IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුව කියන දේවලුයි කරන දේවලුයි අහසට පොළොව වගේ වෙනස්

(*** නිමල කොඩිතුවක්කු)

‘‘නව රජය කියන දෙය සහ කරන දෙය අතර විශාල පරස්පරතාවක් පවතින බවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුමෙන්ම පැහැදිළි වෙතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹ දී ඊයේ (27) පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරුන්ටත් බලතල මුදල් වෙන් කරන බව පැවසුවත් වැය ශීර්ෂවල එවැනි සඳහනක් නොමැති බව ඔහු එහිදී සඳහන් කළේය.
ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

 වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේද කීවේය.

“පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අතුරු සම්මත ගිණුම් මගින් මුදල් ගැනීම පිළිබඳ ජනතාව අතර විශාල කතිකාවක් ගොඩනැගුනා. මේක නීති විරෝධියි කියා අප දිගින්- දිගටම කිව්වා.

පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව මෙවැනි මුදල් වෙන් කර ගැනීම කරන්න බැහැ කියා ප්‍රබල විරෝධයක් තිබියදීත් ඒ සඳහා අවකාශය තිබෙන බව පවසමින් රජය මුදල් වෙන් කර ගත්තා.  මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ගියා.

අපේ රජයේ මුදල් අමාත්‍යවරයාව කටයුතු කළ මංගල සමරවීර මහතා 2019 ඔක්තෝබර් 23 වැනිදා අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කර 2020 වසරේ මුල් මාස හතර සඳහා මුදල් වෙන් කර ගත්තා. නව ජනාධිපතිවරයෙකු පත්වන නිසා අවශ්‍ය මුදල් අනුමත කර ගැනීම එහිදී සිදුවුණේ. මේක තමයි සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය  වන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වුණාට පසු මුදල් ගැනීම සඳහා අතුරු සම්මත ගිණුම ඉදිරිපත් නොකරම  පාර්ලිමේන්තුව විසුරුවලා දැම්මා. ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වූ අගෝස්තු 20 වැනිදා ඇතුළුව අද වෙනකම් නීත්‍යානුකූලව මුදල් වියදම් කිරීමේ හැකියාව මේ රජයට නැහැ.

කොරෝනා වසංගතය හේතුවෙන් විපක්ෂය මේ ගැන ප්‍රබල හඬ නොනැඟුවත්  පාර්ලිමේන්තුවෙන් මෙහි නීතිමය තත්වය පිළිබඳ විසඳා ගත යුතුයි.

පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රජය විශාල ලෙස මුදල් ගෙන තිබෙනවා.  මේ මුදල්  භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට ලැබුණත් ඒවා වියදම් කිරීමට වොරන්ට් බලපත්‍රයක් අවශ්‍යයි.  ඒ සඳහා මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තු අනුමැතිය ගත යුතුයි.

එහෙත් අප්‍රේල් 30වැනිදායින් පසු වොරන්ට් එක ගන්න අනුමැතිය දුන්නේ නැහැ. ඒ නිසා මුදල් වියදම් කිරීමට ගත් තීන්දුව නීති විරෝධී විදියට අපි දකිනවා. දැන දැනම වැරදි කරලා ඒ වැරදි මත තවදුරටත් ඉදිරියට යා යුතුද කියන තර්කය තමයි, මෙතනදි අප මතු කරන්නේ.

ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට පවරා තිබෙන බලය ජනාධිපතිවරයා යටතට කොහොමද ගියේ කියන ගැටලුව මෙතනදි මතුවෙනවා. මෙතනදි ජනාධිපතිවරයාට නැති බලයක් තමයි, එතුමා පාවිච්චි කර තිබෙන්නේ.  ඒ නිසා විශාල නීතිමය ගැටලුවක් මෙතන තිබෙනවා.  
සරලව කිව්වොත් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවෙන් දීපු බලය ජනාධිපතිවරයා ඩැහැගෙන තිබෙනවා. දැන් අප කොහොමද මේ වරද නිවැරැදි කරගත යුත්තේ කියා බැලිය යුතුයි. නොඑසේ නම් මේක රටට නරක පූර්වාදර්ශයක් වනවා.

මැයි 01 සිට ඉදිරිපත් කළ පළමු වැනි අතුරු සම්මත ගිණුමෙන් රුපියල් බිලියන 122ක්  සහ දෙවැනි අතුරු සම්මත ගිණුමෙන් බිලියන 1049 ක් ලෙසත් බිලියන 2280 කට ආසන්න මුදලක් මේ විදියට ගෙන තිබෙනවා.

මැයි 01 වැනිදා ඉඳන් අගොස්තු 31 වෙනකම් මේ මුදල් වියදම් කරන්න කවුද අනුමැතිය දුන්නේ? පනත් සංශෝධනයක් හෝ නව යෝජනාවක් හෝ ගෙනල්ලා මේ වැරැද්ද නිවැරදි කරන්න පුළුවන්ද කියා අප බැලිය යුතුයි.  නීති විරෝධීව සිදුවූ මෙම කාරණාව පිළිබඳ යළි සලකා බැලිය යුතුයි කියලා මා පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තු බලය උල්ලංඝනය කරමින් නීති විරෝධීව කටයුතු කළා කියලා දැන් හෝ රජය කිව යුතුයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අතුරු සම්මත ගිණුම දමා තිබෙන්නේ ලබන සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් මාසය දක්වායි.

ඒ මගින් රුපියල් බිලියන 1700 ක මුදලක් ඉල්ලුම් කර බිලියන 1300 ක ණයක් ගන්න සැලසුම් කරලා. එතකොට ආදායම විදියට පෙන්නුම් කරන්නේ රුපියල් බිලියන 400 කට ආසන්න මුදල පමණයි.

දැන් මේ ආණ්ඩුවේ ආදායම සෑහෙන්න පහළ ගිහින් කියා මෙතනින්ම පැහැදිලියි. මේ ආණ්ඩුව පත්වූ විගස බදු සංශෝධන කරද්දි  රුපියල් බිලියන 500ක පමණ ආදායම අහිමි වෙයි කියලා. අද වෙද්දි ඊටත් වඩා ආදායමක් මේ රජයට අහිමි වෙලා තිබෙනවා.



අදහස් (6)

ආණ්ඩුව කියන දේවලුයි කරන දේවලුයි අහසට පොළොව වගේ වෙනස්

Bamunuarachchi Friday, 28 August 2020 11:41 AM

ඔව් ඔව් ඔලුවෙන් හිටගෙන බලනකොට එහෙම තමයි පේන්නේ. හැබැයි ඒ කාලේ අපිට ඔලුවෙන් හිටගෙනවත් බලන්න දෙයක් යහපාලකයෝ රටට කළේ නැහැ. බැංකු කඩපු එක නම් ඇස්වහගෙන හිටියත් අපිට දැණුනා.

:       8       185

විජේ Saturday, 29 August 2020 12:47 AM

අනේ මේ හර්ශ, පොඩ්ඩක් පැත්තකට වෙලා ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ ක්‍රමේකට ටිකක් වැඩකරන්න දෙන්න. ඊළඟ ඡන්දේදී ජනතාව එයාලට කරන්න ඕනේ මොකද්ද කියලා තීරණය කරයි. බොරුවට හැම දේටම තප්පුලන්න තියාගන්න එපා. ඔයාලාට හම්බවුණු චාන්ස් එකේ ඔයාලා හාගෙන, ගාගෙන, නාගත්තනේ. ඔයා දැන් ඔය කතාකරන්නේ කටින්ද? ඔයාලගේ ආණ්ඩුවෙන් කරපු එකම හොඳ දේ තමයි ඔයා දාපු ඇම්බියුලන්ස්. ඒකට තියන ගරුත්වයත් නැති කරගන්නෙ නැතුව කට වහන් ඉන්න. තමුන්ගේ හිතවතෙක්ට එහෙම කරදරයක්/ වුවමනාවක් වුණු නිසා ඔයාට ඒකේ වුවමනාව තේරුණා, නැත්තං ඔයාලා අවස්තාවාදීන්නේ...

:       0       0

kamal Saturday, 29 August 2020 08:30 AM

පටු පක්ෂ දේශපාලනය නිසා රටට අහිමි වූ තවත් කෙනෙක්... කණගාටුයි.

:       67       0

kumara Saturday, 29 August 2020 03:38 PM

වැඩබැරි කයිවාරු කාරයෙක්.. රවී කරුණානායකට බයේ හැංගිලා ඉඳලා පුරසාරම් ගහනවා.

:       0       0

Samantha Monday, 31 August 2020 08:25 AM

ඔයාගේ ආචාරි පට්ටමෙන් මොනවද අපේ රටට කළේ..? මැරෙන්න ඉස්සර මොනවා හරි කරන්නකෝ.. රටට... ? ආචාරි පට්ටම ගැන දොඩව ැදාඩවා ඉන්නේ නැතිව.. ඔයාලා බලයේ හිටපු කාලයේ හොඳට නිදාගත්තනේ.. ලැජ්ජා නැද්ද ඔහේලට..?

:       0       0

mp Tuesday, 01 September 2020 08:38 AM

ඔය අයට තව අවුරුදු 10ක් වත් ඔහොම කියව කියවා ඉන්න තමයි වෙන්නේ. එතකොට අපිත් නැහැ, ඔහෙලත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31332 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13540 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11003 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site