(ඩයනා උදයංගනී)
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ සිව් වැනි ගුණ සැමරුම් උත්සවයක් කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෝභිත හිමියන්ගේ උපන් ගම වන පාදුක්ක මාදුළුවාවේ දී අද (08) පැවැත්විණි.
සෝභිත හිමියන් අධ්‍යාපනය ලැබූ මාදුළුවාවේ රජයේ මහා විද්‍යාලයේදී මෙම උත්සවය පැවති අතර එහි ඉදිකෙරුණු, සෝභිත හිමියන්ගේ නමින් නම් කළ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම ද මෙහිදී සිදුකෙරිණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන්ගේ ද සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
සර්ව රාත්‍රීක ධර්ම දේශනයක්ද එහිදී අද (08) රාත‍්‍රී පැවැත්වීමට නියමිත අතර හෙට (09) දින දහවල සංඝගත දක්‍ෂිණාවක්ද පැවැත්වීමට නියමිතය.
මාදුළුවාවේ රජයේ මහා විද්‍යාලයේදී පැවති ගුණ සැමරුම් උළෙලේදී කතානායක කරු ජයසූරිය මහතා විසින් සොභිත හිමියන්ගේ ඡායාරූපයකට පුෂ්පෝපහාර දැක්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති රවි ජයවර්ධන මහතාද මෙහි සිටී.
සෝභිත හිමියන්ගේ වැඩිමහල් සොහොයුරා ඇතුළු ඥාතීහු ද එම අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්වහන්සේගේ නමින් බලයට පැමිණි කෙනාට දැන් ඒවා මතක නැති වෙලාද ?
අපිට කරන ලද සේවයට ඔබ වහන්සේට එළොවදී සිටින හොඳම ස්ථානයක සිටින්නට ප්‍රාර්ථනා කරන අතර අනේක වාරයක් සමාව භජනය කරමි. යහපාලනය වැරදි නමක් අපිට හඳුන්වා දුන්නත් අපේ බොහෝමයක් මත්කුඩු ව්‍යාපාරයේ නියමුවන්ය. අන්තවාදීන්ය. නමුත් අපිට බලය කෙසේ හෝ අවශ්‍ය වෙනවා.. ඔබ වහන්සේ එතැනදී අනවශ්‍ය වැටහෙනවා ඇත.
කරු ජයසූරිය මහතාණෙනි, කෙලෙහි ගුණ නොදන්නා අධමයින් අතර ඔබවැනි කෙලෙහි ගුණදන්නා මිනිසුන් අල්ප වන්නේය. ඔබ අසුචි තැවරුණු කුණු දේශපාලුවන් අතර මැණිකක් වන්නේය. පල් හොරුන් සහ සිරිසේන වැනි මිනිසුන් නැවත අප අතර නොඉපදී මාදුළුවාවේ සෝභිත හිමි වැනි සඟ රුවන වැඩි වැඩියෙන් මේ දේශයේ පහළවේවා...!!!
එකපාරටම මතක් වුනේ මොකද? හීනෙන්වත් පෙනුණාද?
බලයට පැමිණ පැජට් පාරේ මාලිගාවට යන්නේ සෝභිත හිමියන් නිසයි කියන දේ අමතක කරලා...
අයියෝ සිරිසේන?
ආයිත් වැඳලා කරලා ලිපගිනි මොලවන්නේ ඡන්දයක් ආවාම තමයි.
යහපාලනය... සාධාරණය දැන් රට පුරා පිරිලා ඉතිරිලා දොරේ ගලනවා. ඒනිසා රටේ තියෙන හැම දෙයක්ම ඩොලර් වලට විකුණන්නේ.. 2015 ජනවාරි 8 වැනිදා සිට සිදුවූ හැම සිදුවීමකටම වගකිව යුතුයි .
කෝ මේ මිස්ටර් නිර්පාක්ෂික?