IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සජිත්ට අපේක්ෂකත්වය ඉල්ලා සඟ පෙරමුණ පා ගමනක

(හසිත රංග ගුණතිලක)

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය වහාම ලබා දෙන්නැයි ඉල්ලමින් ත්‍රෛනිකායික මහා සංඝරත්නය ප්‍රමුඛ සමස්ත ලංකා ත්‍රෛනිකායික සඟ පෙරමුණ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි බුදු පිළිම වහන්සේ අභියසදී අද (20) අධිෂ්ඨාන පූජාවක නිරත වූහ.

අධිෂ්ඨාන පූජාවෙන් අනතුරුව ත්‍රෛනිකායික මහා සංඝරත්නය එෆ්.ආර් සේනානායක මාවත ඔස්සේ පා ගමනින් කොළඹ 07 නිදහස් චතුරස්‍රයට වැඩම කළහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර) 



අදහස් (74)

සජිත්ට අපේක්ෂකත්වය ඉල්ලා සඟ පෙරමුණ පා ගමනක

ranil Friday, 20 September 2019 12:35 PM

අන්තිමට ඔය කොයි කවුරුත් යන්නේ සිවුර ලඟටයි.

:       154       49

NishanSaturday, 21 September 2019 08:38 AM

මේ වගේ බලපෑම් වලට කිසිසේත්ම යට විය යුතු නෑ. කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හරි වැඩේ කරවගන්න හැටි පියාණන්ගෙන් ඉගෙනගන්න ඇති. 21 වෙනි සියවසට රට ගෙනියන්න ඔය තියරි වලින් බෑ සජිත් මහත්තයෝ. රටට ඕනේ දිනූ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන නායකත්වයක් මිසක් ආපස්සට කරකවන්න කතා කරන කෙනෙක් නෙවෙයි. ඔබතුමාට තව ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. මේවයෙන් පෙන්නුම් කරන්නේ එ්කයි.

:       340       1038

chandimaSunday, 22 September 2019 05:13 PM

මෙතන වෙලා තියෙන්නේ කඩේ යාමක්... පිතිකරු පිටියට යවන්න කලින් හුරේ දාලා චියර් පාරක් දීලා වීරයෙක් කරලා පිටියට යවනවා වගේ, රනිල් මෙයාව අපේක්ෂක සටනින් ජයගත් ජයග්‍රාහකයෙක් විදියට, සඟරුවනේ අාශීර්වාද ලත් අපේක්ෂකයෙකු විදියට, ජනාධිපති පොරපිටියට තල්ලු කරන්නටයි සුදානම් වෙන්නේ. ඒ ඔහු මෙම ජනාධිපතිවරණයෙන් පසුව වහ වහා පාර්ලිමේන්තුව විසුරුවා නොහරින, මැතිවරණයෙන් පසුව ලැබෙන රනිල්ගේ විධායක අගමැතිකමට අත නොතබන, විශ්වාසය මතයි. යමක ඔපය පෙනෙන්නේ ඒ වට ඇති දේ අපවිත්‍ර වී ඇති තරමටයි. එ් නිසාමයි රනිල් සිය සගයින් ලවාම පසුගියදා තමන්වම කුජීත කරගත්තේ...

:       0       0

nayana Friday, 20 September 2019 12:52 PM

අයියෝ දෙයියනේ සංඝයා වහන්සේ ඉල්ලා වැටිච්ච තැන...

:       1048       3145

MaheeSaturday, 21 September 2019 09:18 AM

nayana, ඔබට ඩිස්ලයික් දාලා තියෙන ගණන අනුව මොකක්ද ඔබට වැටහෙන්නේ? මේ එක්කෙනෙක්වත් සංඝ ගෞරවය ගැන අල්පමාත්‍ර තැකීමක්වත් නැති අන්ධයෝ කියන එක නේද? "රටකට ලැබෙන්නේ ඒ රටට ගැලපෙන ආණ්ඩුවකි" යන්න ප්‍රසිද්ධ කියමනක්. මන්ද බුද්ධිකයන් වැඩි රටකට රැවටිලිකාරයින්ගෙන් යුත් ආණ්ඩුවකුත්, බුද්ධිමත්ව සිතන්නවුන් වැඩි රටකට බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් ආණ්ඩුවකුත් ලැබෙනු ඇත. කොටින්ම නීතියක්, සදාචාරයක් නැති අය වැඩිපුර ඉන්න රටකට නීතිය නවන පාලකයින් පිරිසකුත්, නීතියට සදාචාරයට ගරුකරන අය වැඩිපුර ඉන්න රටකට නීතියේ ආධිපත්‍යයට ගරුකරන පාලකයිනුත් ලැබෙනු ඇත. ඉතින් අපි කොහොමද දොස් කියන්නේ අපිට ලැබිලා ඉන්න මංකොල්ලකාර රැවටිලිකාර රොත්ත ගැන? ඒ අය තමයි අපිට ගැලපෙන්නේ.

:       84       717

senaSaturday, 21 September 2019 10:50 AM

ඔබේ අදහස් 100% ක් ම හරි. නමුත් බුද්ධිමතුන් නිශ්ශබ්දව සිටීමෙන් රට හරවන්න බැරි තරම් අගාධයකට වැටේවි..!!!

:       1       145

victor Friday, 20 September 2019 12:54 PM

එක්සත් ජාතික පක්ෂය කඩවන මහින්ද ඩෙගා පෙරමුණ පාරට ඇවිත්...

:       391       285

Chanak los angeles Friday, 20 September 2019 01:32 PM

මෙන්න එජාපයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය...

:       114       326

Mahee Friday, 20 September 2019 01:52 PM

අපිව තව තවත් කලකිරවන්න එපා හාමුදුරුවනේ. බුදුසසුන ගැන නෙමෙයි. දේශපාලනඥයින්ට කඩේ යන ඔබවහන්සේලා ගැනයි කලකිරීම. එක කට්ටියක් හිරේ ගිය අයගේ දඩ ගෙවන්න පාරවල්වල ඇවිද්දා. සමහරු අපට අහගෙන ඉන්නවත් බැරි දේවල් කියනවා. අනේ සංඝ ගෞරවයට ගිය කලක්...

:       142       868

lalithmSaturday, 21 September 2019 06:43 AM

සංඝයා වනන්සේලට අකැප දේවල් නේද බල අරගලය. මොනවා කිව්වත් අර රන්ජා කියන කතාව හරි. චීවර ධාරියා සහ සංඝයා වහන්සේලා කියන්නේ කට්ටි දෙකක්. මේ පාරවල් දිගේ යන්නෙත් සල්ලි පිඬු සිඟා ගියෙත් චීවරධාරීන් මිස සංඝයා වහන්සේලා නොවෙයි. තව කට්ටියක් සල්ලි හිඟ හිඟා පන්සල්වල ගොඩනැගිලි හද හද ඉන්නවා. සාසනය තනිකරම දැන් දේශපාලනය වගේමයි.

:       0       213

CHANDIMA Friday, 20 September 2019 02:32 PM

මෙයිට මස කිහිපයකට කලින් එක්සත් ජාතික පක්ෂය මුළුමනින්ම ජනතාවට එපා වෙලා තිබුණේ රනිල් නිසා. රනිල් ඉතා සුක්ෂම ලෙස බලු පොරයක් මවාපාලා ඒ විරෝධය තනිකරම රනිල් විරෝධයක් බවට පෙරලා ගත්ත. දැන් මේ උන්නන්සේලට සේරම අමතකයි සජිත් පෙනෙන්නේ අපමහබෝසතනන්ටත් වඩා ඉහල කෙනෙක් විදියටය. ඉස්සර පික්චර් බලන්න ගියාම එකේ පයිට් එකක් දැක්කම දිනපු නළුවා කාලයක් යනකන් අපිට වීරයෙක් වගේ පේනවා වගේ, දැන් සියලු මඩ සෝදා සජිත් සුද්දෝධන වුණාය. මේ වෙළඳ න්‍යාය නිසාම එහි උච්ච ස්ථානයට ඇවිත් හැකි අන්තිම දිනය දක්වාම නරබන්න කුල්මත් කරන සටනක් පෙන්වා අවසානයේ ජයග්‍රාහකයා ලෙස සජිත්ව නම් කර ඒ ජයග්‍රාහී උණුසුම පිට ඡන්දයට යන්නටයි රනිල්ගේ වෑයම. ඒ නිසා නාමයෝජනා දීමේ අවසන් දින දක්වා සජිත් වීරයකු කිරීමේ ක්‍රියාවලිය දිගටම යනු ඇති. මේවට රැවටී ලාම්පුවට රැවටුණු මෙරුවන් මෙන් මේ උන්නාන්සේලා තමන් වහන්සේලාටත් රටටත් කරන අමනොඥ විනාශය නිසාම තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජබෙනු ඒකාන්තය.

:       162       480

ddd Friday, 20 September 2019 03:34 PM

අනේ හාමුදුරුවනේ මේ වගේ තුට්ටු දෙකේ දේශපාලුවන්ට කඩේ යන්න එපා.. මේ දේශපාලුවෝ අපිට හැමදෙයක්ම නැති කළා, අපිට දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඔබ වහන්සේලාගේ පිහිට තමයි, අපිට සඟ රැකවරණය සහ දහම් රැකවරණයත් නැති කරන්න එපා.. තෙරුවන් සරණයි.

:       101       1050

sumith Friday, 20 September 2019 03:59 PM

අනේ දුකයි ඇත්තටම සංඝයා වහන්සේලා කියන්නේ එක එක දේශපාලුවන්ට කඩේ යන්න ඉන්න අය නෙවෙයින‍ේ..!!! අනේ දුකයි ..!! මෙහෙම දේවල්..!!! අනේ අපේ රට සහ අපේ ආගම..!!!

:       54       653

Upali GunasekaraSunday, 22 September 2019 12:47 PM

මගේ පෙති පිළිමයක් අබියස සිට කුමක් උදෙසා මෙසේ වැඳ නමස්කාර කරවුද? ඉල්ලා සිටින්නේ, ගිහියෙකුට රාජ්‍යත්වය ලබා දෙන ලෙසද? එසේකරවූ නම් මා අනුදත් චීවරය හැර පියා ගොස් එසේ කරව්.

:       0       59

athula Friday, 20 September 2019 04:36 PM

සජිත් දිනීමෙන් වෙන්නේ රනිල්ගේ විධායක අගමැති සිහිනය ස්ථාවර වීමක් බව මේ උන්නාන්සේලාට නොතේරේද? ඔය පෙළපාලි යන්නේ පඹ ජනාධිපතියකු වෙනුවෙනි.

:       66       208

Dilshan Friday, 20 September 2019 04:43 PM

අනේ මන්දා බන්, මේ අයට මොනවා කැවිලද කියලා..?

:       35       130

Chanak Los Angeles Friday, 20 September 2019 04:52 PM

අනේ අර සාමනේරවරුන්වත් ගෙන්වලා තිබෙන්නේ දේශපාලන කමටහන් දෙන්නද?

:       53       149

dd Friday, 20 September 2019 06:47 PM

හාමුදුරුවරුනි,. බුදු හාමුදුරුවන්ගේ නාමයෙන් ඔය වැඩ කරන්න එපා.

:       0       121

කරුණාපාල Friday, 20 September 2019 07:29 PM

බුද්ධ දර්ශනයෙන් ඔබ්බට ගිය බඩගොස්තර වාදය ඇස් පනා පිටම ඔප්පු කල තවත් එක්තරා සුන්දර දර්ශනයක්. බෞද්ධයින් වූ අපට මාර ආඩම්බරයක් තමයි හිතට දැනෙන්නේ? කාටද ආඩම්බර?

:       0       0

siri Friday, 20 September 2019 09:02 PM

මේ හාමුදුරුවන් වහන්සේලා දැක්කහම දුකක් ඇතිවෙනවා.'හීන මානයෙන් අගතැම්පත් මිනිහකු වෙනුවෙන් මේ විදියට දගලන්නේ.

:       1       59

ලාල් Friday, 20 September 2019 10:12 PM

මේ භික්ෂූන්ව හික්මවන්න බැරිද, මේ රටේ බුද්ධාගම බේරා ගන්න?

:       22       49

බොරලැස්ගමුවේ සුමේධ හිමි Saturday, 21 September 2019 02:17 AM

තමා පැවිදි වුණු පරමාර්ථය ගැන හිතන්න. මේ උතුම් බුද්ධ චීවරේ බාල්දු කරන්න එපා එක එක දේශපාලකයන්ට කඩේ ගිහින්. අපි පෙනීසිටින්න ඕනෑ රට, ජාතිය, ආගම වෙනුවෙන් පොදු අරමුණුවලට මිසක් එක එක පුද්ගලයන් වෙනුවෙන් නෙමෙයි. ඔබ වහන්සේලා මේ කරන දේවල් නිසා අපිට පැවිද්දන් විදිහට විශාල ලැජ්ජාවකුයි දැනෙන්නේ...

:       1       636

chandimaSaturday, 21 September 2019 09:54 PM

මේ බොහෝමයක් දෙනා කුලියට ගෙනාපු පිරිසක්. සමහරු මළාට පස්සේ ලැබෙන රක්ෂණය නිසා මළත් කමක් නැහැ කියල අපු කට්ටිය. තවත් සමහරු මේ වදේටම එන්න හිස මුදු කරගෙන පසුගිය දිනවල මුස්ලිම් කඩ වලින් සොරගත්තු අටපිරිකර වලින් සැරසුණු කට්ටිය. මේක මැතිවරණයට පෙර සජිත්ට මහා සංඝ රත්නයේ ආශීර්වාදය ඇතිබව හැඟවීමට සංවිධානය කල උපායක කොටසක් හාමුදුරුවනේ.

:       0       55

Lal Saturday, 21 September 2019 03:15 AM

අනේ හපොයි, අපේ මහා සංඝරත්නය මේ තරමට පිරිහිලද..? හරිම කණගාටුයි.

:       63       135

මහකළුසිංහලයෝ Saturday, 21 September 2019 03:42 AM

සසර යනු කුමක්දැයි තේරුම්ගෙන, පිරිසිදු බුද්ධ වචන අනුව ඒ නිවන ප්‍රත්‍යක්ෂයෙන් සාක්ෂාත් කිරීමේ අරමුණ පෙරදැරිව බුද්ධ චීවරය දරන උතුම් යතිවරයාණන් මෙවැනි දේට පෙළැඹෙන්නෙ නැහැ. බුද්ධ බෝග වලට ආශාවෙන් බුදුන්වහන්සේ ජීවමාන සමයේත් මෙවැනි අය උන්නා. ශාසනයේ පැවැත්මට කියලා නොදරුවන් පැවිදි කිරීමේ ආදීනව තමා මේ... එසේ පැවිදි කරන කුඩා දරුවන්ගේ ඉතා සීමිත පිරිසයි සසුන් වැඩ ඇතිව පිලිවෙත් පුරන්නේ. ජීවිතයේ ආශ්වාදය නොදන්න නිසා ආදීනවයක් නොදන්න, ආදීනව නොදන්න නිසා නිස්සරණය සොයා යන්නට වුවමනාවක් නැති අය පසු කාලයේදී ගිහිවත් පිලිවෙලට සිවුරේ හිඳිමින්ම යොමු වෙනවා. එයම හේතුවක් නිවන් මාර්ගය වැසී යාමට.. අද තියෙන්නේ පීකර් බුදු දහමක්. අසල් වැසියන්ට කරදර වෙන පරිදි මහා සද්දෙන් කවිබණ පිරිත් දැම්මහම සේරම හරි කියලා හිතන ගිහි පැවිදි අය වැඩිපුර ඉන්න කාලයක්. දුප්පතෙකුට කඨින පිංකමක් කරන්න අවකාශ නැති කාලයක්...

:       47       641

මහකළුසිංහලයෝ Saturday, 21 September 2019 03:43 AM

ධාතු පූජා, අටවිසි බෝධි පූජා, පලතුරු පූජා, ගිරිභණ්ඪ පූජා, යනාදී වශයෙන් බොහෝ පූජා වර්ග, ප්‍රාර්ථනා විධි බහුල, ආමිසයම උත්කර්ශයට නංවා මුදලට මුල්තැන දීම නිසා ප්‍රතිපත්තිය යටපත් වූ කාලයක්. එමනිසා, නිවන් දකින්නට අබමල් රේණුවක් හෝ හිතේ ඇති මිනිසුනි... මෙව්වා උදාහරණ ලෙසින් ගෙන, මෙව්වා සමග ගැටෙන්නට නොයා තමන්ගේ ආත්ම විශුද්ධිය පිණිසම කටයුතු කරව්... !

:       71       109

Thilina Saturday, 21 September 2019 03:50 AM

මොන විකාරයක්ද මේ? කවුද ඔය කියන පුද්ගලයා ඉල්ලන්නේ? රටේ මිනිස්සුද? නැත්තං පක්ෂයක් බදාගෙන ඉන්න මෝඩ මිනිස්සු ටිකක්ද? මොනවද මේ මනුස්සයා පහුගිය අවුරුදු 4ක් තිස්සේ රටට විනාශකාරී තීන්දු තීරණ ගනිද්දී කලේ? වචනෙකින් විරුද්ධව කතා කළාද? මේයා නෙමෙයි කවුරු ගෙනාවත් මේ පාර පරදිනවා. ඒකෙ දෙකක් නැහැ.

:       320       551

athuraSaturday, 21 September 2019 06:22 AM

කවුද දිනන්නේ...?

:       0       3

aruniSaturday, 21 September 2019 06:26 PM

කව්රු කෑ ගැහුවත්, දැඟලුවත් න්තිමට ජනතාව දිනවන්නේ නාගානන්ද මහත්මයාවයි. එතුමාට ඔබගේ වටිනා ඡන්දය දීමෙන් මේ රට විනාශ කරපු දේශපාලුවන් පන්නා දැමිය හැක.

:       53       365

Delinda Uduwara Saturday, 21 September 2019 04:24 AM

අපේ රටත් විනාශ වුණේ මේ දේශපාලකයින් නිසා හා දේශපාලනයට බැඳුණු ඇතැම් සංඝයාවහන්සේලා නිසාවෙනි.

:       50       115

Lebbe Saturday, 21 September 2019 05:35 AM

පහුගිය දවස් වල සංස්කෘතික දෙපාර්තමේන්තුවේ පිල්ලි ගහපු කෝටි 120න් ඇබිත්තක් ලැබුණු සජිත්ගේ අය...

:       0       38

Dusara Saturday, 21 September 2019 06:25 AM

7 - 8 වතාවක් රැවටිලත්, තාමත් කපටින්, හොරුන්, මිනීමරුවන්ට කඩේයන්න ලැජ්ජනැද්ද?

:       0       11

mp Saturday, 21 September 2019 06:46 AM

යැදලා කිසිම දෙයක් ගන්න බැහැයි කියලා බුදුහාමුදුරුවන් කීපු කාරණයවත් අහන්නේ නැද්ද? දන්නේ නැද්ද?

:       14       74

Nilantha Saturday, 21 September 2019 06:49 AM

පක්ෂයක ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ ඉල්ලන්නේ එම පක්ෂයේ සංවිධාන හා සාමාජිකයෝ. එජාපයේ සජිත්ට අපේෂ්කත්වය වහාම ලබා දෙන්නැයි ත්‍රෛනිකායික මහා සංඝරත්නය ප්‍රමුඛ සමස්ත ලංකා ත්‍රෛනිකායික සඟ පෙරමුණ ඉල්ලන්නේ බුද්ධ ශාසනය UNP වෙලාද?

:       0       17

Rata Perata Saturday, 21 September 2019 06:53 AM

අපේ පිවිතුරු බුදු දහම විනාශ නොකර, කරන සංදර්ශනයක් කරන්න...

:       0       71

Mahendra Saturday, 21 September 2019 07:24 AM

සජිත් ආවේණිකවම ජනතාවාදීය. ඔහු නිරන්තරයෙන්ම ජනතා හඬ අනුව වැඩ කරන්න සූදානම් බව ප්‍රකාශ කරයි. විධායක ජනාධිපති ක්‍රමය, ආර්ථික මොඩලය, මාධ්‍ය නිදහස හෝ වෙනයම් නිශ්චිතව ප්‍රතිපත්තියක් ප්‍රකාශිත විය යුතු තැන ඔහු ප්‍රතිපත්තිමය අදහසක් දරන්නේ නැත. එසේම අන්ත සුභසාධනවාදීය. සියළු දේ නොමිලේ දීමට සූදානම්ය. මෙහි ආර්ථික ප්‍රතිඵලයන් ගැන අසංවේදීය. සජිත් පිලේ කිසිම කෙනෙක් විවෘතව පැමිණ ඉරාන්, හර්ෂ, මංගල පවා මේ ප්‍රතිපත්ති විවේචනය කරන්නේ නැත. මෙය කෘතිම තත්වයක් බව කිවයුතු නොවේ. රනිල්ගේ ප්‍රතිපත්ති සමඟ කෙලින් හැප්පෙන කිසිම කෙනෙක් සජිත්ගේ යෝජනා සමඟ ගැටෙන්නේ නැත. යම් තීරණාත්මක තැනකදී 'සජිත් කෙලවා ගන්නවා නම් කෙලවා ගනින්' යන ප්‍රතිපත්තියේ බොහෝ දෙනෙක් සිටින බව පෙනේ. හරීන් සජිත්ට වඩා ආර්යාවට හිතැතිය. මලික් සහ කබීර්ව සජිත් පිළට ඇද දැමුවේ සිරිසේන ජනාධිපතිවරයා බව ප්‍රසිද්ධ කාරණයකි. යහපාලන රජයේ වඩාත් ආන්දෝලානාත්මක චරිතය මලික් ලෙස සැලකේ.

:       0       48

janahitha Saturday, 21 September 2019 07:51 AM

ස්වාමීන් වහන්සේලා පාත්තරය අතහැර මුට්ටිය රැගෙන පිණ්ඩපාතයේ යාම සුදු අධිරාජ්‍යවාදී පාලන සමය තුළ ආගම පරිහානියට යැවීම, රටට නොගැලපෙන නුපුරුදු දේශපාලනය හඳුන්වා දීම තුළින් සාපරාධී ලෙස සමාජ ව්‍යවසනය, විනය පිරිහීම පිළිබිඹු කරයි.

:       0       31

dasaraja Saturday, 21 September 2019 07:52 AM

පත්තර දෑතේ නැත. මුට්ටි නම් ඇත.

:       0       10

galaboda aththe Saturday, 21 September 2019 07:54 AM

සිවුරු කොළ පැහැයෙන් විය යුතු වෙනවා.

:       7       142

ajasththa Saturday, 21 September 2019 07:55 AM

සජිත්ට අපේක්ෂකත්වය ඉල්ලා සඟ පෙරමුණ ගොටු ගමනක...

:       1       16

kamal Saturday, 21 September 2019 08:13 AM

පන්සිල් පද පහවත් රකින්න බැරි ගිහියන්ට මහා සංඝරත්නය කියන්නේ කවුද?

:       0       17

Nazar Saturday, 21 September 2019 08:22 AM

පන්සලට වෙලා හිටපු එකේ වෙනසකටත් එක්ක ඔහොම දෙයක් කරන එක හොඳයි.

:       0       10

savant Saturday, 21 September 2019 09:01 AM

මම බෞද්ධයෙක් හැටියට නායක හාමුදුරුවරුන්ගෙන් ඉල්ලනවා සජිත්ටවත්, ගෝඨාටවත් කාටවත් මේ විදිහට කඩේ යන්න හමුදුරුවන් පාරට බස්සන්න එපා කියලා, අපේක්ෂකයිනි, මේවා කරවලා බෞද්ධ අපිව තවත් නැතිකරන්න එපා. සජිත් මහත්තයෝ, කවුද මේ වැඩේට මුල්වුණේ?

:       0       128

PrabhaSaturday, 21 September 2019 06:45 PM

ඉතින් එයාලත් කඩේ යනවනේ.

:       0       4

බද්රානි Saturday, 21 September 2019 09:31 AM

ලැජ්ජා නැතිකම හාමුදුරුකමටත් වඩා ලොකුයි කිව්වලු? එක අතකට ඉතින් කොතැනින් හරි බඩපිරෙනවා නම්, මොන ලජ්ජාවක්ද අපට, නේද?

:       88       112

lalithm Saturday, 21 September 2019 11:23 AM

සංඝ විනය පිරිහිලා. මහනායකවරු නින්දේ!! නැහැ, ප්‍රකාශ නිකුත් කරනවා...

:       0       16

nimal Saturday, 21 September 2019 11:44 AM

පාත්තරේ දරාගෙන පිඬු සිඟා වැඩිමෙත්, පොල්කට්ට අරගෙන සිඟමන් යෑමේත් වෙනස පැහැදිලියි.

:       21       5

sunil Saturday, 21 September 2019 11:48 AM

අනිත් ආගමික උන්නාන්සේලාට පක්ෂ දේශපාලනේ ගැන මේ තරම් භක්තියක් නැතිවීම ගැන අපිට ලැජ්ජයි. ඉක්මණටම මේ ස්වාමීන් වහන්සේලාගේ සීලවන්තකම ආදර්ශයට අරගෙන කටයුතු කරන්න.

:       0       14

samantha jayamanna Saturday, 21 September 2019 12:32 PM

දින කිහිපයකට කලින් සාමනේර උන්නාන්සේලා දෙනමකට අපවත් වෙන්න තරම් ගහලා තිබුණා වසලයෙක්. මේ කිසිම උන්නාන්සේ නමක් ඒ දෙනම වෙනුවෙන් එක බෝධි පූජාවක් කලාද? දේශපාලුවෝ වෙනුවෙන් මේ කඩේ යාම නතර නොකළොත් බුද්ධාගමේ අභාවය වැඩි ඇතක නොවෙයි. හරිම කණගාටුයි රටකට ගිය කලක්...

:       0       45

sandy123Sunday, 22 September 2019 10:22 AM

ඔබතුමාගේ අදහසට මම 100% ක් එකඟයි. එහි ඇති අදහසේ යතාර්ථය ගිහියන් වන අපිට තේරුම් ගියත් පැවිදි ස්වාමීන්වහන්සේලාට නොතේරන එකයි හිතට දුක.

:       0       24

බද්රානි Saturday, 21 September 2019 12:50 PM

පිනට කන්න දෙනවා නම්... පිනට බොන්න දෙනවා නම්... මොන කෙං ගෙඩියද තව ඕනෑ කියන්නේ?

:       56       81

උන්නාන්සේලාMonday, 23 September 2019 03:13 AM

ඔයා තමයි දවසකට වත් කෙනා අනේ

:       0       2

Bamunuarachchi Saturday, 21 September 2019 01:22 PM

සජිත්ට දෙමල අයයි, මුස්ලිම් අයයි සපෝට් එක දෙන්නේ මොනවා පොරොන්දු වුණ නිසාද කියා සොයා බැලුවද? මෙයා පන්සල්වලට දුන්නේ ජනතා මුදල්. අනුර බණ්ඩාරනායක කිව්ව විදිහට ලැවරියා වික්කා. මේ පරම්පරාවට පන්සල් හදන්න ගේන්න තරම් සල්ලි කොහෙන්ද ආවේ...?

:       28       101

dikson wikramanayake Saturday, 21 September 2019 01:41 PM

සාමනේර භික්‍ෂූන්ට පහරදීම යුනිසෙෆ් හෙළා දකී. කෝ මේ දේශපාලුවෝ වෙනුවෙන් කඩේ යන සංඝරත්නය ප්‍රමුඛ සමස්ත ලංකා ත්‍රෛනිකායික සඟ පෙරමුණ යයි කියා ගන්නා උන්නාන්සේලා කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ හෝ වෙනත් තැනකදී මෙහෙම හෙලා දැක්කද මේ සිදුවීම? බුදුන්වහන්සේම වදාල පරිදි 'මහණෙනි, මගේ බුදුසසුන විනාශ කරන්නේ මගේම සංඝයාවහන්සේලා' යැයි උන්වහන්සේ කළ ප්‍රකාශය මේ අවස්ථාවේ සිහිපත් වෙයි.

:       0       4

Sanasara Saturday, 21 September 2019 07:33 PM

සාමණේර හාමුදුරුවෝ දන්නා දේශපාලනයක් නැහැ . මේකට ලොකු හාමුදුරුවරුන් වගකියන්න ඕන. මේවා පහත් වැඩ. ජඩ දේශපාලනය අපේ හාමුදුරුවෝ මුලා කරනවා.

:       0       8

Bandara Saturday, 21 September 2019 08:19 PM

සංඝයා වහන්සේලා දේශපාලනයට අතීතයේ සිටම මැදිහත් වුණා. නමුත් ඔවුන් දේශපාලුවන්ට කඩේ ගියේ නැත.සිවුර හෑල්ලුවට ලක් කරන්න එපා.

:       0       17

beau Sunday, 22 September 2019 12:31 AM

මේ අයටතේරෙන්නේ නැද්ද ඔහු අගමැති උනොත් ඔහු බුද්ධාගම මුළු රටින්ම අතුගා දමා මේ රට අැමෙරිකන්කාරයින්ට රට පවා දෙන බව.

:       0       80

janahitha Monday, 23 September 2019 03:12 AM

ඔහු දැනට පන්සලට නොගියත් වෙනත් ආගමික පල්ලියකට සතිපතා නොවරදවා යනවා හේතුව නොදනී

:       0       0

mmm Sunday, 22 September 2019 03:19 AM

උස අය සිකුරිටි, මිටි අය කම්කරු.මේක තමා එතුමාගේ ප්‍රතිපත්තිය, ඉතුරු ටික ඔබට භාරයි. මේවගේ කෙනෙකුට රටක් භාර දුන්නොත් අායෙමත් රටක් කියල එකක් ඉතුරු වෙන්නේ නැහැ.

:       1       134

lalithmMonday, 23 September 2019 03:14 AM

ඉස්සර රජ්ජුරුවෝ කලේ උස මහත අය හමුදාවට. මිටි එවුන් කම්කරු. කොල්ලෝ ටික ත්‍රී වීල් ඩ්‍රයිවර්. තමන්ගේ එවුන් කොමදොරුල, මැති ඇමතියෝ. මෙයත් එයා වගේම තමයි. දැනටම ආර්යාවක් ඉන්නවා.

:       0       1

AmarapaalaMonday, 23 September 2019 03:24 AM

මන්ත්‍රීකමුත් උස් මිටි බලලම බෙදයි.

:       0       3

Siripala Sunday, 22 September 2019 10:00 AM

නිකම් සිවුරු පොරවා ගෙන බුදුසසුනටත් නිගා දෙන අය නියම හාමුදුරුවරු නොවේ.

:       0       3

janitha gamage Sunday, 22 September 2019 12:28 PM

නිකම් සිවුරු පොරවාගෙන බුදුසසුනටත් නිගා දෙන අය නියම හාමුදුරුවරු නොවේ. සිරිපාල මහතා ඉන්දියාවේ මේ අයට කියන්නේ නිගන්ඨයෝ, නැතිනම් සාදුවරු කියලයි. ඉන්දියාවේ ආනන්ද බෝධිය අවට මේවගේ අය ඉන්නවා... අරමුණක් නැහැ..

:       0       7

anura Sunday, 22 September 2019 01:12 PM

කුඩා සාමනේර වහන්සේලා මේ ප්‍රශ්ණ වලට රැගෙන නොආ යුතුය. පැවිදි වුනත් වයසින් බාල නිසා ළමා රක්ෂණ අධිකාරියේ අධීක්ෂණයට මේවා ලක්විය යුතුයි.

:       0       62

Sopaya Monday, 23 September 2019 01:41 AM

මුලතිව් නයාරු ගුරුකන්දේ රජමහවිහාරයේ නායක හාමුදුරුවන්ගේ දේහය පන්සල්වත්තේ ආදාහනය කරන්නවත් ඉඩදෙන්නේ නෑ.

:       0       32

janahitha Monday, 23 September 2019 03:07 AM

එක්සත් ජාතික පාක්ෂිකයන් අදහන ආගම එම පක්ෂය වෙනවා බොහොමයක් දෙන එම එජාප නම් ආගමේ ව්‍යවස්ථාව දැකල වත් නැහැ එතන බෞද්ධ හින්දු මුස්ලිම් ආගම නැහැ ඇත්තේ සිරිකොත සහ අලියා ලකුණ පමණි ධර්ම චක්‍රය ඔවුන් පිටු දකිනවා නැතිනම් අමතක කරනවා බෝම්බ දස දහසක් තම නායකයන්ගේ නොසැලකිල්ල , අකාර්යක්ෂමතාව නිසා සිදු උනත් මුදල් වංචා මගින් රටත් තමනුත් අගාදයට වැටුනත් ඔවුන් පක්ෂයට සදා ලැදිය අතහැර නොයයි දිවි පුදයි ගිනිතබා ගනියි.

:       0       5

p.d goonawardena Monday, 23 September 2019 03:14 AM

තවත් ඡන්ද දෙන්න කියන්නේ අර අපවත් උන හාමුදුරුවන්ව භූමදාන කරන්නවත් ඉඩක් දෙන්නේ නැති ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නැති. ඕකම ඇති නේද ඔබ වහන්සේලාට වෙන දේ දැනගන්න..... තවත් කඩේ යන එකේ පලක් නැත......

:       0       77

kamal Monday, 23 September 2019 07:21 AM

එජාපයට දේශනා කලේ මොන සූත්තරේද?

:       0       0

wimal Monday, 23 September 2019 07:39 AM

හාමුදුරුවනේ දේශපාලනයට නොයා පන්සලට වෙලාවට දානේ අරගන්න නැත්නම් ඔය ලැබෙන දානෙත් නැති වේවි.

:       0       6

Rasika Monday, 23 September 2019 08:00 AM

මුලතිව් වඳින්නේ කවදාද?

:       0       0

sharm warn Monday, 23 September 2019 09:56 AM

අනේ ස්වාමීන් වහන්ස, අර මුලතිව්වල නායක හාමුදුරුවන් වහන්සේ නමකගේ ආදාහනය කරන්න දෙන්නේ නැතුව නඩු කියනවා.. ඔබ වහන්සේලා සංඝයා වහන්සේලාට සිද්ධ වෙන අකටයුතුකම්වලට මෙහෙම ක්‍රියාවක් කළා නම් අපිට සතුටු වෙන්න තිබුණා. මේ ක්‍රියාව ගැන නම් අපිට හරිම පිළිකුල්.. පක්ෂයක් තුළ සිද්ධ වෙන කුලල් කා ගැනීම්වලට ඔබ වහන්සේලා මැදිහත් වෙන එක අපිට අනුමත කරන්න බැහැ. අපිට නම් එහෙම වුණොත් කොහෙත්ම උතුම් වෙන්නේ නැහැ..

:       0       0

nimaza Monday, 23 September 2019 10:02 AM

ඔබ විසින් රට සුරකින පාගමන යායුතුව තිබුනේ ටී.එන්.ඒ සහ අන්තවාදි මුස්ලිම් නායකයින් සමග හොර ගිවිසුම් ගහන විටය. වනතවිල්ලුවෙ වනසන්හාරයට එදිරිවය. රජයෙ මුදල් අවභාවිතයට එදිරිවය. රජයේ දේපොල විකුනනවාට එදිරිවය. අපවත් වී වදාල හිමිනමකට හිමිකළ යුතු ගරුත්වය පවා විනශ කළ රජයට එදිරිවය.

:       0       0

Lionel Monday, 23 September 2019 10:03 AM

නායරු ගුරුකන්දේ විහාරාදිපති ස්වාමින් වහන්සේගේ දේහය ආදාහනය සිදුකිරිම වෙනුවෙන් ඔබ වහන්සේලගේ ශාසනික මෙහෙවර කරන සේක්වා...!

:       0       0

janahitha Tuesday, 24 September 2019 06:41 AM

සිංහල බෞද්ධ ජනතාවගේ කනස්සල්ල සිත් පෑරෙන පුවත් ජනවාරි 1න් පසුව පහවී යන්නේ රටේ ජනතාවගේ තීරණය අනුවය රට හැර ගිය වුන් තවදුරටත් අප මව්බිමේ පුරවැසියන් නොවේ. ඔවුන් දැනට ජීවත්වෙන රටේ ප්‍රශ්න ගැන පමණක් යොමු වී අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 218 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site