(පුෂ්පකුමාර ජයරත්න)
දේශපාලකයින් අයථා ලෙස උපයා ගත් මහජන දේපල ආපසු රජයට බාර දීම සඳහා මාස දෙකක සමා කාලයක් ලබා දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (10) කුරුණෑගලදී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමකදී ප්‍රකාශ කළේය.
එසේ බාර නොදුනහොත් විමර්ශනයක් සිදු කර අයථා ලෙස උපයාගෙන ඇති සියලු මහජන දේපල රජයට පවරා ගැනීමට කටයුතු කරන බවද අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පක්ෂ විපක්ෂ කිසිඳු දේශපාලකයෙකු සමඟ තම පක්ෂයට පෞද්ගලික කොන්තර හෝ පෞද්ගලික න්‍යාය පත්‍ර කිසිවක් නැති බව පෙන්වා දුන් දිසානායක මහතා මේ සියල්ල කරන්නේ නීතිගරුක රටක් බිහි කිරීමේ අරමුණින් බවද සඳහන් කළේය .
රට තුළ ක්‍රියාත්මක වත්මන් දේශපාලන ක්‍රමවේදය බොහෝ සෙයින් ලාබ උපයන ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයිද ඒ තුළින් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ බොහෝ දේශපාලඥයින් අයථා ලෙස මහජන දේපළ අත්පත් කරගෙන සිටින බවද අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
මෙලෙස උපයාගෙන සිටින මහජන දේපළ නැවත රටේ මහජනතාව අතට පත්කළ යුතු බවද ඒ සඳහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව පළමුවෙන්ම පියවර ගන්නා බවද ජවිපෙ නායකයා අවධාරණය කළේය.
කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවති මෙම ජනහමුවට විශාල ජනකායක් සහභාගී වූහ.


COMMENTS
ඒ කියන්නේ තීරුබදු රහිතව ගෙන්න ගත්තු කාර්, අවුරුදු පහෙන් හදාගත්තු විශ්‍රාම වැටුප් එහෙමද?
පළමුව තීරු බදු රහිතව විකුණපු තමන්ගේ වාහන වලට බදු ගෙවන්න. ඉන් පසුව අන්සතු නමුත් කොල්ලකන ලද යැයි පවසන දේපල රජයට ගන්න.
ජනාධිපතිතුමනි තවත් දේ තියෙනවා කරන්න.
පුච්චපු බස්වලට වන්දි ගෙවන්න, අහිංසකයින්ට වන්දි ගෙවන්න... තව කොච්චර වැඩද? හොරකම් කරපු අයිඩෙන්ටි කාඩ් ටික හදවලා දෙන්නත් තියෙනවා...
අර විජේදාස රාජපක්ෂගෙන් ගත්ත ලක්ෂ 25ත් දෙන්න වේවි මගේ හිතේ...!!!
අනේ මම හිතුව ජනාධිපතිකමට ඉල්ලලා මොනවා හරි කරගනියි කියලම... සජිත් මහත්තයගෙන් වයිරස් එක බෝවෙලා වගෙයි. ඔහේ කියවන්නම් වාලේ කියවන්නේ... මුහුද තව කොච්චර දුරද? ඒක පීනන්නත් හැමෝටම බෑ ලස්සන සිහින මැව්වට...
අර්ථකථනය ගොඩදාන උපාය මාර්ග කවරෙද..? අාදායම් උත්පාදනය සදහා ඔබ ගන්නා කුියාමාර්ග කවරෙද..? සිංහල ජාතිය රැක ගැනීමට ඔබ ගන්නා කුුියාමාර්ගයන් ා මෙනවාද .අන්තවාදීන් සම්බන්ධයෙන් ඔබ කුුියා කරන්නෙ කෙසෙද..? දැනට සිරගතව සිටින සිරිනරැවන් නිදහස් කරන්නෙද..? 88/ 89 කාලයෙදී ඔබලා විසින් කෘර ලෙස ඝාතනය කල අයගෙ ජීවිත අාපසු ලබා දෙන්නෙද..? වනදි දෙනවා නම් එවා ලබා දෙන්නෙ කෙසේද කොපමණක්ද ..? මුස්ලිම් අන්තවාදය .ඔබ ගෙ අාර්ථික වැඩ පිලීවෙල කුමක්ද..ඩොලර් එක ස්ථාවර කරන්න ඔබ සතුවැඩ පිළිවෙල කුමක්ද
අතීතයේ වැරදි නොකළ කිසිම දේශපාලන පක්ෂයක් මුළු ලෝකයේම නැහැ කියන එක යතාර්ථයක්. අපි එච්චර ප්‍රශස්ත තත්වයක් කොහොමවත් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. නමුත් ජ.වී.පෙ. ට හැකිනම් කියන දෙයින් බාගයක් කරන්න, ඒ ටික රටට හොඳටම ඇති. දැනට අඩුවෙන්ම බොරු කියල තියෙන අඩුවෙන්ම අපිව රවට්ටලා තියෙන පක්ෂය හැටියට මම අනිකුත් සියලුම පක්ෂවලට වඩා ජ.වී.ප ට කැමතියි.
ඒවා ඔක්කොම භාරදෙන්න මටනම් මාස දෙකක් මදි.
මේ මනුස්සයා අපේක්ෂක අවධියේදීම ජනාධිපති සිහිනය දැකලා මහේ හිතේ. අනේ මෙහෙම උන්නැහලද දැන් ඔය රටේ පාලනය දෙන්න කියල ඉල්ලන්නේ?
ඔහුගේ සිහිනය ඔහුට දකින්න ඉඩ හරින්න,,,, ඒ සිහිනෙන් ඔහු මුදන්න ලං නොවන්න, ලං නොවන්න, ලං නොවන්න,,,,,,
මෙයා බය්ලා ගහනවා, එතකොට අර බෝම්ඹ කාරයන්ගේ තාත්තා මෙයාලාගේ, එයාගේ උඩින් ආපු දේපල ?
හීනෙන් දොඩවන්න එපා
රට හදන්න කලින් මියගිය තමන්ගේ පක්ෂයගේ නායකයාගේ දරුවන්ට භාර්යාවට යුතුකම් වගකීම් ඉටු කරන්න.
දිලාන් ඒගොල්ලන්ට හීන දකින්න කියලා අපි අවුරුදු 70 කරපු අයටම දෙමු. හරිහොඳ කට්ටිය හොරකම දන්නෙම නැහැ. ඇල්වතුරත් නිවලා දෙපැත්තේම ඉන්න උපාසක අප්පුල බොන්නේ.
මාස දෙකක්? ඒ කියන්නේ දින හැටයි. දින සියේ කෙරුවාව අපිට තම මතකයි. ජනාධිපත් කමක් නෙමයි කුකුල් කොටුවක වැටක් ගහන්න වත් බැරි දේශපාලකයෝ ඡන්ද උන විකාරෙන් කරන දෙඩවිලි.