



ධර්මපාල තුමන්ට උපහාර දක්වන්න පැවිදි හඬ පාගමනින් එති
(ළහිරු හර්ෂණ)
අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ 156 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් එතුමාට උපහාර දැක්වීම සඳහා පැවිදි හඬ සංවිධානය අද (17) නාරහේන්පිට අභයාරාම විහාරස්ථානයේ සිට කොළඹ නගර ශාලාව දක්වා පාගමනක් ඇරඹුහ.
ධම්පල් රන් හඬ සංවිධානයේ සභාපති නාරහේන්පිට අභයාරාම රාජ මහා විහාරාධිපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඇතුළු මහා සංඝරත්නය, සංවිධානයේ සාමාජික සාමාජිකවන්, පාසල් ළමුන් මේ අවස්ථාවට එක්ව සිටියහ.
පැවිදි හඩ සංවිධානය මගින් ධර්මපාල ශ්‍රිමතාණන් වෙනුවෙන් කෘතවේදීත්වය ප්‍රකාශ කිරිම හා එතුමා විසින් දේශයට දායාද කළ ‘ජාතික පනත’ පදනම් කරගෙන ගව ඝාතනයට එරෙහි හඬක් නැගීම වෙනුවෙන් එහිදී ප්‍රතිඥා ලබා දීම නියමිත ය.






(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 156 වැනි ජන්ම සංවත්සර උලෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 10 මාලිගාකන්ද ශ්‍රී ලංකා මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේදී අද (17) පැවැත්විණි.
මෙහිදී ජනාධිපතිවරයා විසින් ජන්ම සංවත්සරය වෙනුවෙන් රත් සඳුන් පැළයක් විහාර භූමියේදී රෝපණය කර, අනගාරික ධර්මපාලතුමන්ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර ද දක්වන ලදී.
ධර්මපාලතුමන්ගේ 156 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කෙරුණු විශේෂ රුපියල් 500 සැමරුම් කාසියක් ද මෙහිදී මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා ජනධිපතිවරයාට පිළිගැන්වූයේය.
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ විහාරාධිපති බානගල උපතිස්ස ස්වාමීන්වහන්සේ ඇතුළු මහාසංඝරත්නය ද , මහාචාර්ය ජී.එල්.පීරිස්, දිනේෂ් ගුණවර්ධන ඇතුළු මැති ඇමතිවරු ද , එක්සත් ජාතික පක්ෂ නියෝජය නායක රුවන් විජයවර්ධන යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ධර්මපාලතුමාගේ ගුණ සමරුවක් ගම්පහදී - අනගාරික ධර්මපාලතුමන්ගේ ජන්ම දිනය සැමරේ
2025 නොවැම්බර් මස 04
377
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2167
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1644
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධර්මපාලතුමන්ගේ 156 වැනි ජන්ම සංවත්සර උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්
Binkunndaa Thursday, 17 September 2020 06:59 PM
මෙයාට ලංකාවේ දුෂ්ඨ ජනතාව එපාවෙලා තමයි ඉන්දියාවට ගියේ. එහෙ තමයි ගුණ සමරන්න ඕනේ..