IMG-LOGO

‘මිනීමැරුම් සංස්කෘතිය රටට හඳුන්වාදුන්නේ එජාපයයි’

(අනීෂා මානගේ)
 
‘ප්‍රේමදාස න්‍යාය පැහැදිලිව එක්සත් ජාතික පක්ෂය විසින් පිළිඅරගෙන තිබෙනවා. මිනීමැරුම් සංස්කෘතිය මේ රටට හඳුන්වාදුන්නේ ප්‍රේමදාස මහත්තයා ඇතුළු එදාසිටිය එක්සත් ජාතික පක්ෂයයි’ යැයි හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
 
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද(30) බෙලිඅත්ත පලපොත ප්‍රදේශයේදී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.
 
නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසුවේය.
 
“එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය ගැන අපි සහ මේ රටේ ජනතාවගේ කිසි කලබලයක් නැහැ.  අද රටේ ප්‍රධාන ජනමතය තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරු එක්ක කියන එක මේ රටේ ජනතාව පිළිඅරගෙන ඉවරයි. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්තයාව පරදවලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කෙරෙහි මේ රටේ බහුතරයකගේ දැඩි විශ්වාසයක් තිබ්බා. ඒ වගේමයි ඊට එහා ගිය විශ්වාසයක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කෙරෙහි තිබෙනවා. ඒ විශ්වාසය උඩ මේ පාර්ලිමේන්තු මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයෙන් බෙදිලා ගිය කණ්ඩායමට අත් වෙන්නේ අන්ත පරාජයක්.
 
අරලියගහ මන්දිරයේ නම ඉස්සරහ ගහගෙන ගියාට ඒ අය දඟලන්නේ සිරිකොත අල්ලගන්නයි. කවුරුහරි කමක් නැහැ දෙන්නගෙන් එක්කෙනෙක් සිරිකොත අල්ලගෙන බේරෙයිනෙ. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ගැටලුවක් නිසා අපි එච්චර කලබල වෙන්නේ නැහැ. 

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් පැහැදිලිව කියනවා රණසිංහ ප්‍රේමදාස මහත්තයා එල්ටීටීඊ එකට තුවක්කු දුන්නා කියලා. මෙතෙක් කල් ඔවුන් ප්‍රසිද්ධ මාධ්‍යයක පිළිගත්තේ නැහැ. ඒක යට ගැහුවා. හැබැයි අද පිළිගන්නවා එල්ටීටීඊ එකට තුවක්කු දුන්නා කියලා. එහෙමනම් ඔහු අද පිළිගන්න ඕන හමුදාවේ දහස් ගණනක් ඝාතනය වුණේ ඒ තුවක්කුවලින් කියලා. ඊට එහාට ගිය බැරූරුම් කාරණයක් ඒ ප්‍රකාශනයේ තිබෙනවා. රණසිංහ ප්‍රේමදාස මහත්තයා දකුණේ කළෙත් ඔය වැඩේම තමයි. දකුණේ ජනතා විමුක්ති පෙරමුණයි හමුදාවයි හප්පලා තරුණයෝ 60,000ක් ඝාතනය කරගත්තා. ඒකෙදි අපි දන්නවා එදාත් ජනතා විමුක්ති පෙරමුණ යටින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් එක්ක ගණුදෙනු කළා.  එතුමාගේ මැතිවරණ වේදිකාවේ ඉන්දියන් හමුදාව ආපිට හරවා යවනවා කියන පොරොන්දුව ඉෂ්ඨ කරන්න එල්ටීටීයට තුවක්කු දීලා ඉන්දියන් හමුදාවයි අපේ රණවිරුවොයි ඝාතනය කළා. ඕක තමයි ප්‍රේමදාස න්‍යාය. ප්‍රේමදාස න්‍යායයේ යතාර්ථය එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ප්‍රසිද්ධ මාධ්‍යයේ පිළිගැනීම ගැන අපි සතුටු වෙන්න ඕනෑ.  මේවා ජාත්‍යන්තර අර්බුදයකට යන්න පුළුවන් ප්‍රකාශනයක්” යැයිද කීවේය. 



අදහස් (27)

‘මිනීමැරුම් සංස්කෘතිය රටට හඳුන්වාදුන්නේ එජාපයයි’

Nuwan Tuesday, 30 June 2020 09:19 AM

අනේ අයියෝ..., මෙන්න මෙයා බබා පාර්ට් දානවා..!!! 

:       14       393

RaveendraTuesday, 30 June 2020 11:20 AM

ඇත්තෙන්ම මෙයා දැන් බබා.. නිකං බබා නොව තොත්ත බබා. (තාම ඇස් ඇරලත් නැහැ වගේ) හොඳයි කොළ හැත්ත පටන් ගත්තා කියමුකෝ.. මොකටද "මේ හැත්ත සහ රතුහැට්ටකාරයින්" එය පවත්වා ගෙන ගියේ.?

:       41       252

nimaliTuesday, 30 June 2020 11:49 AM

නිල්පාට අය 72ක් මැරුවා. කොළපාට අය 89ක් මැරුවා. රතු අයත් 88ක් 89ක් මැරුවා. බලන් යනකොට කවුරු කවුරුත් වගකිව යුතුයි. හැබැයි ඒ මැරුවේ රටේ තිබුණු තත්වයන් එකක්... නමුත් තම බලය නිසා පුද්ගලික තරහට මරපු අය සිටි නම්.. එය තමයි බරපතල...

:       0       93

Dasa PTuesday, 30 June 2020 12:02 PM

මේ බබාලා ඒකේ ඉපදිලා නැතිවුණාට අපි එතකොටත් හිටියා.

:       0       148

චමින්දWednesday, 01 July 2020 12:51 AM

1971 අප්‍රේල් කැරැල්ල අවස්ථාවේ නිදහසින් පසුව පළමුව මිනීමැරුම් සංස්කෘතිය ඇතිවන කාලයේ තමුන්නැහේ ඉපදිලත් නැති නිසා ඔහොම කියනවා වෙන්න ඇති ඒකාලේ තරුණයින් කකුල් වලින් ගස්වල එල්ලලා යටින් මිරිස් පුළුස්සා දුම් ඇල්ලූබව අපේ වැඩිහිටියන් දැකලා තියෙනවා.. ඒ වගේම අඟහරුවාදා, සිකුරාදා බත් කෑම තහනම්ව හාල්, පොල්, මිරිස්, දමාතිබූ තිබූ ඒකාලේ රටේ ජනතාව අධික ලෙසට දුක්වින්දා. ඒකාලේ තරුණයින් තිස්දාහකට වඩා වදදී මැරුවා. ඉන් පස්සේ 1888 හා 89 කාලයේත් සිදුවුණා. ඒ සිද්ධිවල රජයේ පිරිස්වලට අමතරව යටින් සිට තමතමන්ගේ විරුද්ධකාරයින් මැරුවේ කවුද කියා අපේ ජනතාව නොදන්නවා වුණත් ස්වභාව ධර්මයා හොඳින්ම දැකලා ඇති...

:       0       19

Ranjith Tuesday, 30 June 2020 09:30 AM

රගර් ගහල ඉවර වෙලා අතපය කඩාගෙන වම්පත්තේ සීට් එකේ ඉඳන් කාර් එක එළවන් ගිහින් ඉබේම තාප්පේ හැප්පිලා මැරෙන ක්‍රමේ කියලා දුන්නේ කව්ද?

:       34       524

sena Tuesday, 30 June 2020 09:33 AM

පසුගිය දශක එකහමාරක කාලයක පත්තර බැලුවොත් තේරෙයි ඔබතුමන්ලාගේ කාලයේ සංස්කෘතිය හොඳින් පාවිච්චි වෙලා තියෙනවා කියලා..

:       27       360

thilak Tuesday, 30 June 2020 09:33 AM

එතකොට 20% සංස්කෘතිය කාගේ හඳුන්වා දීමක්ද?

:       14       325

Kuma Tuesday, 30 June 2020 09:36 AM

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කෙරෙහි මේ රටේ බහුතරයකගේ දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ වගේමයි ඊට එහා ගිය විශ්වාසයක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කෙරෙහි තිබ්බ හින්දා තමයි 2015 නුඹේ අප්පුච්චාව ගෙදර යැව්වේ. ගෙදර ඉඳන් පිනක් දහමක් කරගෙන ඉඳියි කියලා.. ඊටත් එහා ගිය විශ්වාසයක් නුඹ ගැන තියෙනවා. ඒ හින්දා තප්පුලන්න එපා. බාප්පුච්චාට වැඩේ කරගන්න දීලා පැත්තකට වෙලා ඉන්න..

:       200       334

ජයන්ත මිලානො Tuesday, 30 June 2020 09:51 AM

මෙයා බබා, අප්පච්චිගෙන් අැහුවා නම් කියන්න කියලා ශ්‍රී ලංකාවේ අතීතය. මමත් මගේ අප්පගෙන් තමයි අහගත්තේ... මෙයාගේ කතා හොඳයි එයාලට ගැතිකං කරන අය පිනවන්න...

:       27       241

ම. සීරා Tuesday, 30 June 2020 10:12 AM

තාජුඩීන් මැරුණෙ කොහොමද එතකොට...?

:       19       413

appochchi Tuesday, 30 June 2020 10:37 AM

මේ තමයි ලංකාවට වැළඳුණු මාරාන්තික පිළිකාවේ මුල්.. මිනීමැරුම් සංස්කෘතිය විතරක් නොවේ. අපේ රටේ ආගම, සංස්කෘතිය, පන්සල අමුඅමුවේ විනාශ කළා. මේ පිළිකාව මුලින් උපුටා නොදැම්මොත්, අපත්, මේ රටත් විනාශයි.

:       72       168

Ravi Sene Tuesday, 30 June 2020 10:49 AM

මෙයා කියන විදිහට LTTE යුද්ධ කරන්න පටන්ගෙන තියෙන්නේ දුනු, ඊතලවලින්...

:       0       50

Mahesh Tuesday, 30 June 2020 10:55 AM

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කෙරෙහි මේ රටේ බහුතරයකගේ දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ වගේමයි ඊට එහා ගිය විශ්වාසයක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කෙරෙහි තියෙනවා. එජාපය හඳුන්වා දුන්නු ක්‍රමය ඔයාගේ පියා අනුගමනය කරානේ බබා.. හැබැයි ගෝඨාභය තරම් මහින්ද මේ වෙලාවේ ජනප්‍රිය නෑනේ. අනික ඉතින් 10ක් බලයේ හිටියනේ.. මුල් පහේ නම් හොඳයි.. හැබැයි ඊළඟ පහේ නටපු පිස්සු මිනිස්සුන්ට අමතක නෑනේ... අනික තව මොකද ඔච්චර බලපෙරේත කමක්... එක්කෝ චමල්ට ඉල්ලන්න කියලා පැත්තකට වෙන්න ඕනෑ.

:       0       97

Buddika Tuesday, 30 June 2020 11:01 AM

අම්මපා... එතකොට පරපුරක් එකතු වෙලා මහා පරිමාණයෙන් හොරකම් කිරීම හඳුන්වලා දුන්නේ කව්ද? තාජුඩීන් මැරුවේ කව්ද? එක්නැලිගොඩට මොකද වුණේ? මේ අය කතා කරන්නේ කොහෙන්ද? හරියට මැරිලා ඉපදිලා වගේ...

:       53       221

lal Tuesday, 30 June 2020 11:03 AM

ප්‍රේමදාසට කලින් මිනීමරු සංස්කෘතියද මොකක්ද එක තිබුණේ නැද්ද? හම්බන්තොට පැත්තේ මිනීමැරුණේම නැද්ද ඊට කලින්?

:       67       325

Dasa PTuesday, 30 June 2020 12:04 PM

මොකක්ද අර හුණු පෝරණුවේ පලහිලව්ව?

:       0       80

de silva Tuesday, 30 June 2020 11:28 AM

1971 රට පාලනය කළේ ප්‍රේමදාසද?

:       65       144

SamanTuesday, 30 June 2020 12:13 PM

සිරිමා සහ ජවිපය...!!! 

:       0       19

saman Tuesday, 30 June 2020 11:43 AM

මේ පොඩි එකා මොනවා දැනගෙන කියන කතාද? ඕවට කෝපගන්න හොඳ නැහැ නොවැ. අප්පුච්චට මුදල් යහමින් තිබුණු නිසා අධ්‍යාපනෙත් කඩාකප්පල් වුණා. පොතක් පතක් කියවන්නේ නැති නිසා එහෙමට කියන්න දැනුමක් අවබෝධයකුත් නැහැ. දොඩවනවා ඇරෙන්න කවුරුවත් කියන දෙයක් අහන එකක්යැ... ඉතින් මොලේට පිටින් මක්ක කියලා වැටෙන්නද? තරහ අවසර... කෝපගන්ට එපා. එච්චර දැනුමක් අවබෝදයක් නැති කෙනා නොවැ. ඔය දෙගොල්ලන්ගේම කැරැට්ටුව රටේ මිනිස්සු දන්නවා නොවැ...

:       0       162

ලුම්බිණි Tuesday, 30 June 2020 11:57 AM

එතකොට අලිමංකඩ 2000ක් මැරුවා කියන අය එක්ක දළදා මාලිගාවට බෝම්බ තියපු අය එක්ක එකතුවෙලා ඉන්නෙත් එක්සත් ජාතික පක්ෂයේ අයද..?

:       0       102

de silva Tuesday, 30 June 2020 12:11 PM

ජූලම්පිටිය අමරේ සහ දැනට හිරබත් කන ඔබගේ හිතමිත්‍ර තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අහිංසක මිනිස්සුද? ඔබ මිනීමරුවන් ආශ්‍රය කළේම නැද්ද? යන්න විකාර දොඩවන්නේ නැතිව.., ඔබ හිතන් ඉන්නේ රටේම මිනිස්සු බයියන් කියලද? ගෝඨාභය මහත්මයා දිනුවේ ඔබලා ගිය ඡන්දෙදී මාධ්‍ය හමුවේ පෙනීසිටි නැති නිසා... හම්බන්තොට පොහොට්ටු පාක්ෂිකයෝ ඔබට කතිරෙ ගැහුවට, රටේ ඉන්න පොහොට්ටු පාක්ෂිකයින්ගෙන් වැඩි දෙනෙකු ඔබගේ පවුල්වාදයට විරුද්ධයි.

:       0       120

de silva Tuesday, 30 June 2020 12:59 PM

ඔය කියන කාලේ එජාපයේ සක්‍රීය දේශපාලකයින් ලෙස ක්‍රියාකළ ගාමිණී ලොකුගේ, ජොනී, රඹුක්වැල්ල වැනි පුද්ගලයින් අද ඉන්නේ ඔබලා සමග.., 2007දී මහින්ද මහතා ශක්තිමත් කරන්න කියලා කරු ප්‍රමුඛ 17 එව්වේ රනිල් ප්‍රමුඛ එජාපය... , මෛත්‍රී දිනුව වෙලාවේ මුලු පවුලටම මැදමුලනටම යන්න හෙළිකොප්ටර් දුන්නේ රනිල්, ඉන්පසු දින 100ක ආණ්ඩුවක් හදලා, ඉන්පසු ජාතික ආණ්ඩුවක් හදලා ඔබලාව බේරාගත්තේ රනිල් , මෙදාපාරත් පාර්ලිමේන්තු ගියොත් රනිල්ගේ සපෝර්ට් එක ලැබෙන්නේ මහින්ද මහත්තයාට...

:       0       129

Nuwan Tuesday, 30 June 2020 01:56 PM

ගියපාර අප්පොච්චිව ගෙදර යන තැනට පාර කැපුවේ ඔහේ තමයි. මේ පාර බාප්පාව ගෙදර යවන්න වගේ හදන්නේ..

:       0       70

විජේ Tuesday, 30 June 2020 03:43 PM

සජී වගේමයි නාමලුත්...

:       0       0

de silva Wednesday, 01 July 2020 08:19 PM

පසුගිය ඡන්දෙට කොඩි අරගෙන රටඉඳන් පැමිණි සෙට් එක පිටරට අනාථ කඳවුරු වල, මහපාරේ දුක්විඳිනවා. ලංකාවේ ඉන්න අයගේ නෑදෑයෝ ඔබතුමාගේ බාප්පා ඒ අයට රටට එන්න දෙන්නේ නැති නිසා, ඔබගේ මිත්තණිය මතක් කරනවා දවසට දෙතුන් වරක්... ගියවර ඡන්දෙට පෙන්නපු MCC එක සමාලෝචනය කරන කොට බයියන් ටික කුලප්පු වෙලා. මේ කරදර අස්සේ ඔබත් ඝාතන සංස්කෘති ගැන කියවන්න ගියාම මිනිස්සුන්ට මතක් වෙන්නේ තාජුඩීන්..., තංගල්ලේ සභාපති, ජූලම්පිටියේ අමරෙව...

:       0       1

Bamunuarachchi Thursday, 02 July 2020 01:58 PM

සහතික ඇත්ත පටන් ගත්තේ 1977 නැගල ගියේ 1989. ඔලු කටුවල තියලා කොල්ලෝ කෙල්ලෝ ටයර් සෑය ගියා. ඒ කාලේ වදකාගාර ගැනත් කියවූනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 930 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1320 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site