IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ආර්ථික වේගය 1.6 කට බස්සලා

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් බලය ගනිද්දි 6.7 ක්ව තිබූ රටේ ආර්ථික වේගය එජාපයේ සහ යහපාලනයේ අවසන් දින 35 ගෙවී යනවිට 1.6 දක්වා අඩු වේගයකට ඇද දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා අද (13) ඇඹිලිපිටියේ දී පැවසීය.

ඇඹිලිපිටිය නගරයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයා,

      ‘‘ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද ප‍්‍රතිඵල දැකලා ආණ්ඩු විරෝධී ජනතාව අමන්දානන්දයට පත්වෙලා ඉන්නේ. යුඇන්පිය සහ ජේවීපිය ඇල්පිටිය ඡන්දෙට කලින් කිව්ව දේ ප‍්‍රතිඵලත් එක්ක බොරු වුණා.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන අජිත් පී මාන්නප්පෙරුම මන්ත‍්‍රීවරයා කිව්වේ පොහොට්ටුවට ඇල්පිටිය ඡන්දෙන් පුලුවන්නම් සියයට 57ක් අරං පෙන්වන්න එහෙම කළොත් එයා දේශපාලනයෙන් ඉවත් වෙනවා කියලා. ඔන්න අපි සියයට 57ක් අරං පෙන්නුවා. ඒ වුණාට අපි කියනවා එතුමාට දේශපාලනයෙන් ඉවත් වෙන්න එපා කියලා.

මොකද නොවැම්බර් 17 දා උදේ වෙනකොට, සජිත් පේ‍්‍රමදාස, රනිල් වික‍්‍රමසිංහ ඇතුලු පිරිසට ඉල්ලා අස්වෙලා ගෙදර යන්න පුලුවන්. ඒ සඳහා අවස්ථාව මේ රටේ ජනතාව උදාකරලා දෙනවා.

ඒ වගේම මෑතකදී එකසත් ජාතික පක්‍ෂයට ගිය විජිත් විජය මුණි සොයිසා මන්ත‍්‍රීවරයා අභියෝගයක් කරනවා පුලුවන්නම් බෙන්තර ඇල්පිටිය දිනලා පෙන්වන්න කියලා.

දෙන්නෙක් හිටිය රැස්වීමක කතා කරලා කිව්වේ. විජිත් විජයමුණි සොයිසා මන්ත‍්‍රීවරයාට අපි කියනවා මොණරාගලින් පසු බැස්ස ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයෙන්, එක්සත් ජනතා නිදහස් සංධානයෙන් සමුගත්ත ඔබටත් නොවැම්බර් 17දා වෙනකොට ජනතා පාපහර වැදිලා දේශපාලනයෙන් විසි වෙලා අජිත් පී මාන්නප්පෙරුම යන බස් එකේම නැගලා යන්න පුලුවන් කියලා.

මේ රටේ ආණ්ඩු විරෝධී ජනතාව ගොනුවෙලා තියෙන්නේ පොහොට්ටුව සහ ගෝඨාභය සමඟ බව බෙන්තර ඇල්පිටිය මැතිවරණයෙන් තවතවත් සනාථ වෙලා තියනවා.

මහ බැංකු අධිපතිතමා නිකුත්කළ වාර්තාවක් උපුටා දක්වමින් අද ජාතික පුවත්පත් වාර්තා කරලා තියනවා 2019 අවුරුද්දේ රටේ ආර්ථික සංවර්ධන වේගය 1.6 දක්වා අඩුවෙලා තියනවා.

මහ බැංකු වාර්තාවේන් කියන්නේ  රටේ ආර්ථික වර්ධනය මේ අවුරුද්දේ 1.6යි කියලා. අමතක කරන්න එපා මේ යන්නේ ඉතාම අසාර්ථක මූල්‍ය පාලනයක්, අසාර්ථක මුල්‍ය කළමනාකරණයක් තිබූ එක්සත් ජාතික පක්‍ෂ යහපාලන ආණ්ඩුවේ අවසාන දින 35 බව.

අපි මතක් කරනවා 2014 දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට මේ රටේ ආර්ථික සංවර්ධන වේගය 6.7ක ඉහළ තලයකට ඔසවා තබන්න එදා බලයේ හිටපු මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට පුලුවන් වුණා.

එතුමාගෙන් බලය ගත්ත එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ යහපාලනය බලයෙන් ඉවත් වෙන්න දින 35ක් ආසන්න වෙද්දී රටේ ආර්ථික සංවර්ථන වේගය 1.6 දක්වා අඩුකරන්න කටයුතු කර ඇති බව මහබැංකු අධිපතිතුමාගේ වාර්තාවෙන් පෙන්වා දෙනවිට එක්සත් ජාතික පක්‍ෂයේ සහ පාලනයේ දුර්වලතාව රටට පැහැදිලිව පෙන්වා දෙනවා. 2015 ඉඳලා දිගින් දිගටම මේ රටේ ආර්ථික සංවර්ධන වේගය කඩා වැටුණා. ජාතික ආර්ථිකය විනාශ වුණා.

මේ දත්ත වලින් පෙන්වන්නේ සජිත් පේ‍්‍රමදාස බලයට දිනුවත් , එක්සත් ජාතික පක්‍ෂය නැවත බලයට ආවත් මේ තියන ක‍්‍රමවේදයෙන්  පිටට යාමට ඔවුන්ට හැකියාවක් නෑ කියන එකයි. එක්සත් ජාතික පක්‍ෂය මේ ගෙවා දමන්නේ අසාර්ථක පාලන ක‍්‍රමයක අවසන් දින කිහිපය‘‘ යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

ආර්ථික වේගය 1.6 කට බස්සලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site