තමන් ඝාතනය කිරීමට ඉන්දීය රහස් ඔත්තු සේවය (රෝ) කුමන්ත්‍රණය කරන්නේ යයි ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා රාත්‍රියේ පැවසූ බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් පත වාර්තා කරයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පළුදු විය හැකි අන්දමේ චෝදනාවක් කරළියට ගෙන එමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පවසා ඇත්තේ අඟහරුවාදා (ඊයේ) රාත්‍රියේ පැවැති කැබිනට් රැස්වීමේදීය.
ඉන්දීය රහස් ඔත්තු සේවය “මාව මරන්න හදනවා, ඒත් අගමැති නරේන්ද්‍ර මෝදි මේ සැලසුම ගැන නොදන්නවා වෙන්න පුළුවන්” යයි ජනාධිපතිවරයා මැති ඇමතිවරුන්ට පැවසූ බව එතැන සිටි අයගෙන් දැනගැනීමට ලැබුණු බවත් ‘ද හින්දු’ පුවත් පත වාර්තා කරයි.
“එහෙම කිව්වාම අපි මහත් තිගැස්මකට පත්වුණා” යයි නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි අයෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගැනීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියකු ඇමතූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ “මේ ගැන හොයලා බලලා අපි නැවතත් ඔබට කතා කරන්නම්” කියාය. එහෙත් හින්දු පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව දක්වාම ඒ ගැන අදාළ නිලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් නොතිබිණ.
COMMENTS
ඉතා බැරෑරුම් ප්‍රකාශයක්....
ඔන්න මේ සතිය ඇදගෙන යන්න තවත් පුවතක්
කිසිම වගකීමකින් තොරව මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් රටට වන හානිය නිමකළ නොහැකිය..
රනිල් වික්‍රමසිංහ ඉන්දියානු අගමැති හමුවෙන්න යන වෙලාවේම මෙවැනි ප්‍රකාශයක් කිරීමේ ඇත්ත පරමාර්ථය කුමක්ද? මහාවංශයට අනුව නම් ඉන්දියාවට උඩින් ගිය ලංකාවේ රජෙකුට යහතින් සිටීමට නොලැබුණු බව පැහැදිලි වෙයි. අප අත්දුටු ඉතිහාසය බලමු. සිරිමාවෝ සැමියා මළදා පටන් ඇමෙරිකානු ඔත්තු සේවය වන සී.අයි.ඒ භීතියකින් පෙලුණා. මේ නිසාම ඇය සෝවියට්දේශය සමග දිවට දිවගා වැඩ කළාය. නමුත් අවසානයේ ප්‍රකට ඇමෙරිකන් හිතෛෂියෙකු වූ ජේ.ආර් හෙවත් "යැංකි ඩිකී" අතින් ඈ පරාජය වූවාය. ජේ.ආර්. ඇමෙරිකාවට සමීපවීම ඉන්දියාව රිස්සුවේ නැත. එහි ප්‍රතිඵලය වුනේ "රෝ" සංවිධානයේ මෙහෙයවීමෙන් දෙමළ සන්නද්ධ කල්ලි තැනූ ඉන්දියාව ජේ.ආර්ට පමණක් නොව අවු 30ක් පුරා මුළු ලංකාවටම මදි නොකියන්න සැලකීමයි. මොසාඩ් භීතියෙන් පෙළුන ප්‍රේමදාස අවසන් කළ "බාබුගේ" බෝම්බයේ කොනක මොසාඩ් සංවිධානය වූයේය. මහින්ද ඉන්දියාවට පිටුපා චීනය හා එක්ව කොටු පැන්නේය. තම පරාජය පසුපස රෝ සංවිධානය සිටින බව කීවේ ඔහුමය. කරදරකාරී වුවත් සමහරු දියබරියන් මරා දමන්න පෙළැඹෙන්නේ නැති වුනත් ඉන්දියාවට උසුළු විසුළු කිරීමෙන් ඇතිවිය හැකි ඉරණම ප්‍රියජනක වෙන්නේ නම් නැත...
දුර ඉන්න අය වගේ නෙවෙයි, අල්ලපු ගෙදර ඉන්න ලොක්කා තරහ කර ගත්තොත් වැඩේ දුර දිග යන්න පුළුවනි. කට පරිස්සම් කර ගත්තා නම් නේද හොඳ...? රාජ්‍ය තාන්ත්‍රික භාවය රැකගැනීමට උපදෙස් දෙන්න කවුරුත් නැද්ද...?
මේවා පට්ටපල් ගල්පැලෙන බොරු කියලා අන්තර්ජාලයේ තියෙනවා.
දැන් රෝ එකෙන් හොර හරකුනුත් මරන්න පටන් අරන්ද? මම අදනෙ දන්නේ...
ශ්‍රීමාල් ,පැරකුම් දෙදෙනා හොඳ අදහස් ඉදිරිපත් කර ඇත. ඔබට ස්තුතියි. මමද යමක් ඉගෙන ගතිමි.
විශිෂ්ට ප්‍රකාශයක් ජනාධිපති තුමා ,ඉන්දියාවේ කුමන්ත්‍රණය පරාජය කිරීමට ජනාධිපති තුමාට ශක්තිය දෙමු.
හොරහරක් මරන්න එන්නේ සුදු වෑන් වලින්නේ... එ්ක නිසා බයවෙන්න එපා කුමාර....
ඉස්සෙල්ල එක්කෙනා පැරදිලා ගෙදර ගිහින් ජනේලේ එල්ලිලා කිව්ව එක මෙයා දැන් වෙන විදිහකට කියනවා.
මගේ උතුම් මව් බිමට මේ මොකද වෙන්න යන්නේ....... බල ලෝභීකම නිසා රට අනතුරේ. ඔබතුමා ප්‍රවේසම් විය යුතුයි. කිසියම් දෙයක් උනොත් රට අනතුරේ.
ඔහොම කටට බ්‍රෙක් නැති කතා කියලා අල්ලපු ගෙදර තරහා කරගත්තා කියන්නේ ඉතින් ඉල්ලන් කෑවා වගේ තමයි. ඔබගේ දේශපාලන වල ඔබ විසින්ම කපා ගත්තෙ නිල් පක්ෂය බදාගන්න ගියපු දවසේ තමයි. දැන් ඉතින් තව වල හෑරෙනවා මිසක් ඔකෙන් ගොඩ ඒමක් නෑ. ලොකේ ප්‍රධාන රටවල් තරහා කරගත්තු නයකයෝ එක්කො එලොව ගියා එහෙම නැත්තම් බලයෙන් එලවලා දැම්මා. මොළේ පවිච්චි කරලා වැඩ කරන්න බැරි බව නම් දැන් සනාතයි.
අර ප්ලේන් එකේ කජු කාල ලංකාවට එවිත් කාපු කජු ගැන ...ප්‍රසිද්ධ වේදිකාවේ කියපු කතාව වගේනේද?
ඕකට තමා කියන්නේ යහපාලානේ ... ප්‍රසිද්ධියේම " ජාත්‍යන්තරය ජයගන්නවා කියල ..."
ඇයි අර ජැකට් එක දැන් දාන්නෙ නැති හින්දද?
කලින් ඉන්දියානු ජාතිකයා ඇල්ලුවා කට්ටියක් මරන්න. ඉන්නවා කියලා. අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කරලා කිව්වා. එයා මානසික ලෙඩෙක්... කියලා. දැන් අලුත් කතාවක්. ලගට ඇවිත් මරලා යනකම්. ඉන්නේ නැතිව..., මානසික ලෙඩේ තියෙන්නේ කාටද? කියලා හොයලා බලන්න.
ගැරඬි මරලා පව්පුරවා ගන්න තරම් පහත් තත්වයකට දැන් ඉන්දියාව පත්වෙලාද? සමහරවිට මඩුවලිගෙන් ගත්තු වැඩ ගැන ඉන්දියාව තවම දන්නේ නැතිව ඇති...
ඔබතුමා විතරක් නොවෙයි අපේ මුළු රටම මරන්නේ ඔය අය තමයි. අර අක්ක පෙන්නලා නංගි දුන්නා වගේ අපට එකක් පෙන්නලා සුද්දෝ එක්කලා වෙනත් ගිවිසුමක් ගහලා යුද්ධය නිමකරලා අපිව මුලාවේ දමපු ඉන්දියාව අපිව පාගා දමන්නට කළ හැකි සැම දෙයක්ම කරනවා. නමුත් මේ වෙනකොට අපේ ඥානකෝෂ යයි කියාගන්නා වෘෂභයෙකුට වත් තරම් වූ මොලයක් නැති බල ලෝභයෙන් අන්ධ වූ අමන දේශපාලකයින් හට පින් සිදුවන්නට ශ්‍රී ලංකාව ඔවුන්ගේ අවසරයකින් තොරව ජාත්‍යන්තර කරලියේ කිසිවක් කරකියාගත නොහැකි හපයක් වී හමාරයි. ඔවුන් තව දුරටත් සත්‍ය වටහා නොගෙන, එළුවා පසුපස යන සිගාලයින් මෙන්, රටේ කිසිදු සංවර්ධනයක් නොකර නිද්‍රාශීලීව හිඳිමින්, බටහිර රටවල් පසුපස වැඳ වැටෙනු දකිනවිට හෙට දිනයේ අපට කුමන ඉරණමක් අත්වෙයිදැයි සිතාගැනීමට වත් නොහැක.
මේ කතාවට හේතු තුනක් පාදක වෙන්න පුළුවන්. 1. දුම දාන්නේ ගින්නක් ඇති නිසා වෙන්න පුළුවනි. එහෙනම් හොයන්න ඕනා. 2. මෙතුමා ඉඳහිට තමන්ගේ වැදගත්කම පෙන්නන්න හදනවා. අන්තිම සුමාන දෙකේ යුද්ධය මෙහෙයුවා වගේ දේවල්. 3. අරහේ යාපනයේ සිංහල වචන විකුර්ති කරලා විග්නේශවරන් වැඩ දානවා. මේ කතාව කියලා ඒක වහන්න හදනවාද.
අනේ මේ අහිංසකයට මොන මරණීය තර්ජනද අප්පා? කමක් නැහැ ටිකක් කෙලින් කටින් ඉන්න මොකක් හරි කියන්නත් ඕන නේ !!