IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බැඳුම්කර වංචාවට අපරාධ පනතෙන් නඩු

(අජන්ත කුමාර අගලකඩ)  
මහබැංකු බැඳුම්කර වංචාවට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා අලුතින් පනත් ගෙන එන තෙක් අපරාධ පනත යටතේ මහාධිකරණයේ නඩු පැවැරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.  

අපරාධ නඩු විධාන සංග්‍රහයට 2008 දී ගෙන එන ලද සංශෝධනයට අනුව සුවිශේෂී සිද්ධි සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අභිමතානුසාරී බලය මත, ලඝු නොවන මූලික පරීක්ෂණයක් නොපවත්වාම ඍජුවම මහාධිකරණයේ නඩු පැවැරීමට නීතිපතිවරයාට බලය ලැබී ඇති බැවින් මෙම පියවර ගැනෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


මහබැංකු බැඳුම්කර සිද්ධියද සුවිශේෂි සිද්ධියක් බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මහාධිකරණයේ නඩු පැවැරීමට නීතිපතිවරයාට බලය තිබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.  


මහ බැංකු බැඳුම්කර සිද්ධියට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා අලුතින් පනත් තුනක් ගෙන එන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් බදාදා ඇල්පිටියේ පැවැති රැස්වීමකදී ද ප්‍රකාශ කළේය.   


බැඳුම්කර සිද්ධියෙන් රජයට සිදුවූ අලාභය ඊට වගකිව යුතු පුද්ගලයන්ගෙන් නැවත අයකර ගැනීම, මහ බැංකුවේ මෙවැනි දූෂණ වංචා නැවත නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම යටතේ නැවත විමර්ශනයක් නොමැතිව බැඳුම්කර කොමිසම් වාර්තාවේ කරුණු මත පදනම්ව අදාළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවැරීම සඳහා අල්ලස් හෝ දූෂණ පනත සංශෝධනය කිරීම යන කරුණු සඳහා මෙම පනත් තුන ගෙන ඒමට රජය සැලසුම් කර ඇත.  


ඉන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන පනතේ සංශෝධන මේ වනවිටත් සකස් කර අවසන් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.  


ජනාධිපතිවරයා ඉකුත් බදාදා පෙරවරුවේ නීතිපතිවරයාත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් මහ බැංකු අධිපතිවරයා සහ රජයේ නීති විශාරදයින් ද ජනාධිපති කාර්යාලයට කැඳවා අදාළ සංශෝධන ඇතුළත් නව පනත් තුන සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.  

 



අදහස් (0)

බැඳුම්කර වංචාවට අපරාධ පනතෙන් නඩු

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 8 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 41 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 169 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 166 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 100 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 106 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site