IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


මධූෂ්ගේ ගෝලයා මරුදකී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඔරුවල වානේ සංස්ථාව අසළදී සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සහ කිරීමේදී පොලිස් වෙඩි පහරකින් බරපතල තුවාල ලබා සිටි රණසිංහ ආරච්චිලාගේ අසිත නොහොත් බණ්ඩා නැමැත්තා අද (18) කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ඔහු මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන ගෝලයකු බව පොලිසිය පවසයි.

ඉකුත් 4 වැනිදා සිදුවූ වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ට කිසිදු තුවාලයක් සිදු නොවූ අතර මෙම පාතාල සාමාජිකයාගේ හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ශල්‍යකර්මයක් ද සිදු කෙරිණි.

අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මෙම පාතාල සාමාජිකයා අත්අඩංගුවට ගැනීමට යාමේදී මයික්‍රො වර්ගයේ ගිනි අවියකින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සහ කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් සිදු කළ වෙඩි තැබීමකින් මෙම පුද්ගලයා තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

 



අදහස් (9)

මධූෂ්ගේ ගෝලයා මරුදකී

Bamunuarachchi Thursday, 18 October 2018 05:19 PM

ඔන්න ඔහොමයි පාතාලයත් සමග තිබෙන ගනුදෙනු අවසන් වෙන්න ඕනේ.

:       0       80

HafeelFriday, 19 October 2018 07:59 AM

ඒ වුණාට අර සූත්‍ර ඇමතිට මේ පුවත් දරාගන්න බැරිවේවි..!!!

:       20       12

suddaMonday, 22 October 2018 03:54 AM

ඇමතිලා දෙන්නෙක්ම පහුගිය කාලයේ පොලිසිය කරදර කරනවා කිව්වා. පවුනේද අහිංසක ඇමතිලා.

:       0       0

නිහාල් Friday, 19 October 2018 01:55 AM

මෙවන් පුවත් ඇසීම කණට මීපැණි දැමීම වැනිය.

:       0       64

Sapumal. Friday, 19 October 2018 02:41 AM

පාතාලය පොලීසිය විසින් මෙපමණ මෙල්ල කරත් ඒ බව ඇතැම් දේශපාලකයන්ට නොපෙනෙන්නේ මන්දැයි අපහට ඇත්තේ බලවත් ගැටලුවකි.

:       0       54

Indhika Friday, 19 October 2018 02:48 AM

මොකටද ශල්‍යකර්ම කරන්න සල්ලි සහ කාලය වියදම් කලේ. බේරුනා කියල රටට හොදක් වෙන්නේ නෑනේ.

:       0       118

sudda Friday, 19 October 2018 03:48 AM

මෙතනදී නම් පොලිසියට අපේ ප්‍රණාමය. ඇත්තෙන්ම හොඳ පොලිස් නිලධාරීන් ගොඩ දෙනෙක් ඉන්නවා නමුත් නරක අයත් ඒ වගේම ඉන්නා නිසා මුළු පොලිස් සේවයම ගැරහීමට ලක්වෙනවා.

:       0       66

Anura Friday, 19 October 2018 04:43 AM

මේ වගේ කට්ටිය මේ විදිහට හරි ඉවර වෙන එක හොඳයි. සමාජයට පිලීල වෙච්ච මේ අය යන්න ඕනේ

:       0       106

theshan Friday, 19 October 2018 05:14 AM

මේ බෙහෙතම අනිත් පාතාල අයියලට දෙන්න ඕන.

:       0       104

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1150 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1155 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site