( තිළිණි ද සිල්වා, රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)
පළාත් පාලන මැතිවරණයේදී නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කොට ඇති පෙත්සම් අටම හෙට(16 ) සළකා බැලීමට අභියාචනාධිකරණය අද (15) තීරණය කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස උසස්වීම් ලැබීම හේතුවෙන් මෙම පෙත්සම සළකා බැලීම හෙට (16) දිනය තෙක් කල් තැබීමට නියම කෙරිණි.
මහරගම නගර සභාවට පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පෙරමුණ ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී අභියාචනාධිකරණ විනසුරු ශිරාන් ගුණරත්න මහතා එලෙස නියම කළේය.
මහරගම නගර සභාවට පොදුජන පෙරමුණෙන් නාම යෝජනා ඉදිරිපත් කළ එහි අපේක්‍ෂයින් වන නිශාන්ත විමලචන්ද්‍ර මහතා, ඉනෝකා අනුරාධා රණවීර මහත්මිය, එස්. ගුණසේකර මහතා, ඒ.පී. චමින්ද මහතා සහ ඩබ්ලිව්.ඞී. අමරපාල මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත.
මෙහි වගඋත්තරකරුවන් වශ්‍යයෙන් ඞී. වනිගසේකර මහතා මහරගම නගර සභා තේරීම් බාර නිලධාරී, සුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම්, කබීර් හෂීම් එක්සම් ජනතා පක්‍ෂයේ ලේකම් සහ ටිල්වින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා ඇතුළු පස්දෙනෙකු නම් කරනු ලැබ ඇත.
COMMENTS
හරියට ෆෝම් එකක්වත් පුරෝ ගන්න බැරි අයට සුදුසු රස්සාවට තමයි එයාලා ඉල්ලලා තියෙන්නේ.ඉතින් එයාලට අවස්ථාව දෙන එකනේ හොඳ.............!
ඊයේ දෙහිඅත්තකඩියට දුන්න තීණ්දුවම අනිත් නඩු වලටත් ලැබෙන්න ඕන. නැතිනම් අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රශ්ණකාරී වෙනවා.
අපි බලමු. ඊයෙ දෙහිඅත්තකණ්ඬියට දුන්න තීණ්ඳුවම අදත් ලැබෙයිද කියලා. එහෙම නොවුනොත් මේ රටේ ජනතාව තීරණය කරයි ඇත්තටම අධිකරණය ස්වාධීනද කියලා. ඉහල තැන්වල තවම ඉන්නේ කලින් ආණ්ඬුවෙන් පත් කරපු නිලධාරීන්.