තරිදු ජයවර්ධන
ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ 2009 වසරේ සිට මෙම වසරේ මාර්තු මාසය දක්වා වූ කාලයේ දී යුද හමුදාවෙන් අත්පත් කරගෙන තිබූ උතුරු නැගෙනහිර ඉඩම් අක්කර 71172ක් සාමාන්‍ය ජනයා වෙත මුදා හැර ඇතැයි යුද හමුදාව කියයි.
මෙයින් වැඩිම ඉඩම් ප්‍රමාණයක් මුදා හැර ඇත්තේ 2015 වසරේදී ය. එම ප්‍රමාණය අක්කර 25951කි.
යුද හමුදාවේ තොරතුරු නිලධාරී ඒ එම් එස් බී අතපත්තු මහතා මේ බව සඳහන් කරනුයේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරන ලද තොරතුරු ඉල්ලීමකට අදාළව තොරතුරු සපයමිනි.
යුද්ධය අවසන් වූ 2009 වසරේ දී යුද හමුදාවෙන් මුදා හැර ඇති උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රමාණය අක්කර 745.54කි. 2010 වසරේ සිට 2015 දක්වා පැවැති ආණ්ඩු සමයේ යුද හමුදාවෙන් සාමාන්‍ය ජනයා වෙත මුදා හරින ලද උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රමාණය අක්කර 27854.55කි. 2015 වසරේ සිට පවතින වර්ත මාන ආණ්ඩුව කාලයේ දී යුද හමුදාව භාරයේ තිබී මුදා හැර ඇති උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රමාණය අක්කර 42578.65කි.
2009 සිට මේ දක්වා මුදා හැර ඇති ඉඩම් ප්‍රමාණය වාර්ෂිකව පහත දැක්වේ.
2009 | 745.54 |
2010 | 5730.72 |
2011 | 3791.93 |
2012 | 8952.84 |
2013 | 8441.98 |
2014 | 937.08 |
2015 | 25951.26 |
2016 | 4871.85 |
2017 | 4803.84 |
2018 | 6191.46 |
2019 | 754.24 |
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
යුද හමුදාවෙන් පාලනය කළ ඉඩම් අක්කර 71,172ක් යුද්ධයෙන් පසු මුදා හැරලා
Bamunuarachchi Sunday, 24 March 2019 04:47 PM
අපරාදේ. සිංහලයින්ගේ ඉඩමුත් ඔය ගොඩේ තිබෙනවා. අවුරුදු 2500 කට ප්‍රථම සිංහලයාගේ භූමිය.
Chanak Los angeles Monday, 25 March 2019 02:33 AM
නම එහෙම වුණාට තණ්හාවෙන් පැසවලා..
MudaliMonday, 25 March 2019 09:12 AM
තණ්හාය ජායතී ශෝකෝ බමුණෝ.
BamunuarachchiMonday, 25 March 2019 09:33 AM
සිංහල කතාවක් තිබෙනවා "වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා" කියලා. අහලා තිබෙනවාද තේරුම දන්නවාද? නැතිනම් අපෙන්ම ඉගෙන ගන්න.
BamunuarachchiMonday, 25 March 2019 12:12 PM
උතුරේ තිබෙන ඉඩම් වලට සිංහලයින්ට අයිතිය කියන්න බැරිය ඒවා තේසවලාම නීතියෙන් ආරක්ෂාවී තිබෙනවා. දකුණේ තිබෙන ඉඩම්වල දෙමල්ලු පදිංචි වෙනවා.
rocky Monday, 25 March 2019 03:00 AM
මේ බමුණාට නම් හොඳටම තදවෙලා වගෙයි. අවුරුදු 2500 කට ඉස්සෙල්ලා කොහෙද මනුස්සයෝ යාපනේ සිංහලයෝ හිටියා කියලා කියන්නේ? ඔහේ ළඟ ඒ ඉඩම්වල ඔප්පු රෙජිස්ටර් කරලා තියනවද? වෛද්‍යවරයෙකුගෙන් ගත්තා කියපු ප්‍රතිකාර වලින් තවම ගුණයක් නැහැ වගෙයි. ඉක්මනට ගිහිල්ලා පශු වෛද්‍යවරයෙකුවවත් හම්බවෙන්න!
NissankaMonday, 25 March 2019 05:21 AM
එක තමයි රොකී. මේ බමුණුට තේරෙන්නෑ. අවුරුදු 2500 කට කලින් එහෙ ඉඳලා තියෙන්නේ නාග ගෝත්‍රිකයෝ. විජය ලංකාවට එනකොටත් ඒ මිනිස්සු ඒ පළාත් වල ඉඳලා තියෙනවා. යාපනේ මිනිස්සු කිව්වොත් එයාලා පැවත එන්නේ නාග ගෝත්‍රිකයන්ගෙන් කියලා ඒක බොරුයි කියන්න තරම් කරුණු ඉතිහාසයේ කොහෙවත් නැහැ.
BamunuarachchiMonday, 25 March 2019 12:17 PM
2500කට ඉස්සෙල්ලා මේ මුළු රටේම සිටියේ සිංහලයෝ. මෙරට සිංහලයින්ගේ රටක්. දෙමල්ලු ආවේ බොහොම මෑත කාලයක. 2500කට ප්‍රථම ආවෙත් විජයන් කියන කල්ලතොනියෙක්. උතුරු නැගෙනහිර ඉන්නේ ඔක්කොම හොර බෝට්ටු වලින් මෙරටට ආපු අය. නැතිනම් මේ අය ටයිටැනික් නැවකින් ආවාද
ප්‍රසා Monday, 25 March 2019 05:08 AM
විවිධ අදහස් තියෙන මිනිස්සු ඉන්න එක සාමාන්‍ය දෙයක්. නමුත් සාකච්ඡාවකට වත් ගන්න බැරි අදහස් තියෙන මිනිස්සු... ඒ මිනිස්සුන්ගේ පාලක පංති නියෝජනය... ඇත්තටම රටවල්වලට සාපයක්!
Alan Monday, 25 March 2019 05:48 AM
අවුරුදු 2500ක් යන්න ඕන නෑ, 1400 දීත් යාපනයේ 50% ට වඩා සිංහල ජනතාව ජීවත් උනා
Bamunuarachchi Monday, 25 March 2019 09:34 AM
ඇලන් මේ බව නොදන්නා අය කොපමණ අපි අතරේ ඉන්නවාද?
Bamunuarachchi Monday, 25 March 2019 12:18 PM
ඇලන් මේ බව නොදන්නා අය කොපමණ අපි අතරේ ඉන්නවාද?
Chanak Los angeles Monday, 25 March 2019 06:37 PM
ඇලන් 1400 දී හිටියේ යාපනේද ?
Chanak Los angeles Monday, 25 March 2019 10:01 PM
ලෝකය වෙනස් වෙනවා කියා දන්නා පුද්ගලයෝ බමුණු මත පිළිගන්නේ නැහැ . ඔය ඉඩම් කව්රුත් එනකොට ගෙනාපුවා නොවෙයි යනකොට ගෙනියන ඒවත් නොවෙයි .
rocky Tuesday, 26 March 2019 01:52 AM
බමුණු මහත්තයෝ, මේ ලෝකයේ පිරිසිදු ජාතියක් වත් පිරිසිදු භාෂාවක් වත් තියෙන්න විදිහක් නැහැ. ඔබේ වුනත් රුධිරය පරීක්ෂා කර බලන්න එහෙමත් කලවම් වෙලා තියෙන්න පුළුවනි.