IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජනතාව ඇප රාජසන්තක කළ අයත් අද මන්ත්‍රීන්ලා වෙලා - මහින්ද

(අනීෂා මානගේ)

ජනතාව ඇප රාජසන්තක කරපු අයත් අද මන්ත්‍රීවරු වරු වී ඇති බවත් එසේ සිදුවී ඇත්තේ මෙම ඡන්ද ක්‍රමය හේතුවෙන් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  අද තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.    
                                                    
තමන්ට වාසි අත්වන අයුරින් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නිසා ගැටලු සහගත තත්ත්වයන් ඇති වී ඇති බවත් පැවසීය.

ප්‍රජාතන්ත්‍ර විරෝධී  සිදුවීම් රැසක්  නිසා රටේ සාමයට හානි වී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 



අදහස් (10)

ජනතාව ඇප රාජසන්තක කළ අයත් අද මන්ත්‍රීන්ලා වෙලා - මහින්ද

ලුම්බිණි Thursday, 01 March 2018 11:03 AM

ඒ කාලේ වූප්‍රජාතන්ත්‍ර විරෝධී සිදුවීම් ගැන අමතක හැටි.

:       85       606

MAINNDA Thursday, 01 March 2018 11:50 AM

මේ මොන ව කියනවද ,පැරදුණු ජනාධිපතිලත් මන්ත්‍රීලා වෙලා ඉන්නකොට......................

:       237       673

Chanak Los angeles Thursday, 01 March 2018 04:15 PM

ඔව් ඔව් මොහුගේ කාලයේ රටේ තිබුනේ කේතුමතී පාලනයක්නේ ???? මොහු ජනපති කමට ආවේ ම විධායකය සම්පුර්ණයෙන් අයින් කරනවා කියන ප්‍රධාන පොරොන්දුව දෙමින් නේද ?කෝ ඒවා ඉටු කලාද? විධායකය අවිය කරගෙන තම සහෝදර සමාගමට හා නැදා හිතවතුන්ට රටේ සම්පත් කන්න සලසපු එක නේද කරලා තිබෙන්නේ කියා උසාවි වල අධිකරණ තුල ඔහුගේ පරපුරට එරෙහිව ගොනුවෙලා තිබෙන නඩුවලින් පෙනෙනවා නොවේද ?සමහරුන් රටෙන් පැනලා රතු වරෙන්තු පිට හැංගිලා නේද ඉන්නේ ? මම අහන්නේ ඉතින් කොහොමද මොහු අන් අයට චෝදනා කරන්නේ?

:       106       210

shan saudi Thursday, 01 March 2018 06:19 PM

ජනතාව ගෙදර එලවපු ජනපතිලට ලැජ්ජා නැතිව ආයේ ජනතාවගෙන් මන්ත්‍රී වෙන්න ඡන්දෙ ඉල්ලන්න පුළුවන් නං ඇප නැති උනා කියලා මන්ත්‍රී නොවී ඉන්න ඕනෙද?

:       3       99

sameeraFriday, 02 March 2018 08:21 AM

එතකොට 30 පාරක් පරද වූ කෙනා ගැන මොකද කියන්නේ? ජවිපයට හැමදාමත් ඇපත් නැහැනේ...

:       2       1

perera Thursday, 01 March 2018 10:08 PM

හිරගෙවල්වල සිටියුතු අය නිදහස් වෙලා , මේ ක්‍රමය වහා වෙනස් කල යුතුය.

:       1       102

Chanak Los angeles Friday, 02 March 2018 03:57 AM

මොහුට හිටපු ජනාධිපති කියා කිව හැකියි එම තනතුරෙන්ම ඉවත් වුනානම් ... නමුත් මොහු වර්තමානයේ නිලයක් දරන නිසා මොහු හැඳින්විය යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද කියාය.

:       3       56

Sunil Friday, 02 March 2018 05:31 AM

කාල්ටන් එකේ ඉඳගෙන මේවා කියවනකොට එයාගෙම සත්‍ය තත්වය පෙනෙන්නේ නැහැ.

:       4       53

Perera Friday, 02 March 2018 06:45 AM

ඡන්ද ක්‍රමේ වරදක් නොවේ මේ මිනිස්සුන්ගේ මානසික ප්‍රශ්නයක් ඔතන තියෙන්නේ පරදින්න පරදින්න කොහොම හරි බලේ එල්ලිලා පාර්ලිමේන්තුවට රිංගගන්න.

:       1       42

dhamneth Friday, 02 March 2018 07:12 AM

මේ අර දිනේෂ් ගුණවර්දන මහතාගේ ප්‍රධානත්වෙන් පත්කල කමිටුවෙන් යෝජනකල සමානුපාතික ක්‍රමයත් කොට්ටාශ ක්‍රමයත් මිශ්‍ර කර සාදපු ඡන්ද ක්‍රමයද.?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site