(ජේ.ඒ.එල්.ජයසිංහ)
මහනුවර නගරයේ සිදු කළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණයකින් කොරෝනා ආසාදිතයන් 14 දෙනකු හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
අවුරුදු සමයෙන් පසු මහනුවර නගරයේ කොරෝනා වසංගත තත්ත්වය වැඩිවිය හැකි බව මහනුවර මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර රාජපක්ෂ මහතා අනතුරු අඟවයි.
මහනුවර නගරයෙන් කොරෝනා රෝගීන්ගේ අඩුවක් දක්නට තිබෙනවා. ඉදිරියටත් එය ඒ තත්ත්වයෙන් පවත්වාගත යුතුයි. ඒ සඳහා සෞඛ්‍ය උපදෙස් අනිවාර්යෙන්ම අනුගමන කළයුතු බව ද සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd