(ඔගස්ටින් ප්‍රනාන්දු)
ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවට තරග වැදී සිටින කණ්ඩායම් දෙකක් අතර ඇතිවු ගැටුමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂයකු සහ ඔහුගේ ආධාරකරුවකු රුපියල් 50000 බැගින්වන ශරීර ඇප මත මුදා හැරිමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් මංජුල රත්නායක මහතා විසින් නියෝග කළේය.
මෙසේ මුදා හැරුණේ ආරච්චිකට්ටුවේ පදිංචි ආර්. පී. ඉන්දික මුදිත සහ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක එස්. එම්. අජිත් පත්මසිරි නමැති දෙදෙනෙකි.
ඉකුත් 8 වන දින රාත‍්‍රි ආරච්චිකට්ටුව වයිරන්කට්ටුව ප‍්‍රදේශයේ දි ඇතිවු බහින් බස්විමක දී ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවට මෙවර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදී සිටින ධනුෂ්ක චතුරංග මහතාට පහර දී තුවාල කිරිමේ චෝදනාව මත විත්තිකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ.
ඇප නියම කිරිමෙන් පසු විනිසුරුවරයා නඩුව වැඩිදුර විභාගය අප්‍රේල් 20වැනිදාට කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd