තරිදු ජයවර්ධන
ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ 2009 වසරේ සිට මෙම වසරේ මාර්තු මාසය දක්වා වූ කාලයේ දී යුද හමුදාවෙන් අත්පත් කරගෙන තිබූ උතුරු නැගෙනහිර ඉඩම් අක්කර 71172ක් සාමාන්‍ය ජනයා වෙත මුදා හැර ඇතැයි යුද හමුදාව කියයි.
මෙයින් වැඩිම ඉඩම් ප්‍රමාණයක් මුදා හැර ඇත්තේ 2015 වසරේදී ය. එම ප්‍රමාණය අක්කර 25951කි.
යුද හමුදාවේ තොරතුරු නිලධාරී ඒ එම් එස් බී අතපත්තු මහතා මේ බව සඳහන් කරනුයේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරන ලද තොරතුරු ඉල්ලීමකට අදාළව තොරතුරු සපයමිනි.
යුද්ධය අවසන් වූ 2009 වසරේ දී යුද හමුදාවෙන් මුදා හැර ඇති උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රමාණය අක්කර 745.54කි. 2010 වසරේ සිට 2015 දක්වා පැවැති ආණ්ඩු සමයේ යුද හමුදාවෙන් සාමාන්‍ය ජනයා වෙත මුදා හරින ලද උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රමාණය අක්කර 27854.55කි. 2015 වසරේ සිට පවතින වර්ත මාන ආණ්ඩුව කාලයේ දී යුද හමුදාව භාරයේ තිබී මුදා හැර ඇති උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රමාණය අක්කර 42578.65කි.
2009 සිට මේ දක්වා මුදා හැර ඇති ඉඩම් ප්‍රමාණය වාර්ෂිකව පහත දැක්වේ.
| 2009 | 745.54 |
| 2010 | 5730.72 |
| 2011 | 3791.93 |
| 2012 | 8952.84 |
| 2013 | 8441.98 |
| 2014 | 937.08 |
| 2015 | 25951.26 |
| 2016 | 4871.85 |
| 2017 | 4803.84 |
| 2018 | 6191.46 |
| 2019 | 754.24 |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ. සිංහලයින්ගේ ඉඩමුත් ඔය ගොඩේ තිබෙනවා. අවුරුදු 2500 කට ප්‍රථම සිංහලයාගේ භූමිය.
නම එහෙම වුණාට තණ්හාවෙන් පැසවලා..
මේ බමුණාට නම් හොඳටම තදවෙලා වගෙයි. අවුරුදු 2500 කට ඉස්සෙල්ලා කොහෙද මනුස්සයෝ යාපනේ සිංහලයෝ හිටියා කියලා කියන්නේ? ඔහේ ළඟ ඒ ඉඩම්වල ඔප්පු රෙජිස්ටර් කරලා තියනවද? වෛද්‍යවරයෙකුගෙන් ගත්තා කියපු ප්‍රතිකාර වලින් තවම ගුණයක් නැහැ වගෙයි. ඉක්මනට ගිහිල්ලා පශු වෛද්‍යවරයෙකුවවත් හම්බවෙන්න!
විවිධ අදහස් තියෙන මිනිස්සු ඉන්න එක සාමාන්‍ය දෙයක්. නමුත් සාකච්ඡාවකට වත් ගන්න බැරි අදහස් තියෙන මිනිස්සු... ඒ මිනිස්සුන්ගේ පාලක පංති නියෝජනය... ඇත්තටම රටවල්වලට සාපයක්!
අවුරුදු 2500ක් යන්න ඕන නෑ, 1400 දීත් යාපනයේ 50% ට වඩා සිංහල ජනතාව ජීවත් උනා
ඇලන් මේ බව නොදන්නා අය කොපමණ අපි අතරේ ඉන්නවාද?
ඇලන් මේ බව නොදන්නා අය කොපමණ අපි අතරේ ඉන්නවාද?
ඇලන් 1400 දී හිටියේ යාපනේද ?
ලෝකය වෙනස් වෙනවා කියා දන්නා පුද්ගලයෝ බමුණු මත පිළිගන්නේ නැහැ . ඔය ඉඩම් කව්රුත් එනකොට ගෙනාපුවා නොවෙයි යනකොට ගෙනියන ඒවත් නොවෙයි .
බමුණු මහත්තයෝ, මේ ලෝකයේ පිරිසිදු ජාතියක් වත් පිරිසිදු භාෂාවක් වත් තියෙන්න විදිහක් නැහැ. ඔබේ වුනත් රුධිරය පරීක්ෂා කර බලන්න එහෙමත් කලවම් වෙලා තියෙන්න පුළුවනි.