IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


‘‘ශ්‍රී ලංකාවේ ජීවත්වන චීන ජාතිකයන්ට කරුණාවෙන් සලකන්න‘‘

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලුම චීන ජාතිකයින්ට කරුණාවෙන් සලකා අවශ්‍ය උපකාර කරන්නැයි කාරුණික හදවත් ඇති ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආචාර්ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන අස්ගිරි නාහිමියෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

මහජන චීනය තුළ කොරෝනා නැමති වෛරස් රෝගී තත්ත්වය උද්ගත වී ඇති බවත් එය ලෝකයේ වෙනත් රටවල් වලටද පැතිර යා හැකි බවත් දැන් රහසක් නොවේ.ඒ සමගම මෙම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සහ වැලදුනු රෝගීන් සුවපත් කිරීම සඳහා මහජන චීන රජය මගින් ඉතා සුළු කාලයක් ඇතුළත ක්‍රියාත්මක වී ඇති බව දැනගන්නට ඇත.ලෝකයේ අනෙකුත් රටවල්ද තම ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බව සුරැකීම සඳහා නිසා කටයුතු කරමින් ඇති බව පෙනී යයි.අප ශ්‍රී ලංකාවේ රජයද රෝගාශ්‍රීත ප්‍රදේශයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ත්‍රිවිධ හමුදාව , ජාතික ගුවන් සේවය උපයෝගි කරගෙන ඉතා අගනා සේවයක් ඉටුකළ බව නොරහසකි.එමෙන්ම අප රට තුළ මෙම රෝගී තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා අගනා සේවයක් ඉටුකරමින් පවතින බවද සඳහන් කළ යුතුය.

මහජන චීනයත් ශ්‍රී ලංකාවත් අතර සම්බන්ධතාවයක් පවතිනුයේ ඈත අතීතයේ සිටය.ඒ දීර්ඝ කාලය තුළ අප දෙරට තුළ ආගමික සංස්කෘතින විද්‍යාත්මක අධ්‍යාපනික වශයෙන් නොයෙකුත් සම්බන්ධතා ඇතිවිය.මෙම බැරැරුම් අවස්ථාවේදී රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා චීන ජාතිකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අප කාගෙත් යුතුකමයි.චීන රජය ශ්‍රී ලංකාවේ මෙවැනි අවස්ථාවන්හිදී අපහට සහයෝගය ලබාදුන් අවස්ථාවන් අපමනය.අපගේ ඩිජිටල් යුද්ධය පවතින කාල වලදී එක්සත් ජාතීන්ගේ සමුළුවේදී පවා ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය ඉමහත්ය.ශ්‍රී ලංකාවේ සංවර්ධනය දෙස බැලීමේදී  අපගේ මෑත කාලීන සංවර්ධන යෝජනා ක්‍රම  ක්‍රියාත්මක වුයේද මහජන චීනයේ ආධාර ඇතිවයි.එයට උදාහරණ වශයෙන් දුකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ , නොරොච්චෝලේ විදුලි බලාගාරය , මොරගහකන්ද ජල යෝජනා ක්‍රමය සහ කොළශ වරාය නගරය දැක්විය හැකිය.

අප බෞද්ධ නායකයන් වශයෙන් ආගමික වතාවත් තුළින් මෙම රෝග බිය නැති කරලීමට සෑම උත්සාහයක්ම දරන්නෙහු.විසාලා මහනුවරට මාරාන්තික රෝග බියක් ඇති වූ අවස්ථාවේදී ලොවුතුරා සම්බුදුරජාණන් වහන්සේ දේශණාකොට වදාල රතන සූත්‍රය අප මේ අවස්ථාවේදී දේශනා කරන්නෙහු.2020 පෙබරවාරි 5 වැනිදා සර්වරාත්‍රීක පරිත්‍රාණ ධර්ම දේශනාවක් සිදුකර බියෙන් පසුවන ජනතාවය සෙත් පැතීම සඳහා කටයුතු කරන්නෙමු.

ශ්‍රී ලාංකික ජනතාව ජන්මයෙන්ම ආගන්තුක සත්කාර කිරීම සහ කාරුණික හදවත් ඇත්තන් බව ලොව පුරා ප්‍රසිද්ධයට පත්ව ඇත.එම කාරුණික බව මේ අවස්ථාවේදී තමන් තුළ පවත්වාගනිමින් ශ්‍රී  ලංකාවේ ජීවත්වන සියලුම චීන ජාතිකයන්ට කරුණාවෙන් සලකන ලෙසත් අවශ්‍ය උපකාරයක් ඇත්නම් ඉටුකර දීමෙන් ඔවුන් පිළිබඳ අප සැමදා කරුණාව දක්වන බව සනාතවන අයුරින් කටයුතු කරන ලෙස කාරුණිකව දන්වනු කැමැත්තෙමි.



අදහස් (0)

‘‘ශ්‍රී ලංකාවේ ජීවත්වන චීන ජාතිකයන්ට කරුණාවෙන් සලකන්න‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32958 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15591 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 116 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site