IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජීවිත 75ක් බිලිගත් ගෝතමාලා ගිනිකන්ද

 

සොබාවික විපත් පිළිබඳ හා එයින් වන හානිය පිළිබඳ වුවත් මෙරටින් මෙන්ම විදෙස් රටවලින් ද වාර්තා අසන්නටත් දකින්නටත් ලැබේ.


මේ එවැනි පුවතකි.


පසුගියදා මධ්‍යම ඇමරිකාවට අයත් ගෝතමාලාවෙහි බිහිසුණු ගිනිකන්දක් පුපුරා යාමෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 75 දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.


ගිනිකන්ද පිපිරී යාමෙන් ගලාගිය ලාවා අළු සහ ගල්කැබලි මළ සිරුරු වටා ඝන තට්ටුවක් මෙන් බැඳී ඇති නිසා මළ සිරුරු දිස්වූයේ ගල් පිළිම මෙන් බව විදේශ මාධ්‍ය ප්‍රකාශ කරයි.


සවල් සහ බැකෝ යන්ත්‍ර යොදා සුන්බුන් හා මඩ තට්ටු ඉවත් කරමින් මළ සිරුරු පිරිසුදු කිරීමේ කටයුතුවලට සහන සේවකයෝ වැඩි පරිශ්‍රමයක් යෙදූ බව වාර්තාවේ.


ඒ මොහොත වනවිටත් අවට පරිසරය (පොළෝ තලය) උණුසුම්ව පැවැති අතර ඒ කොතෙක්ද යත් සහන සේවකයන්ගේ සපත්තු අඩි දියවීමට තරම් බව සඳහන් වේ.


විදේශ වාර්තාවලට අනුව අළු, දුම් සහ ගල්කැබලි දුමාරයකින් වසා ගෙන ගිනි කන්ද පිපිරී ඇත.


"National Institute of forensic Sciences ආයතනයහි අධ්‍යක්ෂ වන Fanuel Garcia අනුව සොයාගත් මළ කඳන් 17ක් හඳුනාගෙන ඇති අතර අතුරුදන් වූ පුද්ගල සංඛ්‍යාව 200 ඉක්මවයි.


Fanuel Garcia අනුව හඳුනාගත නොහැකි දේහ හා සිරුරු අංග උණු දියෙන් මැකී ගොස් ඇත.

 

 

 

ඒ නිසා විශේෂඥයෝ 'DNA' සාම්පල් ලබා ගෙන අනන්‍යතාව තහවුරු කිරීමට උත්සාහ ගනිමින් සිටිති.


ගෝතමාලාවේ බලධාරීන්ට අනුව මෙය මධ්‍යම ඇමරිකාවේ පිහිටි වඩාත් සක්‍රියතාවයෙන් යුතු ගිනි කන්දක් බව සඳහන් වේ.


මීට පෙර වසරවල සුළු පිපිරීම් රැසක් ගැනම මේ ගිනිකන්ද ආශ්‍රිතව පුවත් වාර්තාවී ඇත.


නමුත් ඒවායේ සක්‍රියතාව අඩු බවට විද්‍යා පර්යේෂකයන් සඳහන් කර තිබූ අතර අවට ජීවත්වන ජනයා ඉවත් කර නොතිබුණි.


ගෝතමාලාවේ ආපදා ආයතන කළ නිර්දේශ මත ඔවුනට ආරක්ෂාවීම සඳහා ක්‍රම දැනුම්දී ඇත.

 

  • එයින් ප්‍රධාන කරුණු තුනක් මෙසේය.
  • ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීම
  • එහි අවට සිටින ගෙවල්වල වහලවල අළු ඉවත් කිරීම
  • ආහාර වසා තැබීම


උණු ලාවා, අළු, ගල් ගිනිකන්ද මතින් ගලා ඇවිත් මාර්ග අවට ගෙවල් සුනු විසුණු කර ගිනිගත් බවට වාර්තාවේ.


මේ අනුව බලන කල නිරතුරුවම මෙවැනි විදෙස් මාධ්‍ය වාර්තා හරහා සොබාවික හා සොබාවික නොවන විපත් පිළිබඳ අසන්නට දකින්නට ලැබීම අද සුලබය. එය ඉතාමත් අන්තරාදායක තත්ත්වයකි.

 

 

 

 

 

මහේෂණි මීගහපොල

 



අදහස් (0)

ජීවිත 75ක් බිලිගත් ගෝතමාලා ගිනිකන්ද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 186 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site