(දයාසීලි ලියනගේ)
අමාත්‍යාංශ 46න් 24ක් හා තවත් අමාත්‍යංශ 16ක කොටස් කුලී ගොඩනැගිලිවල පවත්වා ගෙනයාම නිසා වර්ෂයකට රුපියල් කෝටි 180ක මුදලක් කුලී ගෙවීම සඳහා වැය කිරීමට රජයට සිදු වී ඇත.
මීට අමතරව මෙම කුලී ගොඩනැගිලි සඳහා අත්තිකාරම් ලෙස කෝටි 100ක මුදලක් ද ගෙවා ඇත.
මෑතක පිහිටුවන ලද අමාත්‍යංශ තුනක් සඳහා ද කුලී ගොඩනැගිලි ලබාගැනීමට සිදුවී තිබේ. මේ පිළිබඳව මහ නගර සභා, බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ සියලු රාජ්‍ය ආයතන ඉදිරියේදී බත්තරමුල්ලට ගෙන ඒමට සැළසුම් කර ඇති බවයි. ඒ සඳහා දැනටමත් සෙත්සිරි පාය - 1, සෙත්සිරිපාය - 2, සුහුරුපාය යන ගොඩනැගිලිවල රාජ්‍ය ආයතන පවත්වාගෙන යන අතර මෙම වැඩපිළිවෙළ තවදුරටත් සංවර්ධනය කර කුලී ගොඩනැගිලවලට යන අතිවිශාල වියදම අවම කර ගැනීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා කීය. රජයේ ගොඩනැගිලිවලින් ද කුලියක් අයකරන අවස්ථා ඇතත්, එය මේ තරම් විශාල මුදලක් නොවනු ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අමාත්‍යංශ ගෙවල්කුලී වසරකට කෝටි 180ක්