ඉන්දියාවේ බටහිර ගුජරාට ප්රාන්තයේ සුරැට් නගරයේ තට්ටු හතරකින් යුත් වාණිජ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නක් හේතුවෙන් 17දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
"ගොඩනැගිල්ලෙන් ඝන කළු දුමාරයක් නැගෙද්දී ඉහළ මහලේ සිටි පුද්ගලයන් බිමට පැන්නා, සමහරු පහළට රූටා ආවා" යැයි බලාසිටින්නන් පවසා ඇත.
පොලිසිය පවසන්නේ ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය අමතර ඉගැන්වීම් පන්තියක සිටි සිසුන් බොහෝමයක් මියගිය අය අතර සිටින බවයි.
මියගිය සියලු දෙනාම අවුරුදු 20ට අඩු අය බවද සඳහන් වේ.
පඩිපෙල ආසන්නයෙන් ගින්න හටගෙන ඇති හෙයින් ඔවුන්ට පිටතට පැමිණීම අපහසු වී ඇත.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි අනුමාන කෙරේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd