(ජේ.කේ.එල්. චාමින්ද)
දාසය හැවිරිදි බාලවයස්කාර දැරියක, ගැබිනියක බවට පත්කළ තිදරු පියෙකු අද (18) අලුයම අත්අඩංගුවට ගත්බව පිටිගල පොලිසිය පවසයි.
වසරකට පමණ ඉහතදී මෙම තිදරු පියා දැරියව වරින් වර අපයෝජනය කර ඇති බැව් පොලිසිය පවසයි. දැරිය අපයෝජනය වනවිට ඇගේ වයස අවුරුදු 15 මාස හයක් බව පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වී ඇත.
සැකකරු 40 හැවිරිදි වියේ පසුවන තිදරු පියෙකු වන අතර ඔහු දැරියගේ ළගම ඥාතිවරයෙකු බව පොලිසිය පවසයි.
මෙකි දැරියට ඇති වූ අසනීප තත්ත්වයටකට ප්‍රතිකාර ලබාගැනීමට වෛද්‍යවරයකු වෙත ගිය විට කළ පරීක්ෂණයකදී ඇය පස්මස් ගැබිනියක බව හෙළි වී ඇත.
මේ සම්බන්ධව දැරියගේ මව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර තිදරු පියා අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
නම් ගම් සහිතව ප්‍රකාශ කරන්න ...
මොකක්ද දාන කමෙන්ට් එක කියල හිතනවා මම...?
ඔහුගේ දරුවන් ගැන සොයාබලන්න අවශ්‍ය කටයුතු කරන්න. දැනටමත් ඒ දරුවනුත් විනාශ කරලා ඇති ...
ඔහුට දඬුවම් ලැබෙයි හිර ගෙදර දි. දෙමව්පියෝ දරුවෝ ගැන හොයා බලන්න ඕන මීට වඩා ...
අද කාලයේ නෑයෝ කියන්නේ වේයෝ බව සිතා ඉතා ප්‍රවේශයෙන් ආශ්‍රය කළයුතු සත්ව කොට්ඨාෂයකි. ඥාති ළමා අපචාර ගැන ආරංචි වුනේ නැති නම් , දරුවන් නැති මාමාගේ දේපල වලට හෝ කසාද නොබැඳපු ලොකු අම්මාගේ රත්තරන් බඩු ටිකට හරි වග කියා ඇති බව අහන්න ලැබෙන රටක් මේක.
මේ මිනිසාට කවර දඩුවමක් ලැබේ ද කියා ඔබ සිතනවාද ? ඔහු අපුරුවට අප පිට නිදහස් වී එනු ඇත . පසුව ඇතැම් විට දැරියගේ මව්පියන්ටත් තර්ජන කරනු ඇත . ලෝක ලැජ්ජාව යයි සිතා දැරියගේ මව්පියන් නඩුව හෙමින් සැරේ අහක දමනු ඇත . මන්ද උසාවියේදී විත්තියේ නීතිඥ තැන විසින් වාචිකව මේ දැරිය නැවත නැවතත් දුෂණය කරන බැවිනි . අපචාර නඩු වලදී උසාවියේ තත්වය මෙය වන අතර දැරිය වෙත පවුලෙන් හා සමාජයෙන් එල්ල වන කතා මීටත් අන්ත වෙයි . එවිට දැරිය අපචාරයට ලක් වන්නේ "අප " අතින් ය .