ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා මූලස්ථානය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන , යුද හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරු ආරක්ෂක අංශ නිලධාරීහු ඇතළු පරිසක් සහභාගී වූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කිව්වත්, කාට බැන්නත් ලස්සනට තියෙනවා...!
ව්‍යාපෘතිය ඉවර කරන්න වසරක කාලයක් තමයි තිබ්බේ. හොඳට වැඩේ ගියා. ඇත්තටම ගොන්වැඩේ කලේ.. 2015 වේ ආණ්ඩුව. ප්‍රොජෙක්ට් එක නවත්වලා අවුරුදු 1.5 -2ක් ගියා නැවත පටන්ගන්න. කොන්ත්‍රාත්කරුවෝත් වැලේ වැල් නැතිව, ලාභ තිබුණු ජොබ්එක පාඩුවට ඉවර කළා. රවී කරුණානායක ගෝඨාභය වෙන්කරලා තිබුණු සියලු මුදල් අපහු ගත්තා. ඒකනිසා තමයි ආණ්ඩුවට පාඩු වුනේ... නැතිව විකුණපු එකේ වරදක් නොවේ... මේ ප්‍රොජෙක්ට් එක හින්දා කොම්පැනි 5-6ක් අධික අලාභයක් ලැබුවා. ඒ කාලය වැඩිපුර ගිය නිසා. ඒවාට වන්දි 2015 ආණ්ඩුව ගෙවිය යුතුයි...
ගෝඨාභය වැඩක් කලොත් ගතියට තියෙයි...
හොඳට තිබ්බ අටුව කඩල දාල නේද මේ පුටුවක් හදාගෙන තියෙන්නේ ?
ගෝඨාභය හමුදා මූලස්ථානය නැති කළා, අරක කළා, මේක කළා කියලා ඇතැම් අය නාහෙන් ඇඬුවා. මේ වගේ දැවැන්ත නිර්මාණයකදී ඊට මූලික වෙච්ච පිරිසට ආරාධනා නොකර කොහෙවත් ඉන්න අය ඇවිත් මේක විවෘත කිරීම කොයිතරම් නම් සදාචාර සම්පන්නද? ගරු ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිතුමා ඇතුළු අනෙකුත් යුදවිරුවෝ ගැන නෙමෙයි මම මේ කියන්නේ... ජනාධිපතිවරනෙට දවස් 8ක් තියාගෙන මෙවැනි ජාතික තලයේ වටිනාකමක් තියෙන්න නිර්මාණයක් විවෘත කිරීම මැතිවරණ නීති කඩ කිරීමක් නොවේද?
මේ ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය බලාගන්න පුළුවන් දෙයක් අරලියගහ මන්දිරයෙන් පෙනෙනවා. මම පහුගිය වසර 6 ක් තිස්සේ උදේ සවස අරලියගහ මැදුර ඉදිරිපිටින් යන කෙනෙක්. මහින්ද පරදිනකොට එටිසලාට් ගොඩනැගිල්ලට ලඟම අරලියගහ මන්දිරය තුල ලොකු ගොඩනැගිල්ලක් ඉදිකර වැඩ 98% ඉවර කර තිබුණා. ඒ වනවිට ඒ සඳහා පලංචි ගසා තිබුනේ. වසර 6 ක් තිස්සේ එම ගොඩනැගිල්ලේ වැඩ ඉවර නොකලා පමණක් නොවෙයි අර යකඩ පලංචි අද දක්වාම එලෙසම පවතිනවා. තමන්ගේ නිවාස වත් හරිහැටි පාලනය නොකරන පාලනයක් අපව බලාගනීද ?
මෙහි නිර්මාතෘවරයා වන ගෝඨාටද ආරාධනා කරන්න තිබුනා.
එදා මහා පාවා දීම කළේ නැත්නම් ඔය වැඩේ ඉවරවෙන්නේ මීට අවුරුදු ගානකට කලින්. ඔයිට වඩා සුපිරියට. ආප්පයක් රටකට කළ විනාශය.
අද බුද්ධික පතිරණ කියන්නෙත් වසන්ත කියන දේම තමයි. අද සජිත් කරේ තියාගෙන යන්නේ..., සජිත්ව ඉල්ලපු බුද්ධිකවත්, වසන්තවත්, අඩුම ගානේ හරින්වත් නෙවෙයි.. ඔවුන්ට කුරුඳු පොලුවලින් ගැහුවා මංගල ඇතුළු නඩය...
ජනාධිපති සුරතින් විවෘත කරන්නේ නැතිව කොහොම කරන්නද?
කවුරු මොනවා කළත් හමුදා මූලස්ථානය තිබුණු ඉඩම හෝටලයකට විකුණපු එක නම් වැරදියි.
මෙවන් දේවල් නිර්මාණය කළ ඔහු මග හැර සියල්ලම විවෘත කළේ එතුමා මග හැරයි. අප එය හදුන්වන්නේ අවස්ථාවාදී සහ ගුණමකු කම කියායි. එය අපේ සිංහල කමටත් අවනම්බුවකි. විදේශ රටවල් ලංකාවට ඇගිලි ගසන්නේද මේ කරුණු නිසාමයි.