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණ ප‍්‍රකාශ කරති.
ජාතික මැතිවරණයකින් පරාජය වී ඊළඟ ඡන්දයට මුහුණ දෙන අවස්ථාවේදී කවුරුවත් අවශ්‍ය නැතැයි කියා ප‍්‍රතික්ෂේප කිරීමට කිසිවකුටත් අයිතියක් නැතැයි එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ මහලේකම් තීනියාවල පාලිත හිමියෝ පැවසූහ.
ඉදිරි මහමැතිවරණයට මුහුණ දීම සදහා ඉහත නායකයන් තිදෙනාම එකතු විය යුතු බවට වන යෝජානාව ඇතුළත් සංදේශය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ට භාරදීමට එක්සත් ජාතික භික්ෂු පෙරමුණ පියවර ගන්නා බවද තීනියාවල පාලිත හිමියෝ සඳහන් කළහ.
ජනාධිපතිවරණ ප‍්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ලැබිය හැකි මන්ත‍්‍රී ආසන සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ සුළු තරය බවට
පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ එකමුතුකමින් අවස්ථාව ලැබෙතැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ.
එක්සත් ජාතික පෙරමුණ ඉදිරියේ ඇති ප‍්‍රබලම අභියෝගය සිංහල බෞද්ධ ඡන්ද මෙන්ම මධ්‍යම පන්තියත් දිනාගැනීම බව පෙන්වා දුන් තීනියාවල පාලිත හිමියේ ඉහත ප‍්‍රධාන අභියෝග ජයගැනිමට හැකි හොඳම සහ එකම විකල්පය නායකයින් තිදෙනාගේ එකමුතුව බවද කියා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහම, රට, ජාතිය විනාශ කරන පක්ෂයකට කඩේ යන්නේ ඇයි ?
මේ හාමුදුරුවන්ගේ මොලේ පරික්ෂා කරවන්න ඕනේ. නැවත ඩි.එස් සේනානායක මහත්තයා ආවත් මිනිස්සු ඡන්දෙ දේවිද මොවුන් රන්ජන් දමලා රටට සහ ශාසනයට කරපු අවමානයට.
රට කන අයට මුට්ටි අල්ලන්න එපා...
දේශපාලනය පසෙක තබා බුදුදහම දේශනා කරන්න අපේ පල්ලියේ නම් එහෙමයි මහත්මයා සමාවන්න හාමුදුරුවනේ...
අනේ හාමුදුරුවනේ මෙයාලා දිනුවයි කියලා රටට ඇති සෙතේ කුමක්ද?
අපේ හාමුදුරුවනේ ඉතාමත් ඕනෑකමින් ඉල්ලන්නේ..............අපි සැවොම එකතුවෙලා දිනාගත්තු රට විනාසය කරා ගෙනයන්න දායක වෙලා නරකාදියට යන්න පාර හදාගන්න එපා. හාමුදුරුවෝ 90% ක් ඉන්න පැත්තට එකතුවෙලා මේ අවුරුදු 5 රට ගෙනයන්න දෙමු.
බුදු දහම විනාශ කරනවා කියන ප්‍රශ්නෙට මම කියන්නේ......අපිටත් දැනගන්න කියන්නකෝ කොහොමද එජාපය විනාශ කරේ කියලා ? මමත් බොදු සිංහල. හැබැයි ගිරිය යටින් බොරුවට කෑගහන අයට වඩා එජාපයෙන් වැඩක් කරල තියනවා කියල තමා පේන්නෙ. නිදහස් අධ්‍යාපනය , නිදහස් ආර්ථිකය, මහපොළ, පීටරට ශිෂත්ව, අපනයන රූපවාහිනිය පවා ගෙනාවේ කවුද? හමුදාවට කොතලාවල, පොලිසියට එස්.ටී.එෆ් හැදුවේ කව්ද ? අඩුමගානේ කැලණියේ නයි බලන්න පවා යන්න පුළුවන් රනිල්ල කැලණිය පන්සල හදපු නිසානේ. ඔය ගිරිය යටින් ජාතිය වෙනුවෙන් කෑගහන් අය මගෙන් අහනවා ‘‘ඔයාලා මොනාද ජාතියට කොරල තියෙන්නේ" ?
තිස්ස හරියටම හරි... ඔයාට එක දෙයක් අමතක වෙලා තියෙනවා. රනිල් යෝධයා ඉවරකරන්න සියල්ල සංවිධානය කරලා බුෂ්ගෙන් නැවකුත් අරගෙන එනකොට කුමන්ත්‍රණය කරලා රනිල්ගේ ආණ්ඩුව ඉවර කළා. එහෙම නොවුණානම් ඒ වගේම රනිල් කරුණාව ප්‍රභාගෙන් කැඩුවේ නැත්නම් තවම යුද්ධය යනවා.
නිකන් යන්න හාමුදුරුවනේ...
මෙච්චර බුද්ධ ධර්මයට නිගා කළ දේශපාලුවන්ව උස්සලා තියන්නේ බටර් ටිකකුත් අරන් යන්න සජිත් ගාවට.