(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා දෙපාර්ශ්වය විසින් පත් කරන ලද කමිටු දෙක මේ සති අන්තයේදී හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
ඒ අනුව එම සාකච්ඡාව ඊයේ (25) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කමිටුවක් පත් කෙරී ඇති අතර, ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න යන මහත්වරුද එම කමිටුවට ඇතුළත්ව සිටිති.
ඒකාබද්ධ පක්ෂය ද මන්ත්‍රීවරුන් තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති අතර මහින්දයාපා අබේවර්ධන, සී.බී. රත්නායක යන මහත්වරු සහ පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය එම කමිටුවේ සාමාජිකයෝ වෙති.
එම කමිටු දෙක මේ සති අන්තයේදී පළමු වරට හමුවීමට නියමිතව ඇත. පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා මාලාවක් ඒකාබද්ධ විපක්ෂයට ඉදිරිපත් කර ඇති අතර ඒකාබද්ධ විපක්ෂයද ශ්‍රීලනිපය සඳහා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය යෝජනා කර ඇත.
මේ අතර ආණ්ඩුවේ ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත සහ ඩබ්ලිව්.ඩී.ෙජ්. සෙනෙවිරත්න යන මහත්වරුන්ද ඉකුත් බදාදා උදේ කොළඹ 07, විජේරාම නිල නිවසේදී හිටපු ජනාධිපතිවරයා හමුවී සිය යෝජනාවලිය ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රීලනිප දෙපිලේ තීරණාත්මක සාකච්ඡාවක්