අතිවිශාල මුදලක් ගෙවලා
දේශපාලන හිතවතකුගේ ක්‍රියාවක්

(දයාසීලි ලියනගේ)
සි අවස්ථාවක විදුලිය ලබාගත හැකි ජංගම බලාගාරයක් සහිත බත්තලක් ප්‍රධාන පෙළේ දේශපාලකයකුෙග් සමීප හිතවතකු විසින් දැනටමත් ශ්‍රී ලංකා මුහුදු තීරයට ගෙනෙනු ලැබ ඇති බව වාර්තාවේ.
මෙගා වොට් 100ක බලයක් උත්පාදනය කළ හැකි මෙම ජංගම බලාගාරය අතිවිශාල මුදලක් ගෙවා මෙරටට ගෙන්වා තිබෙන බව දැන ගන්නට ඇත. විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මෙම ජංගම බලාගාරය ගෙන ආවත් එය ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇතැයි සඳහන් වේ. විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ මෙම ජංගම බලාගාරය කොළඹ වරායෙන් පිටත නවතා තිබෙන බවට වාර්තාවී ඇති බවයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.