(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි. ඒ. එස්. වීරවංශ)
මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් සමනලවැවේ ජලමට්ටම සීග‍්‍ර ලෙස පහළ බැසීම නිසා ජලාශයට යටවූ කිංචිගුණේ ගම්මානයේ වරකාවෙල වෙල්යායත් කිංචිගුණේ විහාරස්ථානයත් මතුව තිබේ.
සමනලවැව ජලාශයට වතුර පිරවීමෙන් පසු මේ ආකාරයට වතුර අඩුවූ පළමු අවස්ථාව මෙය බව ප‍්‍රදේශවාසීහු කියති.
ලංකා විදුලිබල මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් පැවසුවේ සමනලවැවේ ජලමට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 132ක මට්ටමේ දැන් පවතින බවත් එය මීටර් 124 දක්වා එනම් මීටර් අටකින් පහළ ගියහොත් සමනලවැවේ ජල විදුලිය නිපදවිය නොහැකි බවත්ය.
වතුර අඩු නිසා මතුව ඇති කිංචිගුණේ විහාරස්ථානයේ තිබූ චෛත්‍යය කිසියම් පිරිසක් විසින් නිධන් සෙවීමේ අරමුණු ඇතිව හාරා ඇති බවද ප‍්‍රදේශවාසීහු කීහ.
සමනලවැවේ ජල මට්ටම සීග‍්‍ර ලෙස පහළ බැසීම නිසා වැව ආශ‍්‍රිතව කෙරෙන මිරිදිය ධීවර කර්මාන්ත කටයුතුවලට ද බාධා එල්ලවී ඇතිබව මිරිදිය ධීවර දෙපාර්තමේන්තුව පවසයි.




COMMENTS
සමනල වැව පිළිබඳව කියවෙන සුන්දර ගීතය මතකයට නැගෙනවා...
රවීන්ද්‍ර ඔබට සමනල ගීත මතක්වෙනවා. දැන් ලංකාවේ සමනල්ලු වැහිවැහලා උන්ගේ බිත්තරවලින් දලඹුවෝ හැදිලා වගා විනාශ කරනවා. මේවාට පිළියම් සෙවිය යුතුයි.
තව ගෑස් කපන කියාත් වලට බලපත් දෙන්න.
තව ගස් ටිකක් කපලා දැම්මොත් නරකද? එතකොට වතුර පිරේවි...
ඕකේ තියෙන ජල කාන්දුවට දැන් වතුර අඩුනිසා පිලියම් යොදන්න පුලුවන්නේ... මම දන්න විදිහට ඔය කාන්දු වෙන වතුරෙන් පුද්ගලික ආයතනයක් පොඩි විදුලි බල ප්‍රමාණයක් නිපදවනවා. ඒත් ඒ කාන්දුව නැවැත්තුවා නම් සමනල වැව ජලාශයෙන් නිපදවන විදුලිබල මෙගා වොට් ප්‍රමාණය දෙගුණ කරන්න පුලුවන්... ප්‍රයිවට් පවර් ස්ටේෂන් එකෙන් ජරාව කාලා ඒ කාන්දුව වහන්නේ නෑ...
මේ වගේ වෙලාවක තමයි ගඟ සුද්ද කරන්න ඕනේ..
තව තව ගස් කපාපල්ලා ... එතකොට ඔය වලවල්වලටම දාල අපිවත් වහපල්ලා .....
රටක ගස් කැපීම සහ වැස්ස අතර සම්බන්දයක් නැහැ ලංකාව ගත්තොත් අපි ප්‍රධාන මෝසම් වැසි දෙකකිනුත් අන්තර් මෝසම් වැසි වාර දෙකකිනුත් පෝෂිත රටක් . මේ වැසි වලට කෙලින්ම බලපානේ සාගරයේ උෂ්ණත්වය , සුළඟ , වගේ තව අටෝරාසියක් දේ මිසක් ගහකොළ නෙමෙයි... ගහකොළ සහ වනාන්තර කරන්නේ ඒ වැටෙන ජලය රඳා පවත්වා ගැනීම විතරයි . වනය විනාශ කරන්න, ගස් කපන්න ඕනය කියල මේකෙන් ගම්‍ය වෙන්නේ නැහැ . නමුත් යාන්ත්‍රික කියත් වලට බලපත් දීම වගේ හාස්‍ය ජනක දේවල් වලින් වනාන්තර කපන එක නවත්වන්න බැහැ .විල්පත්තුව වගේ තැන්වල "දේශපාලන වන සංහාර වෙද්දී "
අපි තව දුරටත් පරිසරය වනසනනන්ට කඩේ යමු