(දයාරත්න ඇඹෝගම සහ බි.ජි.චතුරංග)
තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (23) අනුරාධපුරයේදී පැවසීය.
වීර දුටු ගැමුණු සංවිධානය එළිදැක්විමේ මංගල උත්සවය අද (23)දින අනුරාධපුර යොවුන් නිකේතනයේදී පැවැත්වුණි.මෙම උත්සවය සඳහා මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
එම උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් වීර දුටුගැමුණු සංවිධානයේ නායක මර්වින් සිල්වා මහතා මෙසේද පැවසීය.
‘‘ඩි.එස්.සේනානායක මහතාගේ පක්ෂයෙන් ඉවත් වෙන කොට බණ්ඩාරනායක මහතා මුලින්ම පක්ෂයක් හදන්න හිතුවද.නැහැනේ. ඒ වාගේ තමයි මමත්. මේ රට හදපු වීර දුටුගැමුණු රජතුමාගේ නමින් තමයි මමත් මේ පක්ෂය හැදුවේ.
මේ මහ බැංකු වංචාවට හිටපු කට්ටියයි මේ ගොල්ලයි දෙගොල්ලම සම්බන්ධයි.දැන් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.මහ බැංකු වංචාව මොනවද.
දැන් වාහන ගොඩාක් ගෙන්නලා රුපියල් බිලියන ගානක් විනාශ කරලා තියෙන්නේ.වාහන 1675 ක් ගෙන්නලා මුදල් වංචාවක් වෙලා තියෙන්නේ.මේ සිද්ධියට එක්තරා ඇමතිවරයෙකුත් සම්බන්ධයි.මහ බැංකුවේ මුදල් වංචාවටත් වැඩියි මේ ගාන.
මම දුටු ගැමුණු රජතුමා උපන් ගමේ මන්ත්‍රී.උතුරු මැද පළාතේ මේ වැව් ටිකයි දාගැබ් ටිකයි විනාශ වුනොත් මම දුටුගැමුණු මහ රජතුමාගේ ගමේ උපන් මිනිහෙක් විදියට ලැජ්ජාවක්.අන්න ඒ ලැජ්ජාවෙන් මිදෙන්නත් උතුරු මැද පළාතේ ජනතාවට සේවයක් කරන්නත් මම උතුරු මැද පළාත තෝරා ගත්තා.ඉදිරියේදී මහ ඇමතිකමට තරග කරන්නත් ඉදිරිපත් වෙනවා.
ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධයන් වෙනුවෙන් ජනාධිපති ධූර සඳහාත් තරග කරන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපති ධුරයට පත්වෙලා ලොකු වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. එම වෙනස පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශ කරන බව මර්වින් සිල්වා මහතා මෙහිදී පැවසීය.



COMMENTS
හාමුදුරුවරුන්ට වැඩ නැති එක තමයි ප්‍රශ්නේ... නිකම්ම ඉන්නේ නැතිව දුප්පත් ගොවියෙකුගේ ගොවිපලකට ගිහින් උදව් කරන්න කාලය ඇවිත් තියෙන්නේ... දුටුගැමුණු රජතුමාට අපහාස කරන්න යන්න එපා...
ජේ.ආර්.ජයවර්ධනගේ සිට මෛත්‍රීපාල සිරිසේන දක්වා එක එක ජාතියේ පාලකයෝ අපි අත්හදා බැලුව නමුත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැරිවෙලා තියනවා.ඒ නිසා අපි මේයාටත් අවස්ථාවක් දීලා බලමු . එතකොට පුතාට රෑට නයිට් ක්ලබ් යන්න වගේම එවාට එන කාන්තාවන්ට අඩත්තේට්ටම් කරන්න වගේම ගහ ගන්නත් පුලුවන්.
මහින්දගෙන් නාමල්ට, මර්වින්ගෙන් මාලකට, සිරගෙන් දහම්ට
ඔලුවේ අමාරුවක්ද කොහෙද?
මං හිතුවේ ඔබ ආණ්ඩුවට රුපියල් 50000ක් රාජ සන්තක කරලා දෙන්න හදනවා කියලා. හැබැයි, මේ ඉන්න පිරිස දැක්කහම මට හිතුණා, මෙහෙවු මිනිස්සු ඉන්න රටේ රජ වෙන්න ඔබ තමයි සුදුසුම පුද්ගලයා කියලා. කියමනක් තියෙනවනේ 'රටේ මිනිස්සුන්ගේ හැටියටයි ආණ්ඩුව' කියලා.
අම්මපා මගේ ඡන්දෙත් ඔහේට...
මේ පොහොය දවස් නිසා.. කියවනවා ටිකක් වැඩියි. හිටපු ඇමතිතුමා, ඉස්පිරිතාලෙන් දුන්න රෝසපාට පෙත්ත උදේට ගන්න අමතකවෙලාද කොහෙද? කමක් නැහැ. හෙට ඉඳලා හැම උදේම ඒ බෙහෙත් පෙත්ත ගන්න අමතක කරන්න එපා. හැබැයි.. දිගින් දිගටම බෙහෙත් නොබී හිටියොත්... ගිය සැරේ වගේ ආයෙමත් අංගොඩ ඉස්පිරිතාලේ නවත්වන්න සිදුවෙනවා...
මේවගේ පුද්ගලයන් රාජ්‍ය සේවයට එනවා කියන්නේ එම රට පිරිහෙනවා කියන කාරණයයි. මෙයට පැමිණ සිටින සියලු දෙනාගෙන්ම මම අහන්න කැමතියි රෙදි ඇඳගෙනද ඔතනට ආවේ කියලා?
ෂුවර් දිනනවා..
සිංහලයා මලා! පිස්සුව රට පුරා වේගයෙන් වසංගතයක් වගේ බෝවෙනවා වගෙයි!
මොන මහප්‍රාණෙන් කිව්වත් මේ දුෂ්ටයෙක්ම තමයි.
ඔන්න දෙවෙනි දුටුගැමුණු මහා රජතුමා!!!
මට හිතෙන විදිහට මෙතුමා මානසික අබාධයකින් පෙළෙනවා
ලංකාවේ ඉන්නේ ගොන් තඩි නිසා සමහරවිට මෙයා දිනන්නත් ඉඩ තියෙනවා.
අපොයි දෙයියනේ. ඔන්න අපිට අපිවම ගස් බැඳගන්න වෙන තව තැනක්. අර ඒ කාලේ රූපවාහිනියේ හිටපු කට්ටියට බැරිද අපිව මේ විනාශයෙන් බේරා ගන්න.
මී හරක්ට ඕනේ හොඳ ගොපල්ලෙක් තමයි. හොඳ කෙවිටක් හොයාගන්න.. ලංකාවම කුඩුවලින් නාවමු. හැමතැනම නයිට් ක්ලබ්, බාර් දාමු. කඹ ෆැක්ටරියක්ම හදන්න වෙයි මිනිස්සු ගස් බඳින්න.
1).ශ්රී ලංකාව දේශ සීමාව තුළ ලණු හා කඹ අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම්. 2). හොර තිප්පලවල්, සම්භාණ මධ්‍යස්ථාන හැම හන්දියකම පවත්වාගෙන යායුතුය. 3) සියලු දුෂණ වල නිරත අය නිත්‍යානුකුල හෙයින් නීතිමය කටයුතු කිරීම වහාම ක්‍රියාත්මක වනපරිදි නතර කලයුතුවේ. නඩු පවතීනම් ඒවා ඉල්ලා අස්කරගතයුතු වේ.
ගස් වැවීම සම්පුර්ණයෙන්ම තහනම්.