(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තායි කාන්තාවන් 23 දෙනෙකු යොදාගෙන ලාංකික කාන්තාවක් කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් අද (04) වටලා ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
කොල්ලුපිටිය පොලිසියේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් අනුව පොලිස් කොස්තාපල්වරයෙකු උපාය දූතයෙකු ලෙස යොදවා ගෙන මෙම ස්ථානය වටලනු ලැබුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව බව පොලිසිය පැවසීය.
ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථායක් ලෙස නාම පුවරු ප්‍රදර්ශනය කර මෙම ගණිකා මධ්‍යස්ථානය රහසිගතව කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් තායි කාන්තාවන් අතර සංචාරක වීසා මත මෙරටට පැමිණි අයද සිටින බවත් ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 20 ත් - 40 ත් අතර පසුවන්නන් බවත් පොලිසිය පැවසීය.
COMMENTS
ඔවුන්ගේ රටේ වගේ මෙහෙත් කරන්න පුලුවන් කියලා හිතන්න ඇති....
අපේ පොලිසිය උනන්දුවෙන් කරන රාජකාරිය ඕක තමයි...
මේ ලෝකයේ පැරණිම රැකියාව හැටියටයි යුරෝපා රටවල් හදුන්වන්නේ... ඒ වගේම තවමත් යුරෝපයේ රටවල් වල මෙම රැකියාව කරන්න අවසර දී තිබෙනවා. එ්කෙන් කාන්තා ළමා දූෂණ අවම වී පිරිමින්ගේ අසහනය පාලනය කෙරෙනවා.
මෙය නීතිගත කළ යුතුයි කියලා මම යෝජනා කරනවා.
බදු ගහලා පවත්වාගෙන යන්න අවසර දෙන්න. එයත් සේවයක්.
කරුණාකරලා මෙය නීත්‍යනුකුල කරන්න .මෙය මිනුසුන්ගේ අවශ්‍යතාවක් .මේ පොඩි දරුවන්දුෂණය වගේ දේවල් සිදුවන්නේ මෙම කරුණු නිසයි
උපාය දුතයා ගිය එකාට මරු
පොලිසියත් ඉතින් උදේම භාවනා කරලා කැමැත්තෙන්ම කරන්න රාජකාරි නම් වෙරළේ ඉන්න, හෝටල් කාමරේක ඉන්න පෙම්වත්තු අල්ලන එක සහ ගණිකා නිවාස වටලන එක. රටේ සිදුවන දරුණුම අපරාද මේවද?
මොන විහිළුවක්ද අවුරුදු ගානක් කොල්ලුපිටියේ පවත්වාගෙන ගියානම් කොල්ලුපිටියේ පොලීසිය ගැන හිතා ගන්න පුළුවන්නේ. මොවුන් අල්ලස් ගෙන නැතිනම් මෙපමණ කාලයක් කොහොමද හොරෙන් කරන්නේ. ඒ නිසා කොල්ලුපිටියේ පොලීසියට එරෙහිවත් රාජ්‍ය දුෂණ මර්ධන ඒකකයක් විසින් පරීක්‍ෂණ මෙහෙයවිය යුතුයි.
මට නම් මේ කාන්තාවන් ගැන හරි දුකඊ. මමත් කියන්නේ මෙය නීති ගත කරන්න කියල
ඇමති බිස්නස් එකක් වගේ මේකත්.
සදාචාරය මත පදනම් වු දෙයක් බැවින් සුදුසු නීතිමය පසුබිමකට අනුකූල විය යුතුය.