(අංජුල මහික වීරරත්න)
“සජිත් එනවා” දෙවන ජන රැළිය මාතරදී ලබන සිකුරාදා (23) ලක්‍ෂ සංඛ්‍යාත ජනකායකගේ සහභාගිත්වයෙන් පවත්වන බව විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කර ගැනීම සඳහා වන මහජන පෙළගැස්ම වෙනුවෙන් මෙම ජනරැලි මාලාව සංවිධාන කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
“සජිත් එනවා” පළමු ජන රැළිය බදුල්ලේදී ඉකුත් 12 වනදා පැවැත්වුනේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සංවිධායකත්වයෙනි. එහි දෙවන ජන රැළිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් මාතරදී පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කරගැනීමේ සටන අනිවාර්යෙන්ම ජයගන්නා බව කී අමාත්‍ය හරින ප්‍රනාන්දු මහතා ඉන් අනතුරුව දැනටමත් රටේ නිර්මාණය වී ඇති ජන රැල්ල අනුව එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපතිවරයෙකු ඉතා පහසුවෙන්ම බිහි කර ගැනීමට හැකියාව තිබෙන බවද සඳහන් කළේය.
ජනතාව ඉල්ලන ජනතාවගේ අපේක්ෂකයා පත් කිරීම පක්ෂයේ වගකීම බව කී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යම් හෙයකින් ඒ වගකීම පැහැර හරිනු ලැබුවහොත් එය සමස්ථ රටේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ පරාජයක් වනු ඇති බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ ඔබතුමා කරන විහිලුව? පක්ශේ කවුරුත් නම් කරලා නැති වෙලාවක මෙහෙම කරන එක විහිළුවක් නේද? අඩුගානේ ඔබේ රැස්වීමකට පක්ශේ සභාපති හෝ ලේකම්වත් එනවනම් මිනිස්සුන්ට විශ්වාසයක් එනවා. ඔබතුමා ලොකුවට හිතාගෙන හිටියට ගමේ ගෙවල් ගත්ත පවුල්වලවත් ඡන්ද ඔබතුමාට නැති වග ඔබතුමාම දන්නවා .
එක්සත් ජාතික පක්ෂය පැරදුනත් අලුත් කෙනෙක් විපක්ෂ නායක වෙන එක හොදයි.
ඡන්දෙන් පස්සේ සජිත් යනවා වෙයිද දන්නේ නෑ...
ඔබ කරන දේ හරිද ? කරුණාකර නියම නායකයෙකු සේ වැඩ කරන්න . නැතහොත් ජනතාව ඔබෙන් ඈත්වේවි .
රනිල් එනවා රැළිය ලගදීම බලාපොරොත්තු වන්න .
අප සියල්ලෝම එනවා සහ යනවා. එය තමයි ලෝක ධර්මතාවය. හැබැයි වැඩිදෙනෙකු සිතන්නේ එනවා පමණයි ආපහු නොයා සදාකල් වැජබීමටය.
"සජිත් එනවා " ? අපි දෙනවාද ????
සජිත් එනවා අපි යනවා...
රටක් හදන්න කළින් තමන්ට කියලා විනයක් තිබිය යුතුයි. තමන් විසින් තමන්ම පුම්බාගන්න යන එකෙන් වෙන්නේ තවත් ඡන්ද කඩාගන්න එක විතරයි ..එක ගමක් හදලා දිස්ත්‍රික්ක තුනක විතර පෝස්ටර් අලවනවා.. පෙට්ටි ගෙවල් හද හද යන මෙයා ජනාධිපති කලොත් රටේ ඉතුරු කැලෑවත් කපලා ගෙවල් වලින්ම පුරවනවා.
සජිත් එනඑක හීනයක්. මේ රටට දැන් තිබෙන තත්වේ අනුව ඔයාලා බැහැලා යන්න රට කාපු ගොත්‍රිකයිනි. මිනිස්සුන්ට ලොකු බොරු පොරොන්දු දුන්නේ එහෙම නම් ඔයාලා ඉන්නේ දැන් තියන රජයමනේ... කරලා පෙන්වන්න පුළුවන් නේද? අවුරුදු 4 කටවල් උල්කරගෙන ඕපාදූප හොයහොයා බොරුව කරලා රට අගාධයට ඇදලා දැම්මා. මේ ගමන නම් UNP ඉවරෙටම සෙත්තපෝච්චි. දැන් ඉන්න ජනතාව හොඳ කල්පනාවකින් ඉන්නේ. අපේ පැතුම ගෝඨාභය රාජපක්ෂ 1000%. "ගෝඨා අපිට අපි ගෝඨාට.". ජයවේවා...!!!
ජාතික නායකයෙක් වුණාම දර්ශනයක්, ප්‍රතිපතියක් තියෙන්න ඕනේ.. නැතුව මම ප්‍රේමදාසගේ පුතා කිව්ව පලියට මිනිස්සු ඡන්දය දෙන්නේ නැ. සජිත් අඩවෙනතුරු ජාතික ප්‍රශ්න ගැන වචනයක් කතාකරලා නැහැ. මෛත්‍රී මහින්ද කුමන්ත්‍රණ කාලේ මෙයාගේ හැසිරීම හොඳින් නිරීක්ෂණය කළොත් මෙයා යටින් වැඩ කළේ කාටද කියලා පේනවා. අපි නම් මෙයාට ඡන්දය දෙන්නේ නැහැ..
ඉතින් ඔබලා මේ වගේ කෙනෙක්ද රටේ ජනාධිපති කර ගන්න හදන්නේ...?
මේ මනුස්සය තිබ්බ ගරුත්වයත් නැති කරගත්ත මේ දෙයින් . නායකත්වයට පොරකන බව පැහැදිලියි .
දැන් ආවා ඇති. දැන් යන්න .
සජිත් එනවා. ගෝඨාභය ඇමෙරිකා යනවා .
ආයෙත් අර අදින්නේ පවුල් බලයට . දැන් ඡන්දදායකයන් ඉස්සර වගේ පවුල් බලයට යටවෙන්නේ නැහැ . අනික මේ දගලන්නේ ජනතාවට තියෙන ආදරයටද ? නැහැ . අපිට අවශ්‍ය අවංක සමාජ සේවකයෙක් . දැන් උදව් කරන අයට ඉල්ලන ඉල්ලන දේ දෙන්න බලාගෙන වෙන්න ඇති මේ 'එනවා ' කියා පාඨය කිය කියා ඇවිදින්නේ . අවොත් ඉතින් වෙන රටක් හොයා ගන්න වෙනවා . වෙන විසදුමක් නැහැ .
රට ගැන ආදරයක් ඇති කිසි කෙනෙක් සජිත්ව නිර්දේශ නොකරයි. මන්ද මොහු රටක ජාතික නායකත්වයකට තිබිය යුතු දුරදර්ශි බව පරිණතකම හා අනෙක් සුදුසුකම් මොහු සතු නොවන නිසාය.
සජිත් එනවා.. ඇවිත් යනවා...
පාසල් යන ළමුන්ගේ පටන් රටේ මුළු ජනතාවටම නොහොඹිනා ආදර්ශයක් දෙමින් ඉන්නේ... සජිත්ට ජනපති අපේක්ෂකත්වය දුන්නොත් එජාපයත් එම පහත් අාදර්ශයමයි රටට දෙන්නේ. සජිත් ඇතුළු ඔහුගේ කල්ලියම ගියත් දිනන්න පුළුවන් තත්වයට එජාපය අද පත්වී තිබෙන්නේ රනිල්ගේ පලපුරුද්ද නිසාම ලබා තිබෙන සියුම් ප්‍රඥාව හා උපාය කෞශල්‍ය ඥානය නිසයි. තරුණයින් ජවසම්පන්න නිසා එයාලට හිතෙනවා වුණාට එයාලට වයසක අයට වඩා නිවැරදි තීන්දු, තීරණ හරියට ගන්න පුළුවන් කියලා එයාලා දන්නේ නැහැ පලපුරුද්ද තුළින් ලැබූ අත්දැකීම් ඇති ශරීර සෞඛ්‍ය හොඳ වයසක අය ඒ ඒ පළපුරුදු අංශ සඳහා ගන්න තීන්දු තීරණ ඉතා ප්‍රායෝගික හා නිවැරදි මෙන්ම ඵලදායී බව. ශ්‍රී ගෞතම බුදුන් වහන්සේ මේ බව ඔප්පුකරලා පෙන්නුවේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි සද්ධර්ම පුණ්ඩරික සුත්‍රය නම් වූ අවසාන මහසුත්‍රය දේශනාකරද්දී... ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියලා යුරෝපා රටවල පලපුරුදු වැඩිහිටියන්ගේ අදහස්වලට ගරු කරන්නේ මේ නිසයි. පහුගිය දවස්වල ටීවී ඔස්සේ 60 පැනපු වැඩිහිටියන්ට තීන්දු, තීරණ ගන්න බැහැ කියලා වැරදිම වැරදි පුහුමතයක් මතුකරමින් අදහස් දැක්වීම රටේ හැදෙන පරපුරට දුන්වැරදි ආදර්ශයකි...
පිටකොටුවේ සාංචි ආරච්චිගේවත්ත කියන තැනතමයි ප්‍රේමදාස පවුලේ මුල් වාසස්ථානය. දන්නා කෙනෙක් කියනවද රණසිංහ ප්‍රේමදාසගේ හිටපු සහෝදර සහෝදරයින්ට වුණු දේ? ප්‍රේමදාස ලොක්කා සේරම ගෙදරින් එලවලා දාලා සියලු දේපල තමාගේ නමට ලියාගෙන මියයන්න පෙර වයෝවෘද්ධ තමාගේ පියාගේ අත්සනත් බලහත් කාරයෙන් ගත්තා කියලා තමයි තතුදත් පැරැන්නෝ කියන්නේ. පියා නොකළදේ පුතා නොකළොත් නොට්ටිගේ පුතා කියනවලු. ඒ වගේ තමයි දරුවෙක්, මල්ලෙක් නැති අනාගත පරම්පරාවක් ගැන හිතන්න බැරි විදිහට පත්කරගන්නවද? අප දරුමල්ලන්ට අනාගතයක් ගැන හිතන්න පුළුවන් රටක් හදන්න පුළුවන් මිනිහෙක් ගැන අපි හිතනවද? ඔබට බාරයි.
මෙතුමා කරන්නේ විහිළු වැඩ. පක්ෂයක් හැටියට ගන්න ඕනේ තීන්දු පෝස්ටර් ගහලාගන්න පුළුවන්ද? විහිළු කරන එකේ සීමාවක් තියෙනවනේ... අපේ ජනාධිපතිතුමා වගේ එයාගේත් විහිළුවල සීමාවක් නැහැ.
අනේ අපරාදේ මම ඉන්දියාවේ ගිහිල්ලා මගේ බරට රත්තරන් පූජාකරලා බාරවුණත් වැඩේ හරියන පාටක් නෑ.
අාපු පයින් අපහු යන්න වෙනවා. එ්ක සිකුරුයි.
එක්සත් ජාතික පක්ෂය අනුරට ඡන්දේ දීලා ඔහුව ජනාධිපති කරනවා ඔන්න බලන්න...
පක්ෂ ද්‍රෝහීන්ට අපේ ඡන්දය නැත. ඉස්සෙල්ලාම විනය හදාගන්න. ඊට පස්සේ ඡන්දෙ ගැන බලමු. මොන පක්ෂයෙන් ආවත් නායකයෙක්ට විනයක් තියෙන්න ඕනේ. විනයක් නැතුව රටක් හදන්න බෑ පුංචි සිරිසේන..
ලඟදී අපායට ගියකෙනෙක් මට ලියා ඒවා තිබුණා අපායෙත් කටුඉඹුල් ගස්වල, ලෝදිය හැලියේ නම ගහලා තිබෙනවා කියලා..