IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ග්‍රාම නිලධාරීන්ගේ සංගමයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

(මොහොමඩ් ආසික්)

නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකවරයාගේ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සඳහා ග්‍රාම නිලධාරීවරයෙකුගේ චරිතය යොදා ගෙන නිර්මාණය කර ඇති දැන්වීමක් වහාම ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය අද (08) වැනිදා මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එම සංගමයේ සභාපති කේ.ඩී.එස්.කොඩිකාර මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභපති කේ.ඩී.එස්.කොඩිකාර මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කර ඇති එම පැමිණිල්ලේ මෙසේද සඳහන් වෙයි.

ආයතන සංග්‍රහය අනුව සෘජු දේශපාලන අයිතිවාසිකම් අහිමි මැතිවරණ කටයුතුවලදී වැඩි දායකත්වයක් සපයන  අපක්ෂපාතී රාජ්‍ය නිලධාරීන්  කණ්ඩායමක් වන ග්‍රාම නිලධාරීන්  නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට ඡන්ද ලබා ගැනීමේ අරමුණෙන් සකස් කළ ප්‍රචාරක දැන්වීමක්  ඊයේ (07)  දින විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. එමගින් මහජනතාව සමඟ සෘජුව කටයුතු කරන ග්‍රාම නිලධාරීන්  යම් දේශපාලන පක්ෂයකට  පක්ෂපාති කණ්ඩායමක් බවට අදහසක් මත වාදයක්  සන්නිවේදන වන බවද එහි සඳහන් කර තිබේ.

ඡන්ද හිමිනාම ලේඛණ සකස් කිරීම, ඡන්දය සඳහා අනන්‍යතා පත්‍ර සකස් කිරීම,  ඡන්ද මධ්‍යස්ථාන  භාරව කටයුතු කිරීම  ඇතුළු මැතිවරණයට  අදාළ රාජකාර බහුතරයක්  සිදු කරනුයේ  ග්‍රාම නිලධාරින් මගින් බවත් ඉදිරියේදීද  පවත්වනු ලබන සියලු මැතිවරණවලදී  ග්‍රාම නිලධාරින් සම්බන්ධයෙන් ජනතාව තබා ඇති විශ්වාසය පලුදු කරන සහ අවිශ්වාසය ඇති කරන ආකාරයේ ප්‍රචාරක දැන්වීමක් වන මෙය වහාම තහනමට ලක්  කොට  ප්‍රචාරය වළක්වන ලෙසත්  අදාළ අපේක්ෂකයාට සහ ඔහු නියෝජනය කරන පක්ෂයටත් අවාවාදයක් කරන ලෙසත්  මින් ඉදිරියට මෙවන් දෑ  සිදු නොවන ලෙස වග බලා ගන්නා ලෙසට දන්වන ලෙසත් මැතිවරණ කොමිසම වෙතින්  මෙම පැමිණිල්ල මගින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය ඉල්ලා තිබේ.

 



අදහස් (9)

ග්‍රාම නිලධාරීන්ගේ සංගමයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

Thilina Friday, 08 November 2019 05:52 PM

පේන විදිහට අන්තිම දවස් ටිකේ කට්ටිය වියරු වැටිලා වගේ.. ඊයේ අළුත් සූට් ඇඳගෙන ජාතිය ඇමතුවා. අද ග්‍රාම සේවකලා අල්ලගෙන.. හෙට ඉස්කෝලේ ළමයි දාලා ඇඩ් එකක් කරයිද දන්නේ නැහැ.. එයාලගේ ඡන්දත් මට කියලා....

:       2287       950

චමින්දSaturday, 09 November 2019 01:12 AM

ඉස්කෝලේ ළමයි දාගෙන කටයුතු කරන්නේ පොහොට්ටුවේ අය කියලා නැවත් කියන්න අවශ්‍ය නැහැ නේද?

:       56       69

MaheeSaturday, 09 November 2019 04:23 AM

ඒකනේ තිළිණ, අම්ම අප්පා හරි කමක් නෑ ඇඩ්වලට දා ගන්නවා මොකක් හරි වාසියක් ලැබෙනවා නම්. බලයට ආවොත් ඉතින් ඔය කියන ස්වාධීන රාජ්‍ය සේවය නෑ. දේශපාලන වහල්කම් කරන්න වෙනවාමයි. ඒත් යකුනේ හිටහල්ලකෝ එතකන් වත් නිලධාරීන් දැන්වීම් වලට දා ගන්නේ නැතුව...

:       92       124

BandareSaturday, 09 November 2019 06:27 AM

මහත්තුරු දැක්කෙ නැතෙයි. එක අපේක්ෂකයෙකුගේ ප්‍රචාරක දැන්වීමක් යනවා...

:       0       0

lalithmSaturday, 09 November 2019 07:22 AM

ඔය ඔක්කොම වැරදි අනිත් අයත් කරනවා. මේ අය ඉතින් ටිකක් විතර වලව්වට ආදරේ වැඩි වගේ. ඒ හින්දා අකමැති කෙනාට විරුද්ධව පැමිණිලි කරනවා.

:       1       12

samanSaturday, 09 November 2019 06:31 AM

සමහරු පරාජයෙන් වියරු වැටුණහම තමන් කරන්නේ මොනවද කියලා තමන්ම දන්නේ නෑ. එ්කයි ඔය නීති විරෝධී වැඩ කරන්නේ...

:       43       72

solias Saturday, 09 November 2019 02:29 AM

2015 පංචවිධ ක්‍රමය ගැන අපි දහසක් බලාපොරොත්තු තබාගෙන හිටියේ. අද පංචවිධ ක්‍රමය ගැන ඇහෙන්නේවත් නැහැ. ඒ කියන්නේ පංචවිධ ක්‍රමය ඉවරයිද?

:       23       34

samanwimalaSaturday, 09 November 2019 05:58 AM

දැන් තියෙන්නේ පච විධි ක්‍රමයනේ...

:       7       70

Suranjith Saturday, 09 November 2019 04:21 AM

ඡන්දය දිනන්න බැරි අය තමයි කුඩුකාරයන්, හොරුන්.. දුප්පතාගේ හිතවතාට සහයෝගයට මේ රටේ දුක්විඳින මිනිසුන් පෙළ ගැසී ඇත..

:       3       578

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1104 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1127 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site