(ක. ග.කරුණාරත්න)
 

පාස්කු ඉරිදා බෝම්බ  ප‍්‍රහාරයට   සම්බන්ධ වගකිව යුත්තන් කවුරුන්ද යන්න  හෙළිදරව් වන හෙයින් ඵ් සඳහා ජනාධිපතිවරයා පත්කළ ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාව මේවනවිට යටගසා තිබෙන බව පොළොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා අද (20) පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියාසිටියේය.

බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

‘පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන හොයන්න ජනාධිපතිවරයා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කලා. දැන් මේ වෙලාවෙ අපි අහනවා ඒ පත්කල ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාව කෝ ? ඒ ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාව යටගිහිල්ලා.‘ යැයි පැවසීය.