
(ඩයනා උදයංගනී)
මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පිහිටි අද (20) අලුයම කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ල ඉදිකර තිබී ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාදෙන නිර්දේශයන්ට අනුකූලව නොවන බවත්, එහි අත්තිවාරම නිසි ප්‍රමිතියට ඉදිකර නොමැති බවත් සිදුකළ පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.
මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ කඳු බෑවුම් සහිත අස්ථාවර භූමියක බවත්, එවැනි ස්ථානවල ගොඩනැගිලි ඉදිකළ යුත්තේ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ලබාදෙන නිර්දේශ හා ක්‍රමවේදයන් අනුව බවත් එම ස්ථානයට ගොස් පරීක්‍ෂාවක නිරත වූ මහනුවර දිස්ත්‍රික් භාර භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පැවසීය.
ගොඩනැගිල්ල කඩාවැටීමෙන් අනතුරුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙන්ම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ද ඒ සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකර තිබේ.
විශේෂයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පිරිසක් මෙම ස්ථානයට ගොස් එම ස්ථානය හා අවට භූමිය පරීක්‍ෂාවට ලක්කර ඇත. මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති භූමිය අස්ථාවර භූමියක් බව කී බෝගහපිටිය මහතා මෙම කඩාවැටුණු ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ භූමියට ගැළපෙන විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව නොවන බව ද සඳහන් කළේය.
මෙම භූමිය තවදුරටත් අනතුරුදායක බැවින් ඒ ආසන්න තවත් ගොඩනැගිලි කිහිපයක පදිංචි කරුවන්ට එම ස්ථානවලින් තාවකාලිකව ඉවත් වන ලෙස ද දැනුම් දුන් බව ද ඔහු කීවේය.
මෙවැනි ස්ථානවල ගොඩනැගිලි ඉදිකරන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ අනුව කටයුතු කරන ලෙස දැනුම් දුන්නත් ඇතැමුන් එම නිර්දේශ නොතකා කටයුතු කරන බව බෝගහපිටිය මහතා ප්‍රකාශ කළේය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතාගෙන් මේ සම්බන්ධව කළ විමසීමක දී ඔහු පැවසුවේ මෙහි අත්තිවාරම භූමියට ගැළපෙන නිසි ප්‍රමිතිය අනුව ඉදිකර නොමැති බවයි.
ඒ හේතුවෙන් අත්තිවාරම බිඳී ගොස් ගොඩනැගිල්ල කඩා වැටී ඇතැයි ඔහු සඳහන් කළේය.
COMMENTS
මෙවැනි ගොඩනැගිලි සැලසුම් කල යුත්තේ භූ විද්‍යාඥයින් නොව සිවිල් ඉංජිනේරුවන්ය..
හැමදාම එකම බණ. ගොඩනැගිල්ලක් කඩාගෙන වැටුණොත් නිසි ප්‍රමිතියක් නැහැ. පස ස්ථාවරද? අස්ථාවරද? කියලා මිනිස්සු දන්නේ කොහොමද?
මෙය ඉදිකර ඇත්තේ ඉංජිනේරුවන්ටත් වඩා වැඩදන්නා කියලා හිතාගෙන ඉන්න අතිපණ්ඩිත මකබාස්ලා විසින්ය.
ලංකාවත් දැන් ඉන්දියාව වගෙයි... බිල්ඩින් ගහනවා. බලන් ඉදිද්දි කඩන් වැටෙනවා.... බලදරයෙක් නෑ... මොනා හරි වූනාට පස්සෙ තමයි රජයෙ නිලදාරින් උත්තර දෙන්නෙ.... බිල්ඩිමක් ගහද්දි අඩු ගානෙ පැලක් ගහද්දිත් පගා ගන්න පස්සෙන් එනවා නීතිය ගැන කියව කියවා .......
පහුගිය අවුරුදු දෙක තුල රට තුල ඔය අන්දමින් කඩා වැටුනා, මම දන්න හතරවැනි ගොඩනැගිල්ල මේ.
ඒකට වග කියන්න ඕන අහිංසක පොඩි එකියත් මහ මිණිස්සු දෙන්නත්ද? නුවර නගර සභාව ඇතුළු නිළධාරිනගේ ඇස් පොට්ට වෙලා තිබුනද තට්ටු 5ක් හදනකම්? මේ වගේ තව ගොඩනැගිලි කීයක් නුවර තියෙනවද?
ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ගැනීම ආයතන කීපයකින් කලයුතුව ඇතත් ඔවුන් නිර්දේශ දුන්නත් එම නිර්දේශ ක්‍රියාත්මක කර නැහැ කියන කිසිවෙක් ඉදිකරන අවස්ථාවේ පරීක්ෂා කිරීමක් කරන්නේ නැහැනේද.?
ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ගැනීම ආයතන කීපයකින් කලයුතුව ඇතත් ඔවුන් නිර්දේශ දුන්නත් එම නිර්දේශ ක්‍රියාත්මක කර නැහැ කියන කිසිවෙක් ඉදිකරන අවස්ථාවේ පරීක්ෂා කිරීමක් කරන්නේ නැහැනේද. එහෙම පරීක්ෂා කිරීමක් කලානම් මෙහෙම නෙවෙන්න තිබුනා කියලා මටනම් හිතෙනවා.
මේ ගෙදර බස්නායක නිලමේ කෙනෙක්ට අයිති කිව්වා නේද.? ගොඩක් වෙලාවට මේකට කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
වීඩියෝ දර්ශන සහ ඡායාරූප අනුවනම් මෙය අඩු වියදම් ඉදිකිරීමක් නොවේ. කඩා වැටීමට සැබෑ හේතුව ඉංජිනේරුවන් පැහැදිලිකල යුතුය. කඩාවැටීමට හේතුව ඉදිකිරීම් ගැටළුවක් නොවේනම් මෙය නැවත සිදුවීමට වැඩි ඉඩක් ඇත.
ඔය කඩාගෙන වැටුණු පස්මහල් ගොඩනැගිල්ල කිසිම ප්‍රමිතියකට අනුකුලව හැදුව එකක් නොවෙයිලු. මේ අහිංසකයින් තුන් දෙනාගේ මරණවලට කෙලින්ම වගකිව යුත්තේ කඩා වැටුණු ගොඩනැගිල්ල හිමිකරු යයි කියනා "නොමිනිසායි". ගොඩනැගිල්ල ඉරිතලා ගියපසු අවට කිසිවෙකුටත් නොකියා සිය දරු පවුල සමග පැනගිය මේ නරුමයා හිටපු බස්නායක නිලමේ කෙනෙක්ලු. ඒ වගේම ඔහු රජයටත්, පොලිසියටත් බොහෝ කිට්ටු සම්බන්ධතා ඇති මොලය ඉදිමුණු කෙනෙක් බවටත් ආරංචියි. ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ප්‍රමිතියට අනුකූල නොවන ලෙස මේ ගොඩනැගිල්ල සැදු කොන්ත්‍රාත්කරුත්, ඔහුගේ ඉන්ජිනේරුවනුත් මේ විනාශයට වගකිව යුතුමයි. ඒ වගේම ඔය පැනලා ගිය නරුමයා "දැනදැනම මිනිස් ජීවිත 3ක් අනතුරේ දැමීම" යන චෝදනාව යටතේ පොලිසියේ අත්අඩංගුවටවත් පත්වේවිද...? නීතිය අයාලේ යන රටක යුක්තිය සාධාරණය යන උතුම් දේවල් " වචන" පමණක්ම නොවේවි යයි කාට කියන්න හැකිද? අවාසනාවන්ත ලෙස මියගිය ඒ දරු පවුලට මම පින්දෙනවා. ඉපදෙන කිසිම භවයකදී මෙවැනි අකල් මරණයකට පත්නොවේවා... ඔබලා තුන් දෙනාටම නිවන් සැප ලැබේවා.!!! ඔබලා අනතුරේ දමා පැනගිය ඒ "නොමිනිසා" අපාගත වේවා..!!!
කෝටි ගණන් වලට මන්ත්‍රීලා සල්ලි ගන්න රටක් හදපු පාලකයෝ ඉන්න රටක මේ ගොඩනැගිගි පාස් කරන මිනිස්සු සල්ලිවලට යටවෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්ද? දැක්කනේ ලොක්කා සිංහරාජේ පාර හදන්න නියෝග දුන් හැටි..?
ඕක කියන්ට භූ විද්‍යාඥයෙක් ඕනේ නැහැ. ඔය බැවුමේ තට්ටු 5ක ගොඩනැගිල්ලක බරක් ඔරොත්තු දෙන්නේ නැති බව 11 වසර සමත් කෙනෙකුට කිව හැකියි.
ඔය නුවර තියෙන සමහර ගොඩනැගිලි වල ප්‍රමිතිය ගැන නම් කියලා වැඩක් නැහැ... පර්චස් 5ක් වැනි කුඩා ඉඩම් කෑල්ලක,"පිට්ටු බම්බුව" වගේ උසට උසේ ඔහේ ලොජ් හදාගෙන යනවා. "ගෙස්ට් හවුස් " කියලා තව එකක්. දැන්වත් බලධාරින් මේවාවල ප්‍රමිතිය ගැන හොයලා බැලුවොත් හොඳයි. අශ්වයා පැනලා ගියාට පසුව ඉස්තාලය වැහුවාට වැඩක් නැහැ.. කාගේදෝ පවකට තම සිඟිති දියණිය සමඟ දිවි අහිමි වූ ඒ අහිංසක පවුලට කිසිම භවයක මෙවන් විපතක් නොවේවා..! මේ අපරාදයට වග කියන අයට ස්වභාව ධර්මයෙන්වත් දඬුවම් ලැබෙනවා නියතයි. මිය ගිය සියලු දෙනාට නිවන් සුවය අත් වේවා..!